ආර්ථිකය ලිහිල් කිරීම,රජයේ දැක්ම බවත් නැව් ක්ෂේත්‍රය ලිහිල් කරමින් ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය වීමේ ඉලක්කයක් තිබෙන බව රාජ්‍ය ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසී ය. ප්‍රතිපත්තියක් ලෙස රජයේ දැක්ම තමයි ආර්ථිකය ලිහිල් කරලා. නැව් ක්ෂේත්‍රය ලිහිල් කරලා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය කරන්න ඉලක්කයක් තිබෙනවා. ඉන්දියානු කලාපයේ වර්ධනය…
2017 සැප්තැම්බර් මාසය තුළ දී ඉන්ධන ආනයනය සඳහා දරා ඇති වියදම ඇමරිකානු ඩොලර් මිලියන 298.5 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2016 සැප්තැම්බර් මාසයේ දී ආනයනය කර ඇති ඉන්ධන සඳහා දරා ඇති මුළු වියදම වන ඩොලර් මිලියන 176.3 හාසැසඳීමේ දී 69.3% ක ඉහළ යාමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී බොරතෙල් ආනයන වියදම ඩොලර්…
ඔක්කොම කුණු බේරෙට සංකල්පය ඉවත් කරමින් ඉදිරියේ දී බේරේ වැව අවට කාලපය රන්මසු පුරයක් බවට පත්වන බවත් රන්මසු පුර වැඩපිළිවෙළ සැලසුම් 5 ක් යටතේ නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුමට උපදේශන සහාය සිංගප්පූරුවෙන් ලබාගනිමින් ක්‍රියාත්ත්මක කිරීමට කටයුතු කරන බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක…
2017 සැප්තැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.2 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය විය. මේ අතර බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළත් මුළු විදේශීය වත්කම් ආනයනික මාස 5.6 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6 ක් විය.
ශ්‍රී ලංකා රුපියල 2017 නොවැම්බර් 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.5 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය විය. තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය විය.
පෙර වසරේ අනුරූප කාලපරිච්‍ඡේදයට සාපේක්ෂව 2017 සැප්තැම්බර් මාසයේ දී වෙළෙඳ හිගය පුළුල් වූ අතර, 2017 පළමු මාස නවය තුළ දී ද වෙළෙඳ හිගය පුළුල් විය. රට තුළ පැවතිනියං තත්ත්වය හේතුවෙන් අතිරේක ආනයන වියදමක් දැරීමට සිදුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
හයිබ්‍රිඩ් සහ විදුලි වාහන සඳහා ලීසිං පහසුකම් ලබාගැනීමේදී මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළ සහනය පාරිභෝගිකයින්ට ලබාදීම ප්‍රමාද වී තිබෙන බවත් මෙවැනි වාහන මිලදීගැනීමට කටයුතු කරමින් සිටින පාරිභෝගිකයින්ට සහනයක් ලෙස එය ඉක්මනින්ම ක්‍රියාත්මක කරන ලෙසත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ…
ඕස්ට්‍රේලියාවට ඇතුළත් වීම සඳහා කවරාකාරයේ හෝ වීසා වර්ගයක් ඉල්ලුම් කරන විට ඒ සඳහා ලබා දිය යුතු සියලු තොරතුරු සත්‍ය ඒවා විය යුතු බවත් එසේ නොමැති වුහොත් වසර 10 ක් යන තෙක් යළිත් වරක් වරක් කිසිම ආකාරයක ඕස්ට්‍රේලියානු වීසා වර්ගයකට අයදුම් කළ නොහැකි වන සේ නීති පැනවීමටත් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මේ…
ලොව මිල අඩුම වාහනය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථයේ ඉලෙක්‍ට්‍රික් මාදිලිය හෙට (28) දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හයිද්‍රාබාද් නුවර දී හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී. වසර 2030 වන විට භාවිතයේ පවතින සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා බවට පත් කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම පෙරළිකාර හඳුන්වාදීම සිදුකිරීමට නියමිතය….
කෘෂි අපනයනය ඉහළ නැංවීම සහ අපනයන ආදායම 2020 වසර වන විට දෙගුණ කිරීමට අගය දාම සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය. මෙම ව්‍යාපෘති යටතේ කෘෂි අධිකලාප 23ක් සහ තාක්ෂණ කලාප 10ක් ආරම්භ කර නව රැකියා උත්පාදනයට මඟ සකස් කරන බවත් රැකියා දසලක්ෂයක් බිහිකිරීමේ අග්‍රාමාත්‍යවරයාගේ සංකල්පයට සමගාමිව…
Video Story