2018 පළමු මාස 06 තුළ දී ශ්‍රී ලංකාවටඩ පැමිණ තිබෙන සංචාරකයින් සංඛ්‍යාව 1,164,647 ක් බව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කර සිටී. මෙය පසුගිය 2017 වසරේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවට පැමිණි 1,010,444 ක්වූ සංචාරකයින් ප්‍රමාණය හා සැසඳීමේ දී 15.3% ක ඉහළ යාමකි. මේ අතර පසුගිය ජූනි මාසයේ දී 146,828 ක විදෙස් සංචාරකයින්…
ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ සමාගමක් වන Yahoo හි විද්‍යුත් තැපැල් පද්ධතිය, ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරුවේ බිඳ වැටීමකට ලක්ව තිබේ. මේ සම්බන්ධයෙන් Yahoo සිය විද්‍යුත් තැපැල් වේදිකාවට පිවිසීමේ දී නිවේදනය කර සිටිනුයේ සිය තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී සිටින බවත්, ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන ලෙසත්ය. මේ අතර Yahoo විසින්…
සමාගම්වල ලාභය සඳහා පිරිවැය අඩුකරගැනීම ප්‍රධානම ගැටළුව වී තිබුණු බවත්, මීළග අවුරුදු 5 සඳහා තම සමාගම්වලට යොදා ගනු ලබන පිරිවැය පාලන හා තාක්ෂණික වැඩසටහන් නිසා ආර්ථිකය කුමන මට්ටමට පැමිණියත් තම සමාගම්වලට ගැටළුවක් වන්නේ නැති බවත් වැලිබල් වන් පීඑල්සී සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පැවසීය. අද (04) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ සීනුව නාද…
මධ්‍යම අධිවේගී මාර්ගයේ 3 අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කිලෝමීටර 32.5ක මාර්ග කොටස ජපාන බැංකුවල මූල්‍යකරණය යටතේ ඉදි කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය වන ජපාන යෙන් බිලියන 100ක අරමුදල් සලසා ගැනීමට ජපානයේ MUFG, Ltd බැංකුව සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
නාගරික සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයන් සිදු කිරීම, සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘති කටයුතු කඩිනම් කිරීම සඳහා වන ප්‍රසම්පාදන කාර්යයන් සිදු කිරීම හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ආයතනවල හැකියාවන් වර්ධනය කිරීම මඟින් ව්‍යාපෘති සූදානම ශක්තිමත් කිරීම යෝජිත නාගරික ව්‍යාපෘති පෙර සූදානම් පහසුකම මඟින් අපේක්ෂා කෙරේ. එමඟින් පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන…
රටක් සංවර්ධිත රටක් ලෙසින් හැඳින්වීමට නම් එම රටේ ඒක පුද්ගල ආදායම ඩොලර් 12,650 මට්ටමට පැමිණිය යුතු බවත්, තවත් වසර තුනකින් කොළඹ නගරයේ ඒක පුද්ගල ආදායම මෙම මට්ටම සාක්ෂාත් කර ගනු ඇති බවත් වැලිබල් වන් පීඑල්සී හි සභාපති/ කළමනාකාර අධ්‍යක්ෂ ධම්මික පෙරේරා මහතා පවසයි. අද (04) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින්…
ව්‍යසායකත්වය රට දියුණු කිරීමේ එන්ජිම බවට පත් කළ යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලාංකිකයන්ගේ ජානවල ඇති ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා හඳුන්වා දී ඇති එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ඒ සඳහා සුවිශේෂ කාර්යයක් ඉටු කරනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. මංගල සමරවීර මහතා මේ බව කියා සිටියේ මාතර ශාන්ත තෝමස් පිරිමි විදුහලට වසර 175 සපිරීම…
ජෙගන් දුරෙයිරත්නම් මහතාගෙන් හිස්වූ ධූරයට එස්. රෙන්ගනාදන් මහතා ද, රෙන්ගනාදන් මහතා සිටි තනතුරට සනත් මනතුංග මහතා ද පත් කෙරෙයි කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා ලෙස වෘත්තීය බැංකුකරුවන් දෙදෙනෙකු 2018 ජූලි 27 වනදා සිට බලපැවැත්වෙන පරිදි පත්කර තිබෙන බව බැංකුව නිවේදනය කර ඇත. මේ අනුව, කොමර්ෂල් බැංකුවේ වසර 37 ක් සේවය කළ සිවක‍්‍රිෂ්ණරාජා…
1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව 2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරන ලදී. මෙම 2019 නිවාඩු ලේඛනයට අනුව ප්‍රධාන පෙළේ නිවාඩු දින බොහෝමයක්, සති අන්තයට යෙදී තිබීම විශේෂත්වයකි. 2019 දුරුතු පුර පසළොස්වක පොහොය…
ශ්රී ලංකාවේ බි‍්‍රතාන්‍ය කවුන්සිලය මෙරට පාසල් සිසුන්ගේ ඉංග‍්‍රීසි භාෂා හැකියාවන් සම්බන්ධයෙන් පැවැත්වූ ‘English Impact Survey’ සමීක්ෂණයේ ප‍්‍රතිඵල එළිදැක්වීම පසුගියදා සිදුකෙරිණි. ජාත්‍යන්තර මට්ටමේ සමීක්ෂණයක් වන මෙය පවත්වන ලද්දේ ප‍්‍රථම වතාවට ය. සමීක්ෂණ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී ඒ සම්බන්ධ දත්ත සහ නිගමනයන් රැුස්ව සිටි පිරිස වෙත අනාවරණය කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පවත්වන ලද ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘතියක් වූ…
Video Story