ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ලාෆ්ස් ගෑස් පීඑල්සී හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් පත්කර තිබේ. ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සමූහ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් මේ පිළිබඳව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙම පත්වීම 2018 මැයි 25 දින සිට බලපැවැත්වෙන බවයි.
ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ දේශමාන්‍ය අමරානන්ද සෝමසිරි ජයවර්ධන මහතා ඊයේ (29) අභාවප්‍රාප්ත විය. මියයන විට එතුමා 82 වියෙහි පසුවිය. 1995 නොවැම්බර් සිට 2004 ජූනි දක්වා මහ බැංකු අධිපති ධුරය හෙබවූ ජයවර්ධන මහතා ශ‍්‍ර‍්‍රී ලංකා මහ බැංකුවේ 10 වන අධිපතිවරයා ය. 1958 ශ්‍රී මහ බැංකු සේවාවට එක් වූ ඒ මහතා මහ බැංකුවේ ලේකම්…
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කර ලද ශ්‍රී ලංකාවේ නවතම සිතියම හෙට (31) ප්‍රකාශයට පත් කෙරේ. කොළඹ අලුතින් ඉදිවන වරාය නගරය ද ඇතුළත් කිරීම නිසා ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 2කින් වැඩි වී ඇතැයි මිණුම්පති ජනරාල් පී.එම්.පී. උදය කාන්ත මහතා පවසයි. එමෙන් ම මොරගහකන්ද ඇතුළු වාරි ව්‍යාපෘති ගණනාවක් ද මෙම සිතියමට ඇතුළත් කොට තිබේ. නව ශ්‍රී…
වර්තමානයේ දී මෙරට ජනගහනය මිලියන 22 කට ආසන්න වී ඇති බවත්, මේ වන විට ශ්‍රී ලංකාවේ සියලූම බැංකුවල ඇති සමස්ත ගිණුම් ප්‍රමාණය මිලියන 10-12 ක් අතර වන බවත් කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා පවසයි. අද දෙරණ Biz 24×7 සමඟින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ධීරසිංහ මහතා මේ බව කියා සිටියේය. “බැංකුවල ගිණුමක් විවෘත කිරීම මූලික කටයුත්තක්….
ශ්‍රී ලංකාවට මුදල් වැඩිවශයෙන් ලැබෙන්නේ ඉන්දියාව මෙරට ක්‍රිකට් තරඟයකට සහභාගී වන අවස්ථාවක දී බවත්, තමන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලාභ ලැබීම පමණක් නොවන බවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා වත්මන් කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ වර්තමානයේ උද්ගතවී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීම සඳහා අද (30) දින කැඳවා…
2018 වසරේ පළමු කාර්තුව තුළ දී කොළඹ වරාය තුළට twenty foot equivalent units (TEUs) මිලියන 1.7 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙය පෙර වසරේ අදාල කාර්තුවට වඩා 16.2% ක ඉහළ ප්‍රමාණයක් බව වරාය අධිකාරිය වැඩිදුරටත් කියා සිටී. මේ අතර කොළඹ වරායේ ප්‍රතිඅපනයන ධාරිතාව TEUs මිලියන 1.32 ක් දක්වා 20.9% කින් පළමු…
ක්‍රීඩකයින් හෝ තරඟ නිලධාරීන් හට තරඟයක් අතරතුර දී ස්මාර්ට් අත්ඔරලෝසු පැළඳීම තහනම් බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මාධ්‍ය නිවේදනයක් මගින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව කියා සිටී. එම නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වන්නේ ක්‍රීඩක හා තරඟ නිලධාරී නියාමනයන්ට අනුව (Player and Match Officials Area (PMOA) Regulations) තරඟය පැවැත්වෙන බලප්‍රදේශය තුළ දී ස්මාර්ට් අත්ඔරලෝසු පළඳා ක්‍රිඩා කිරීමට…
සතුන් සහ වෘක්ෂලතා සඳහා ආයතනික ප්‍රතිපත්තිය එළිදැක්වේ ශ්‍රීලංකන් ගුවන් සමාගම එහි ගෝලීය සංරක්ෂණ ප්‍රයන්තයන් හි මූලික පියවරක් වශයෙන් 2018 මැයි මස 22 වැනිදා ශ්‍රීලංකන් ගුවන් යානාවන් හි සතුන් සහ ශාක ගුවනේ රැගෙන යාම සම්බන්ධයෙන් ආයතනික ප්‍රතිපත්තිය දියත් කිරීමට කටයුතු කරන ලදී. එමගින් ජීව විශේෂ ජාවාරම පිටුදැකීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමටද අපේක්ෂිතයි. …
ප්‍රාග්ධන වෙළෙඳපොළක දෛනික කටයුතු පිළිබදව අවබෝධයක් ලබාදීමට සහ ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ කටයුතුවල නිරන්තරයෙන් නියැලෙන සමාගම්වල කාර්ය මණ්ඩල පිරිස් අතර දැනුම පුළුල් කිරීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව විසින් වැඩමුළු මාලාවක් සංවිධානය කොට ඇත. මෙහි ප්‍රථම අදියර ලෙස සමාගම් ලේකම්වරුන් ඉලක්ක කරගත් වැඩමුළුවක් පසුගියදා පැවැත්විණි. මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි කාර්යභාර්ය, සමාගම් පනතෙහි අන්තර්ගත ප්‍රාග්ධන වෙළෙඳපොළ සම්බන්ධ විශේෂ…
2018 අය වැය අයවැය යෝජනා අනුව, ඖෂධ නිෂ්පාදන කර්මාන්තය, කිරි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ ව්‍යාපාර යනාදිය සඳහා ප්‍රාග්ධන භාණ්ඩ ආනයනයේදී බදු සහන ලබා දීම හා රේගු නිශ්කාෂණයේදී ඇතිවන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා පහසුකම් සැලසීම යෝජනා කරනු ලැබ තිබේ. එකී කර්මාන්තයන් ස්ථාපිත කිරීම හෝ පුළුල් කිරීම සඳහා වන ප්‍රාග්ධන භාණ්ඩ…
Video Story