නාගරීකරණය හේතුවෙන් නගරයට සංක්‍රමණය වන අයවළුන්ට, රැකියා කරන්නන් සහ තරුණ පවුල් වෙත දැරිය හැකි මිලකට කුලී නිවාස ලබා දීමේ අවශ්‍යතාවය සලකා බලා කුලී නිවාස වෙළඳ පොළෙහි කටයුතු වඩාත් ප්‍රශස්තව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබ තිබේ. එම කමිටුවේ නිර්දේශ පරිදි කුලී නිවාස වෙළඳ පොළ නියාමනය, කුලී නිවාස සැපයීම…
ඉදි කිරීම, අයිතිය හා පවත්වාගෙන යාම යන පදනම මත මෙගා වොට් 10ක සූර්ය බලාගාරයක් පොළොන්නරුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වී ඇත. එසේ වුවත්, එම ප්‍රදේශයෙන් සුදුසු ඉඩමක් සොයාගැනීමට අපහසු වූ බැවින් වාලච්චේන ග්‍රිඩ් උපපොළ ආසන්නයේ තිබූ සුදුසු ඉඩමක මෙම බලාගාරය ස්ථාපිත කිරීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන…
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම පිණිස දෙරටෙහි නැව් සංස්ථා අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගනු ලැබ තිබේ. බංග්ලාදේශය සතුව ඇති ප්‍රධානතම වරාය වන චිතගොං වරායෙහි පවතින සීමිත පහසුකම් හේතුවෙන් සහ නොගැඹුරු බව හේතුවෙන් ප්‍රධාන නාවික සේවාවල යාත්‍රාවන් එම වරායට නොපැමිණේ. එබැවින් බංග්ලාදේශයේ ආනයන හා අපනයන නාවික භාණ්ඩ බොහොමයක් සිංගප්පූරු,…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය බෙදාහැරීමේ කාර්යය සඳහා භාවිත කරනු ලබන ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝමීටර 2,500ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,456.2ක මුදලකට M/s. ACL Cables PLC වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තැන්පත්කරුවන්ගේ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරු ව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ මුළු තැන්පතු වගකීම්වලින් සියයට 10ක් තැන්පත්කරුවන් වෙත ගෙවීමට, ආයතනය වෙත උපදෙස් ලබා දී ඇත. මෙම ගෙවීම 2018.07.10 දින ආරම්භ කෙරෙනු ඇත. මෙම ගෙවීම් සැලැස්ම පිළිබඳ විස්තර තැන්පත්කරුවන් වෙත ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය විසින් ඉක්මනින් දැනුම් දෙනු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා මධ්‍යම තැන්පතු ගිණුම් (CDS) විවෘත කිරීමේ දී ආයෝජකයින්ගේ දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳ විමසීමට මේ වන විට පියවර ගෙන තිබේ. මධ්‍යම තැන්පතු ගිණුම් විවෘත කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් සිදුකරනු ලබන අතර අදාළ අයදුම් පත්‍රයේ KYC (KNOW YOUR CURTOMER) කොටසින් මීට අදාළ විමසීම් සිදුකරනු ලැබේ. ඊට අනුව රජයේ හෝ ආණ්ඩුවේ නායකයන්,…
2018 ජූනි මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 9,247.45 ක් දක්වා ඩොලර් මිලියන 434.53 කින් ඉහළ ගොස් ත්බේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ විදේශ විනිමය සංචිතය පසුගිය මැයි මස අවසානයේ දී පැවති ඩොලර් මිලියන 7,904.85 සිට ඩොලර් මිලියන 8,377.22 ක් දක්වා ඩොලර් මිලියන 472.37…
ගෝලීය වටිනාකම් දාමයන් සමග සහ සම්බන්ධවීම, සියළු සමාජ කොටස් අන්තර්ගත කර ගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි යැයි සිංගප්පූරුවේ දී ඊයේ (09 වන දා) ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන්…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක සහ රඹුක්කන යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 25,000කට අවශ්‍ය භූගත පානීය ජල පහසුකම් ලබා දීම සඳහා වන හෙම්මාතගම ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා නෙදර්ලන්ත රජය සහන ණය මුදලක් ලබා දේ. මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්…
මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දියත් වන මාළඹේ සිට කොළඹ කොටුව දක්වා දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ වීඩියෝවක් මේ වන විට නිකුත් වී තිබේ. ජයිකා ආයතනයේ ආධාර මත ක්‍රියාත්මක වන මෙම LRT සැහැල්ලු දුම්රිය මාර්ගය බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල , අක්ෂි රෝහල සහ ගාමිණි හෝල් හරහා දිව යන්නකි. කොළඹ රථවාහන තද බදය අවම කිරීමේ අරමුණින්…
Video Story