Top News

සැම්සුන්ග් ගැලැක්සි S5 ලෝක සවාරිය ඇරඹෙයි

දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම විසින් නිපදවා තිබෙන නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන S5 ලෝකය පුරා අලෙවි කිරීම අද ආරම්භ කළබව වාර්තා වේ. ස්මාර්ට් ජංගම දුරකතන අලෙවිය අඩුවීම නිසා සැම්සුන්ග් සමාගමේ ලාභ පහළ යාම මෙම දුරකතනය සඳහා ලෝකයෙන් ලැබෙන ආකර්ශනය අනුව වැඩිවනු ඇතැයි විශ්ලේෂකයින් පවසා ඇත. පසුගිය වසරේදී ලෝකය පුරා අලෙවිකළ ස්මාර්ට් ජංගම දුරකතන වලින් සියයට…

(0)Comments | April 11, 2014 9:02 am

මංගල යාපා, ඩොක්යාර්ඩ් මුල් පුටුවට සමුදෙයි

කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යන තනතුරු දැරූ මංගල ප්‍රේම බණ්ඩා යාපා මහතා එම තනතුරින් විශ්‍රාම ගෙන තිබේ. මේ අනුව, ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට බහුතර කොටස් ප්‍රමාණය හිමි කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස රනිල් විජේගුණවර්ධන මහතාව ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම විසින් පත්කර ඇත.

(0)Comments | April 11, 2014 5:23 am

මාලදිවයින් කොටස් විකුණා NDB ඩොලර් මල්ලක් ගෙනේ

ජාතික සංවර්ධන බැංකුව සතුව මාලදිවයිනේ මුදල් සමාගමක තිබූ සියයට 35 ක කොටස් ඩොලර් මිලියන 1.1 ක මුදලකට විකුණා දමා තිබේ. මේ අනුව, ජාතික සංවර්ධන බැංකුව පවසන්නේ බැංකුව සතුව Maldives Finance leasing company සමාගමේ තිබූ කොටස් 224,875 ක ප්‍රමාණයක් මෙසේ විකුණා දැමූ බවයි. මෙම කොටස් මිලදීගෙන තිබෙන්නේ Tree Top Investment නැමති මාලදිවයින් සමාගමකි.

(0)Comments | April 10, 2014 9:30 am

LIOC වැඩිපුර ජයපැන් බීමට සැරසෙයි

ලංකා ඉන්දීය තෙල් සමාගම 2014 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී ලාභය පෙර කාර්තුවටත් වඩා වැඩිකරන ගෙන ඇතැයි එහි ප්‍රධානියා කියයි. අප සමග අදහස් දක්වමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වාලේ මහතා මේ බව පැවසීය. “මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේ ගිණුම් වාර්තා තවමත් එළියට දැම්මේ නැති වුණත් මෙවර ලාභය ගිය කාර්තුවටත් වඩා…

(0)Comments | April 10, 2014 5:14 am

ODEL, අල්ලපු ඉඩම මිලියන 800 කට ගනී

කොළඹ 07, ඇලෙක්සැන්ඩ්‍රා පෙදෙසේ ඔඩෙල් විලාසිතාගාරයේ ප්‍රධාන සාප්පු සංකීර්ණයට යාබද ඉඩමක් රුපියල් මිලියන 800 කට ඔඩෙල් පීඑල්සී සමාගම විසින් මිලදීගෙන තිබේ. මේ බව සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී ඇත. සමාගම විසින් වැඩිදුරටත් පවසා තිබෙන්නේ සිය පුළුල් කිරීමේ කටයුතු සඳහා මෙම ඉඩම භාවිතා කරන බවයි.

