Top News

චීනයේ ZXY Hong Kong Company වෙත රුපියල් මිලියන 600 ක කසළ ප්‍රවාහන රථ කොන්ත්‍රාත්තුවක්

ශ්‍රී ලංකාවේ කසළ බැහැර කිරීම කාර්යක්ෂමව හා විධිමත්ව සිදු කිරීම සඳහා පළාත් පාලන ආයතන සතුව දැනට පවතින රථවලට අමතරව කසළ ප්‍රවාහන රථ 341ක් පමණ අවශ්‍ය වන බව හඳුනාගනු ලැබ තිබේ. ඉන් කසළ ප්‍රවාහන රථ 190ක් කොරියානු ණය ආධාර යටතේ ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි. තවත් කසළ ප්‍රවාහන රථ 100ක් දේශීය අරමුදල් මඟින් කඩිනමින් ලබාගැනීමට යෝජනා…

(0)Comments | March 13, 2018 4:38 pm

ජෝන් කීල්ස් ලොජිස්ටික්ස් මුතුරාජවෙල වැලි පිරවුම් ඉඩම් කොටස් 2ක් බදු ගනී

වත්තල, මුතුරාජවෙල ප්‍රදේශය බස්නාහිර පළාත් මහානගර සැලැස්මට අනුව ඉදිකෙරෙන සේවා නගරයේ කොටසක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් මුහුදු වැලි පිරවීම මඟින් එම ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද අක්කර 400ක් වූ ඉඩම විවිධ ව්‍යාපෘති සඳහා බැහැර කරනු ලැබ ඇත. එහි ඉතිරිව ඇති ඉඩම් කොටස් 2ක් සේවා ව්‍යාපෘති සඳහා බදු පදනම…

(0)Comments | March 13, 2018 4:27 pm

ගෘහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරු නීති සංශෝධනයට

ශ්‍රී ලංකාව තුළ සේවයේ යොදවා ඇති ගෘහස්ථ සේවකයින් පිළිබඳ සංඛ්‍යාලේඛන නොමැති වුවත්, එවැනි විශාල පිරිසක් සේවයේ යෙදෙන බව පැහැදිලි වේ. එම ගෘහස්ථ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා දැනට පවතින කම්කරු නීතිරීති ප්‍රමාණවත් නොවන බැවින්, අඩු වැටුපකට සේවයේ යෙදවීම, නිවාඩු ලබා නොදීම සහ සමාජ ආරක්ෂණයක් නොලැබීම ආදී අවාසි සහගත තත්ත්වයන්ට එම කම්කරු ප්‍රජාව මුහුණපාන බව හඳුනාගනු…

(0)Comments | March 13, 2018 3:27 pm

ජපාන – ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වෙළෙද අවස්ථා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ ආයෝජන සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) දහවල් ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ ජපාන පාර්ලිමේන්තු, ආර්ථීක, වෙළෙද හා කර්මාන්ත උප අමාත්‍ය මසකි ඔගුෂි මහතා ඇතුථ නියෝජිත පිරිසක් මෙම හමුවට…

(0)Comments | March 13, 2018 2:20 pm

බිත්තර ආනයනය අසත්‍යයක් – කර්මාන්ත අමාත්‍යාංශය කියයි

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට සූදානමක් පවතින බව ඊයේ (මාර්තු 12) පුවත්පත්වල පළ වී තිබෙන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, අමාත්‍යාංශය මඟින් බිත්තර ආනයනය කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බවත්, මෙවැනි අසත්‍ය ප්‍රකාශවලට නොරැවටෙන ලෙසත්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි. කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද…

(0)Comments | March 13, 2018 2:11 pm

මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 812,000 දක්වා ඉහළ නැංවීමේ සැලසුම්

2018 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටො. 812,000 දක්වා ඉහළ නැංවීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 2017 වසරේ මෙරට සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 389,500ක් විය. ඉන් මසුන් මෙ. ටො. 335,750ක් කරදිය අංශයෙන්ද, මිරිදිය අංශයෙන් මෙ.ටො. 53,750ක් ද වශයෙන් නිෂ්පාදනය කරනු ලැබීය. ගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න මෙ.ටො. 434,000ක් ද, ජලජීවි වගාව…

(0)Comments | March 13, 2018 10:51 am

ජනපතිගේ ජපන් සංචාරයේ දී ජයිකා සමඟ ගිවිසුමක්

ජපන් අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (මාර්තු මස 12 වැනි දින) සිට 17 වැනි දින දක්වා ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි. මාර්තු මස 13 වැනි දින ජපානයේ අකිහිතෝ අධිරාජයා බැහැදැකීමට නියමිත ජනාධිපති සිරිසේන මහතා මාර්තු මස 14 වැනි දින සමුළු සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අබේ මහතා මුණගැසෙයි. සාකච්ඡාවලින් අනතුරුව ජපන් අග්‍රාමාත්‍යවරයා…

(0)Comments | March 12, 2018 3:37 pm

සෞඛ්‍ය සේවාව නංවාලීමට විදේශ ආධාර රැසක්

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ජපානයේ ජයිකා අරමුදල විසින් මුල්‍ය ප්‍රදානයන් සිදු කර ඇත. බෝනොවන රෝග පාලනය කිරීම සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් නංවාලීම සදහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇත. ඉදිරි වසර 05 ක කාලය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් නංවාලීම…

(0)Comments | March 12, 2018 3:13 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල අවදානමට ලක්වෙමින් පවතිනවා – මූල්‍ය අරමුදල කියයි

රාජ්‍ය ණය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීම සහ බාහිර ආරක්ෂණ අඩු මට්ටමක පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තවදුරටත් අහිතකර කම්පනවල අවදානමට ලක් වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය, හතරවන වගන්තිය යටතේ 2018 වසර සඳහා වූ ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා නිමාවට පත් කළ ඇති අතර, ආර්ථික…

(0)Comments | March 12, 2018 12:22 am

සියලුම විලවුන්වලට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය අනිවාර්යයි

ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන හා ආනයනය කරනු ලබන සියලුම විලවුන් වර්ග නියාමනය 2017.10.10 දින සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ආරම්භ කර ඇත. එම නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව විලවුන් ආනයනය, නිෂ්පාදනය සහ බෙදාහැරීම නොකළ යුතු බව එම අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා අවධාරණය කර සිටියි. එලෙස…

(0)Comments | March 12, 2018 12:05 am