බත්තරමුල්ල, මාලබේ, අතුරුගිරිය යන ප්‍රදේශවලට සහ පිටත වටරවුම් මහාමාර්ගයට සම්බන්ධතාව සපයමින් නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන මංතීරු හතරකින් සමන්විත කණු මත ඉදි කරනු ලබන මහාමාර්ගයක් (Elevated Highway) ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතියේ II අදියර වශයෙන් රාජගිරිය සිට අතුරුගිරිය දක්වා වන කොටස ඉදි…
ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සහ ජපාන රජය සමඟ ඒකාබද්ධව කොළඹ, කෙරවළපිටිය ප්‍රදේශයේ ද්‍රවීකරණය කරන ලද ස්වාභාවික වායු පර්යන්තයක් සහ පාවෙන ස්වාභාවික වායු පර්යන්තයක් ස්ථාපිත කිරීමටත්, විදුලි ජනන කටයුතු සඳහා එම ස්වාභාවික වායු බෙදා හැරීමේ යටිතල පහසුකම් ස්ථාපනය කිරීමටත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබ තිබේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලබන හවුල් ව්‍යාපාරයෙහි…
2017 දෙසැම්බර් 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී කොමර්ෂල් බැංකුව අගය එකතු කිරීමේ බදු (VAT) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) ගෙවීමට පෙර රුපියල් බිලියන 28.064 ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය පෙර වසරට වඩා 18.14%ක වර්ධනයකි. මෙම වර්ධනයට කැපී පෙනෙන ලෙස දායක වී තිබෙන්නේ ‘සුපිරිසිදු බැංකුකරණය’ ට අදාළව බැංකුව විසින් පවත්වාගෙන යන…
රාජ්‍ය අංශයේ සේවකයන්ට වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමට ලබා දී ඇති අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දිය යුතු බවත් ඒ සම්බන්ධව පවතින ගැටලු සාකච්ඡා කිරීමට රජය සුදානම් බවත් කම්කරු හා වෘත්තීය සමිති සබඳතා සහ සබරගමු සංවර්ධන අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළ කලේ පසුගියදා පැවති ජාතික කම්කරු උපදේශන සභාවේදීය. කම්කරු අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. පෞද්ගලික අංශයේ…
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. මේ සඳහා 2018 ජනවාරි 01 දිනට වාර්ෂික පිරිවැටුම රු. මිලියන 750 ට අඩු සහ සේවක සංඛ්‍යාව 300 ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට ISO 9001, ISO 14001, ISO 22000, ISO 50001 ජාත්‍යන්තර සහතික ලබා ගැනීම සඳහා අනුග්‍රහය ලබා දීමට…
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 0.90 ක පහළ යාමක් වාර්තා කළ අතර එය ඒකක 6,559.42 ක් වශයෙන් වාර්තා විය. මේ අතර රුපියල් බිලියන 2.22 ක පිරිවැටුමක් අද දින ගනුදෙනුවලින් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයක් ලබා දෙන ලද්දේ සම්පත් බැංකුවේ කොටස් ගනුදෙනුවකි. විදේශීය…
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී යටතේ පැවති ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම Allianz SE වෙත විකුණා දැමීමේ කටයුතු ඊයේ (26) දිනයේ දී අවසන් කරන ලදී. මෙම ගනුදෙනුවට අනුව රුපියල් බිලියන 16.39 (රු. 16,393,731,505.00) ක් ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑඑල්සී වෙත ලැබී තිබේ. මේ අතර ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් සතුව පැවති රුපියල් බිලියන 2 කට ආසන්න (රු. 1,997,087,274.00) වටිනාකමකින් යුතු වූ සියලු…
නොවැළැක්විය හැකි හේතූන් මත යානා කිහිපයක අද (27) දිනයේ ගුවන් ගමන් ප්‍රමාද කිරීමටත්, හෙට (28) දිනයේ දී අවලංගු කිරීමටත් සිදුව ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර සිටී. මේ අනුව අද දිනයේ දී යානා 8 ක ගුවන් වාර ප්‍රමාද වන අතර හෙට දිනයේ දී යානා 4 ක ගුවන් ගමන් අවලංගු කර තිබේ. පහත දැක්වෙන්නේ ශ්‍රීලංකන්…
දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ උන්නතිය සඳහා වන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ට දායකත්වය අගයනු වස් වාර්ෂිකව සංවිධානය කරන “ජාතික ඉදිකිරීම් සම්මාන උළෙළ 2017” ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් 08 දනෙකු වෙත විශිෂ්ටතා සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. මේ අතර දේශීය කොන්ත‍්‍රාත්කරුවන් විසින් විදේශීය…
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 2 සිට මිලියන 4 දක්වා වැඩි කිරීමට නම්, වහාම කළ යුතු කාර්යය වන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන බජට් ගුවන්සේවා ප්‍රමාණය ඉහළ දැමීම බව මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කියා සිටී. පසුගියදා කොළඹ දී පැවති Colombo School of Business Management විසින් සංවිධානය කර න ලද Evening with a Corporate…
Video Story