Top News

ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දිනය වෙනුවෙන් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනය අනුව එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය රු. 301.12 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 සැප්තැම්බර් 26 දිනෙන් පසුව ඩොලරයේ මිල රු. 301 සීමාව ඉක්මවා ගිය දෙවැනි අවස්ථාව වන අතර පසුගිය අප්‍රේල් 10 වැනි දින එය රු. 301.20 ක් ලෙසින්…

(0)Comments | June 24, 2025 11:55 am

කොටස් වෙළෙඳපොළෙන් අද හොඳ ආරම්භයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ අද (24) උදෑසන ගනුදෙනු ආරම්භයේ මුල් පැය 1 1/2ක කාලය තුළ දී, සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 400ක් ඉක්මවූ කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වුණි. ඊයේ (23) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 322.55 ක කඩා වැටීමක් වාර්තා කළ පසුබිමක අද දින ගනුදෙනු ආරම්භයේ දී මෙලෙස වර්ධනයක් වාර්තා වීම සුවිශේෂී තත්ත්වයකි….

(0)Comments | June 24, 2025 11:07 am

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම් ආචාර්ය හර්ෂණ වැඩ භාර ගනී

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා අද පෙරවරුවේ වැඩ භාර ගත්තේ ය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කරනු ලැබූ අතර මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) පෙරවරුවේ…

(0)Comments | June 23, 2025 6:45 pm

කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩාවැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (23) දක්නට ලැබුණි. ඒ අනුව දිනයේ ගණුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 322.55කින් පහළ ගොස් ඒකක 16,765.40ක් ලෙසින් සටහන් විය. සියලු කොටස් මිල දර්ශකයේ මෙම කඩාවැටීමට සමාගම් 202ක් හේතු වී තිබූ අතර සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප් සහ හේලීස් යන සමාගම් මේ…

(0)Comments | June 23, 2025 4:41 pm

අවධමනය උද්ධමනයක් වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවෙහි සඳහන් වේ. 2025 අප්‍රේල් මාසයේ දී මෙම අගය වාර්තා වූ යේ -0.8% ක් ලෙසිනි. අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ…

(0)Comments | June 23, 2025 3:34 pm

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතු ඉඩම් අක්කර 3,000ක් ආයෝජකයින්ට විවෘත කිරීම මෙම සතියේ

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින භූමි ප්‍රදේශ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා යොදා ගැනීමටත් ඒවායේ ආයෝජනය කිරීම වෙනුවෙන් දේශීය සහ විදේශීය ආයෝජකයින් බොහෝමයක් සූදානමින් සිටින බවට හඳුනාගෙන ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාව තුළ ආයෝජකයින්වෙත විවෘත කිරීමට හැකි ඉඩම් අක්කර 3,000කට ආසන්න ප්‍රමාණයක් පවතින බවයි…

(0)Comments | June 23, 2025 2:03 pm

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර හයවැනි චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය අමතයි

2025 ජුනි 18 වැනි දින සිට 21 වැනි දා දක්වා චීනයේ යුනාන් පළාතේ කුන්මිංහි පැවති නවවැනි (9) චීන-දකුණු ආසියානු ප්‍රදර්ශන සම්මේලනයට සහ හයවැනි (6) චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදයට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහභාගී විය. මෙම වසරේ ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවට විශේෂයෙන්ම වැදගත් වන්නේ ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශන සම්මේලනයේ තේමා රාජ්‍යය ලෙස තෝරාගෙන තිබූ නිසාය. හයවැනි (6) චීන-දකුණු ආසියානු සහයෝගිතා…

(0)Comments | June 23, 2025 1:40 pm

ආචාර්ය හර්ෂණ මුදල් ලේකම් ධූරයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙසින් පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටී. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ…

(0)Comments | June 23, 2025 12:59 pm

ස්ථාවර ආයෝජන වාතාවරණයක් තුල ශ්‍රී ලංකාවේ සෘජු විදේශ ආයෝජනවල කැපී පෙනෙන වර්ධනයක් – ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය

ස්ථාවර සහ ආයෝජක හිතකාමී ආර්ථික පරිසරයක් ඇති කිරීම තුලින්, පෙර වසරට සාපේක්ෂව විදේශ සෘජු ආයෝජන (FDI) රට තුළට ගලා ඒමේ වර්ධනයක් දැකිය හැකි බව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආයෝජන වෙත පහසුකම් සැලසීම සඳහා සාර්ව ආර්ථික ස්ථායීතාවය සහ ස්ථාවර ප්‍රතිපත්ති රාමු ස්ථාපිත කිරීම සඳහා රජය දක්වන නොසැලෙන කැපවීම මත ජාත්‍යන්තර ආයෝජකයින්ගේ …

(0)Comments | June 23, 2025 10:46 am

අද මුල් පැයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෙසීයකින් පහළට

මේ වන විට මැදපෙරදිග කලාපය තුළ තීව්‍ර වී ඇති යුධමය වාතාවරණය ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර ලොව පුරා කොටස් වෙළෙඳපොළ ගණනාවක හැසිරීම නිරීක්ෂණයේ දී ඒ බව මනාව පැහැදිලි වේ. අද (23) පෙරවරුව වන විට ආසියානු කලාපයේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළ ගණනාවක තත්ත්වය පහත දැක්වෙන අතර ෂැංහයි කොටස් වෙළෙඳපොළ හැරෙන්නට සෙසු සෑම වෙළෙඳපොළකම පහළ…

(0)Comments | June 23, 2025 10:42 am