(0)Comments | April 9, 2014 12:21 pm

දෝෂ නිසා ටොයොටා රථ ලක්ෂ 64 ක් යළි සමාගමට කැඳවයි

ලෝකය පුරා අලෙවිකර තිබෙන ටොයොටා මෝටර් රථ ලක්ෂ 64 ක් විවිධ වූ දෝෂ මුල්කර ගනිමින් නැවතත් සමාගම වෙත ගෙන්වා එම දෝෂයන් නිවැරදි කිරීමට ජපාන ටොයොටා සමාගම තීරණය කර තිබේ. වාර්තා වන ආකාරයට මෙම මෝටර් රථ වලින් 35,124 ක් එංගලන්තයට විකුණා ඇත. මෙම තාක්ෂණික දෝෂ නිසා කිසිදු මෝටර් රථයක් අනතුරට පත්වීමක් හෝ පුද්ගලයෙකුට තුවාල වීමක් වාර්තා…

(0)Comments | April 9, 2014 10:41 am

දකුණු අධිවේගියේ දිනක සාමාන්‍ය ආදායම ලක්ෂ 34 ක්

දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් 2013 වසරේදී රුපියල් මිලියන 3.4 ක දෛනික සාමාන්‍ය ආදායමක් ලබාගත් බවත් එම වසරේදී මාර්ගයේ සාමාන්‍යයෙන් වාහන 8,700 ක් පමණ දිනකට ගමන් ගත් බවත් හෙළිවේ. මෙම කරුණු ඇතුළත් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2013 වසර වෙනුවෙන් නිකුත් කර තිබෙන වාර්ෂික වාර්තාවේයි. දිනකට රුපියල් ලක්ෂ 34 ක ආදායමක් උපයා ගත්තා නම් මාර්ගය තුළින්…

(0)Comments | April 9, 2014 7:01 am

කොළඹ මුහුද ගොඩකරන චීන සමාගමට ඉඩම් දෙන්නෙ මෙහෙමයි

කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට යන වරාය නගරයේ ඉඩම් ආයෝජකයාට ලබාදෙන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනාවරණය කර තිබේ. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන 2013 වාර්ෂික වාර්තාවට අනුව කොළඹ වරාය පුළුල් කිරීමේ දියකඩනය සමීපයේ සිට ගාලු මුවදොර පිටිය දෙසට පිහිටි මුහුදු ප්‍රදේශය ගොඩ කිරීම මගින් මෙම නව වරාය නගරය ඉදිකරයි. මෙහිදී,…

(0)Comments | April 9, 2014 6:33 am

වස්කඩුව වෙරළේ සිරියාව ඔප කරනා තරුපහේ සිට්‍රස් හෝටලය

මෙරට සංචාරක කර්මාන්තය දිනෙන් දිනම හිස ඔසවමින් තිබෙන තීරණාත්මක අවස්ථාවක වස්කඩුව වෙරළේ කාමර 150 කින් යුක්ත තරුපහේ සුපිරි සිට්‍රස් වස්කඩුව හෝටලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් ජයග්‍රාහී ඉරිදා දිනයේ (06) විවෘත කළේය. සුන්දර මෙන්ම නිස්කලංක පරිසරයක පිහිටි අක්කර 9.5 ක භූමි භාගයක ඉදිකර තිබෙන සිට්‍රස් ලෙෂර් පීඑල්සී සමාගමට…

(0)Comments | April 8, 2014 8:42 pm

අපේ ඒක පුද්ගල ආදායම වැඩිවීම හිතුවටත් වඩා වේගවත් බව මුදල් ලේකම් කියයි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම 2016 වසරේදී ඩොලර් 4000 ක් දක්වා වැඩි කිරීමේ ඉලක්කය සැලසුම් කළ කාලයටත් වඩා ඉක්මනින්ම ළඟාකර ගත හැකි බවත් 2016 වනවිට ලබාගත යුතු ඉලක්කය ඩොලර් 5000 ක් දක්වා වැඩි කිරීමට සිදුවිය හැකි බවත් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මේ බව අනාවරණය කළේ 2013 මහ බැංකු…

(0)Comments | April 8, 2014 9:05 am