රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, ශල්‍යාගාරවල අවශ්‍යතාව සඳහා එක්වරක් පමණක් භාවිත කරනු ලබන, එක් එක් යුගලය වෙන් වෙන්ව විෂබීජහරණය කර ඇසුරුම් කරන ලද ජීවාණුහරිත ශල්‍යාගාර රබර් අත්වැසුම් යුගල (විවිධ ප්‍රමාණවලින්) 31,041,000ක් සැපයීම සඳහා වූ කොන්ත්‍රාත්තුව සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන, රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන, විෂබීජහරණය නොකළ වෛද්‍ය පරීක්ෂණ…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන කාල සටහන අනුව මගී සේවා සපුරා ලීම සඳහා බස්රථ 7,257ක් අවශ්‍ය වුවද, බස්රථ ඌනතාව හේතුවෙන් දැනට ධාවනයට යොදවනු ලැබ ඇත්තේ බස්රථ 6,000ක් පමණි. දැනට පවතින රථ ඇණියෙන් බස්රථ 1,560ක් වසර 15කට වඩා පැරණි ඒවා වන අතර, ඒවායෙහි නිරන්තර කාර්මික දෝෂයන් ඇති වීම හේතුවෙන් මගී අවශ්‍යතාවන් නිසි පරිදි සලසාලීමට ශ්‍රී ලංකා…
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රෝගාබාධ නිසා සිදුවන මරණ සඳහා හේතුවන දෙවන ප්‍රධාන සාධකය වශයෙන් පිළිකා රෝගය හඳුනාගෙන තිබේ. රෝගය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් පහසුකම් ශ්‍රී ලංකාව තුළ නොමැති වීම හේතුවෙන් ආර්ථික වශයෙන් හැකියාවක් සහිත රෝගීන් විදේශීය ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනු ලැබේ. පිළිකා රෝගය කල්තබා හඳුනාගත හැකි නම් ප්‍රතිකාර මඟින් රෝගීන්ගෙන් 1/3කට…
2018 මැයි 11 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ඩී.එම්.එන්.පී. කරුණාපාල, අදාළ තනතුරින් ඉවත් කර ඇති බව එම සමාගම් ලේකම්වරිය විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. ඔහුට ඇති විමර්ෂන කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව අදාළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් වේ. මේ අතර ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ…
මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා මාස 05 ක කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,017,819 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. මෙය පසුගිය වසරට වඩා 14.7% ක වර්ධනයකි. මෙහිදී 2018 මැයි මාසය තුළ දී 129,466 ක සංචාරකයින් ප්‍රමාණයක් මෙරටට පැමිණ ඇති අතර එය 2017 මැයි…
2018 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 150.0 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2017 වසරේ මාර්තු මාසයේ දී දරනු ලැබූ ඩොලර් මිලියන 74.5 ක රථවාහන ආනයන වියදම හා සැසඳීමේ දී 101.3% ක ඉහළ යාමකි. මේ අතර 2018 ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී රථවාහන ආනයනය සඳහා ශ්‍රී ලංකාව දරා ඇති මුළු…
ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් ආයතනය රුපියල් බිලියන 6.8 ක දැවැන්ත ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාවක් මෙම වසර සඳහා ප‍්‍රකාශයට පත්කර ඇති අතර මෙය ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ මෙතෙක් කල් ප‍්‍රකාශ කර ඇති විශාලතම ප‍්‍රසාද දීමනාවයි. මෙම වාර්තාගත ප‍්‍රසාද දීමනාව ශී‍්‍ර ලංකා ඉන්ෂුවරන්ස් තම ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ලබා දෙන්නේ වසර 2017දී ලබා දුන් ජීවිත රක්ෂණ ප‍්‍රසාද දීමනාව…
ලෝක බැංකුවේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව (IFC) විසින්, මෙරට ප්‍රමුඛතම නව්‍ය තාක්ෂණය පදනම් කර ගත් ප්‍රවාහන සේවා සපයන ආයතනයක් වන PickMe හි ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක හිමිකම් ආයෝජනයක් සිදුකරනු ලබන බව නිවේදනය කර සිටී. ස්මාර්ට් ජංගම දුරකතන ඇප් හරහා ත්‍රීරෝද රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථ දක්වා විවිධ පරාසයන් හි ප්‍රවාහන විසඳුම් PickMe…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් 2018 වසර සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ හතරවන වගන්තිය (Article IV) සම්බන්ධ සාකච්ඡා අවසන් කර, තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ සිව්වන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, ඒ අනුව විශේෂ ගැනුම් හිමිකම් මිලියන 177.774 ක (දළ වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 252 ක) පස්වන වාරිකය මුදා හැරීම අනුමත කළේ…
කොළඹ නගරය තුළ ඉහළම ඉඩම් වටිනාකමක් ඇති ප්‍රදේශ ලෙසින් දෙහිවල, නාවල හා රාජගිරිය හඳුනාගෙන තිබේ. LankaPropertyWeb.com විසින් සිදුකරන ලද නවතම අධ්‍යයනයකින් මෙම තොරතුරු අනාවරණය වේ. මේ අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ සාපේක්ෂව අඩුම ඉඩම් මිලක් පවතින ප්‍රදේශ ලෙසින් ඉංගිරිය, පාදුක්ක හා කොස්ගම වාර්තා වේ. මෙම අධ්‍යයනයට අනුව දෙහිවල, නාවල හා රාජගිරිය යන ප්‍රදේශවල ඉඩම් පර්චසයක මිල රුපියල්…
Video Story