Top News

ගුවන්තොටුපළ විවේකාගාර ආහාරපාන සැපයුම් SriLankan Catering බාර ගනී

ව්‍යාපාරික පන්තිය, පළමු පන්තිය හා විශේෂ කාණ්ඩවල ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපළ හා ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ විවේකාගාර 04ක් සහ මත්තල, රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි එක් විවේකාගාරයක් පවත්වා ගෙන යනු ලැබේ. මෙම විවේකාගාරවල සේවය ලබාගනු ලබන දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා ඉහළ ප්‍රමිතියක් යටතේ ආහාර පාන සැපයීම (Catering Services) සිදු කළ…

(0)Comments | March 7, 2018 1:52 pm

වවුනතිව් සූර්ය බලාගාරය ඉදි කිරීම Ex-Pack Corrugated Cartons ට පවරයි

වාලච්චේන ප්‍රදේශයෙහි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් සූර්ය බලාගාරය වවුනතිව් ග්‍රිඩ් උපපො‍ළට සම්බන්ධ කෙරෙන බැවින්, එය ‘වවුනතිව් සූර්ය බලාගාරය’ ලෙස නම් කරනු ලැබ තිබේ. එම සූර්ය බලාගාරය ඉදි කිරීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ආයතන 17ක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද…

(0)Comments | March 7, 2018 1:44 pm

”ඔන්ලයින් වීසා” වලින් 2017 වසරේ රජයට රුපියල් කෝටි 200ක ආදායමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ඔන්ලයින් ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 200ක ආදායමක් ලැබී ඇත. මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම් පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතුව තිබුණි. එහෙත් ඔන්ලයින් වීසා ක්‍රමය මඟින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත…

(0)Comments | March 7, 2018 12:19 pm

සියැට් කැලණි සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස රවී ඩඩ්ලානි පත් වෙයි

2018 මාර්තු 01 වනදා සිට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස රවී ඩඩ්ලානි මහතා පත්කර ඇතැයි සමාගම නිවේදනය කර ඇත.   ඩඩ්ලානි මහතා මේ වනවිට සමාගමේ උප සභාපති – විකුණුම්, අලෙවිකරණ සහ අපනයන ලෙස කටයුතු කරන අතර සියැට් කැළණි සමාගමට හෙතෙම වසර 11 ක් සේවය කර තිබේ. මීට පෙර, කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දැරූ…

(0)Comments | March 7, 2018 11:11 am

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සහතිකලත් ආහාර රසායනාගාරයක්

ආහාර නිෂ්පාදන හා ඇසුරුම්කරණ අංශයේ සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් වෙන් කර තිබෙන බවත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන්  ශ්‍රි ලංකාවේ ප්‍රථම සහතිකලත් ආහාර රසායනාගාරය ආරම්භ කරන බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ  පසුගිය දා කොළඹ කිංස්බරි හෝටලයේ පැවති ” PRO FOOD PRO PACK ” සම්මාන…

(0)Comments | March 7, 2018 10:50 am

CIFL රක්ෂිත තැන්පතුවලට ලක්ෂ 6 ක් දක්වා ගෙවීම්

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයෙහි සියලුම රක්ෂිත තැන්පතුවලට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙහි රෙගුලාසි අනුව තැන්පත්කරුවෙකු සඳහා රුපියල් 600,000 ක උපරිමයක් දක්වා ගෙවීම් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

(0)Comments | March 6, 2018 5:25 pm

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය දෙසතියකින්

පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වැඩපිළිවෙල යටතේ විවිධ ගාස්තු 193 අතුරින් පළමු අදියරේ දී ගාස්තු වර්ග 53 ක උපරිම මිල නියාමනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. රුපියල් මිලියන 3600 ක මුදලක් වැය කරමින් බලපිටිය මුලික රෝහල සදහා මහල් 10 කින් යුත් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාව සදහා…

(0)Comments | March 6, 2018 2:39 pm

පොලී අනුපාතික වැඩි වෙන්නේ නැහැ – මහ බැංකුව අවධාරණය කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන පුරෝකථනවලට අනුව, මෑත කාලීනව වෙළෙඳපොළ පොලී අනුලාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි. මතුපිට උද්ධමනය, මූලික උද්ධමනය, උද්ධමන අපේක්ෂා, පුළුල් මුදල් සැපයුමේ වර්ධනය, ණය ප්‍රසාරණය, ආර්ථික කටයුතුවල ප්‍රසාරණය මෙන්ම ජාත්‍යන්තර සංචිත මට්ටමෙහි මෑත කාලීන වෙනස්වීම්වලට අනුව තාර්කික වෙළෙඳපොළක් පොලී අනුපාතිකවල ඉහළ යෑමක් අපේක්ෂා කරන්නේ යැයි…

(0)Comments | March 6, 2018 2:21 pm

රෝහල් රෙදි පවිත්‍රතා ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට සම්බන්ධ නැහැ

බස්නාහිර පළාතේ රෝහල්වල ශල්‍යකර්ම සදහා සහ රෝගීන් භාවිතා කරන රෙදි නවීන තාක්ෂණය ඔස්සේ විෂබීජ විනාශ කරමින් පිරිසිදු කිරීම සදහා ආරම්භ කළ ව්‍යාපෘතිය යෝජිත එට්කා ගිවිසුමට කිසිසේත්ම අදාල නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය BOT ක්‍රමයට අයත් ව්‍යාපෘතියකි. ස්ථාපිත, ක්‍රියාකාරී හා නැවත බාරදීම යන ත්‍රිත්වයට අයත් මෙම…

(0)Comments | March 6, 2018 11:24 am

CIFL බලපත්‍රය අවලංගු කරන්න මහ බැංකුව තීරණය කරයි

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් වන සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) සමාගමෙහි සිදුව ඇති විවිධාකාර වංචනික කටයුතු සහ කළමනාකරණ දුර්වලතා හේතු කොටගෙන දැඩි මූල්‍ය ගැටළුවලට පසුගිය වසර හතර පුරාම සිය තැන්පතු මුදල් නැවත ලබාගැනීමට අපොහොසත් වී ඇති අතර, විවිධ උපක්‍රම හරහා ආයතනය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගත් සියලු…

(0)Comments | March 6, 2018 10:58 am