කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 6,506.03 ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 18.10 ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ද දිනය අවසානයේ දී පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 19.87 කින් පහළ ගොස් ඒකක 3,734.21 ක් ලෙසින් සටහන් විය. අද…
අද (09)දින ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතවල තවදුරටත් පහළ යාමක් වාර්තා වී තිබේ. මේ අනුව දින 91 බිල්පත් පොළිය 9.03% සිට 8.87% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 9.16% සිට 9.02% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 9.48% සිට 9.38% දක්වා ද පහළ ගොස්…
පසුගිය ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 205,482 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවක සඳහන් වේ. මේ අනුව 2017 වසරේ පළමු මාස 07 තුළ දී 1,215,926 ක සංචාරකයින් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය 2016 වසරේ පැමිණි සංචාරකයින් ප්‍රමාණය වූ 1,173,618 හා සැසඳීමේ දී සියයට 3.6 කි….
ශ්‍රී ලංකාවට ආධාර සහ ආයෝජන ලබා දෙන ප්‍රධාන රාජ්‍යයක් බවට චීනය පත්ව තිඛෙන බවත් කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ආයෝජන වැනි රාජ්‍ය මට්ටමේ විශාල පරිමාණ ආයෝජනයන්ට අමතරව චීන පෞද්ගලික අංශයේ සමාගම් හරහා මෙරටට ලැඛෙන ආයෝජනද වැඩි වෙමින් පවතින බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතා පවසයි. ලංකාව චීනයේ එක් තීරයක්-එක් මාවතක් (One…
අද (09) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 30,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් කැඳවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී. මෙහිදී දින 91, දින 182 හා දින 364 යනාදී පරිණත කාලයන්ගෙන් යුතු භාණ්ඩාගාර බිල්පත් පිළිවෙලින් රුපියල් දශ ලක්ෂ 2000, 15000 හා 13000 බැගින් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට…
නාගරික සංවර්ධන අධිකාරිය විසින් පිළියෙල කරනු ලැබ ඇති නව සංවර්ධන සැලැස්මට අනුව, නේවාසික, වාණිජ, විවේක, විනෝද කටයුතු හා පොදු පහසුකම් සහිත අංග සම්පූර්ණ තිරසර නාගරික ප්‍රදේශයක් ලෙස කොළඹ, නාරාහේන්පිට, කිරිමණ්ඩල මාවත ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එකී සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා එම ප්‍රදේශයේ පිහිටි විවිධ රජයේ ආයතන විසින් භුක්ති විඳිනු ලබන ඉඩම් යොදා ගැනීමටත්,…
ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මැයි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මැයි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…
මෙරට වාර්ෂික ලෙලි කජු ඉල්ලුම මෙට්‍රික් ටොන් 20,000ක් වන නමුත් වසරකට මෙරට නිපදවනු ලබනුයේ ලෙලි කජු මෙට්‍රික් ටොන් 10,000ත් 12,000ත් අතර ප්‍රමාණයකි. දේශීය වෙළඳ පොළ තුළ පවතින ලෙලි කජු හිඟය කජු සැකසීමේ නියුතු පවුල් විශාල සංඛ්‍යාවකගේ ජීවනෝපාය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. ඒ අනුව, දේශීය වෙළඳ පොළ තුළ ලෙලි කජු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කෘෂිකර්ම…
2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය භූතානය හා චීන මූල්‍ය බුද්ධි ඒකකයන් සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළැඹ තිබේ. මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදීන්ට මූදල් සැපයීමට අදාළ ව පරීක්ෂණ හා නඩු පැවරීම්වලට අදාළ මූල්‍ය තොරතුරු හුවමාරු කරගැනීම මෙම අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ මූලික පරමාර්ථයන් වේ. ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි…
ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙම වසරේ පළමු මාස හය තුළ අනිකුත් සමාගම් සමඟ සැසඳීමේ දී ස්ථාවර විශිෂ්ට තත්වයේ කාර්ය සාධනයක් වාර්තා කර ඇත. ගෝලීය පියාසර දත්ත ලබාගන්නා Flightstats.com විසින් සිදු කළ නවතම සංඛ්‍යා ලේඛන වලට අනුව , ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වන ස්ථානයට ශ්‍රීලංකන් ගුවන් සමාගමට හැකියාව ලැබී…
Video Story