Top News

කැසිනෝ විවාද නැගෙන මේ දිනවල ජේම්ස් පැකර් ලංකාවෙද ?

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන ගැසට් පත්‍ර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මේ දිනවල ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් ලංකාවට පැමිණ සිටිනවා යැයි පළවන රාවයන් පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගෙන් අප විමසා සිටියා. එවිට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි. “ඒක අමූලික බොරුවක්. මේ දිනවල ජේම්ස් පැකර් ලංකාවේ නෑ….

(0)Comments | April 25, 2014 3:30 am

ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය මාරුවෙයි

(දෙවන සංස්කරණය) – දිවැස ඉක්විටි සමාගම සතුව ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ තිබූ සියයට 51 ක් වන කොටස් ප්‍රමාණය උපාය මාර්ගික හුවමාරුවක් ලෙස ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි වෙත මාරුකළ බව ජෝර්ජ් ස්ටුවර්ට් සමූහයේ සභාපති දිලිත් ජයවීර මහතා අප සමග සඳහන් කළේය. මේ අනුව, අද උදෑසන ගිවිසගත් ගනුදෙනුවක් ලෙස කොටසක් රුපියල් 28.80 කට ජෝර්ජ් ස්ටුවර්ට් මූල්‍ය සමාගමේ…

(0)Comments | April 24, 2014 9:07 am

චීන්නුන්ගේ වීසා ප්‍රතිපත්තිය වෙනස් කරන්න – ජේම්ස් පැකර්

චීන සංචාරකයින් විසින් වියදම් කරන මුදල් ප්‍රමාණය මේ වනවිට විශාල ලෙස වැඩිවෙමින් තිබෙන නිසා එයින් ඕස්ට්‍රේලියාවට වඩාත් වාසි අත්කර ගැනීමට නම් චීන සංචාරකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය වෙනස් කළ යුතුබව ක්‍රවුන් කැසිනෝ සමාගමේ ප්‍රධානී ජේම්ස් පැකර් පවසා තිබේ. මේ පිළිබඳව වාර්තා කරමින් විදෙස් මාධ්‍ය පවසන්නේ චීන සංචාරකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාව අනුගමනය කරන වීසා ප්‍රතිපත්තිය…

(0)Comments | April 24, 2014 7:07 am

රක්ෂණ සංස්ථාවේ මුල් පුටුවට දීප්ති ලොකුආරච්චි

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස දීප්ති ලොකුආරච්චි මහතා පත්කර තිබේ. රක්ෂණ වෘත්තිකයෙකු ලෙස දිගුකාලීන පළපුරුද්දක් ඇති ලොකුආරච්චි මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ලබා ඇත. ඔහු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකි.

(0)Comments | April 23, 2014 11:20 am

හේමාස් ණයකර නිකුතුව ඉතිරෙයි

හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් එකක් රුපියල් 100 බැගින් අද නිකුත් කළ මිලියන 05 ක් වන ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ලැබීම නිසා මෙම නිකුතුව අද සවස 4.30 ට අවසන් කිරීමට තීරණය කර ඇත. මෙම නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවන අයදුම්පත් ලැබී ඇතැයි සඳහන්ය. ඉල්ලුම් කරුවන්ට ණයකර බෙදාදෙන ආකාරය පසුව දැනුම් දෙනබව සමාගම පවසා තිබේ.

(0)Comments | April 23, 2014 6:53 am

දැවැන්ත පාඩු ලැබූවා යැයි කියූ වාර්තාවන්ට අර්ථ සාධක අරමුදලෙන් පිළිතුරු

සේවක අර්ථ සාධක අරමුදල විසින් කොටස් වෙළඳ පොළේ කර තිබෙන ආයෝජන වලින් රුපියල් බිලියන ගණනක පාඩු ලබා ඇතැයි පළවී තිබෙන වාර්තාවන්ට අරමුදල පිළිතුරු ලබාදී තිබේ. මේ අනුව, අරමුදල පවසා තිබෙන්නේ සමහර මාධ්‍ය වාර්තා මගින් පෙන්වා දී තිබෙන්නේ විකුණා නැති කොටස් වලට අදාළ අලාභයන් (unrealized losses) බවයි. අදාළ කොටස්වල මිල අඩු වුවත් ඒවා තවදුරටත් සේවක අර්ථ…

(0)Comments | April 23, 2014 3:59 am

ලංකාවට පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක්

රජය විසින් මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම සඳහා මේ වනවිට අවසර ලබාදී තිබේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් අප සමග පැවසුවේ 2020 වනවිට ශ්‍රී ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල 10 ක් ආරම්භ කිරීමට සැලසුම් සකස් කර තිබෙන බවයි. “අපේ සැලසුම තමයි 2020 වනවිට මෙරට පුද්ගලික විශ්ව විද්‍යාල 10…

(0)Comments | April 22, 2014 8:39 am

තවත් මහජන කොටස් නිකුතුවක් එයි

කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 133.3 ක් ලයිස්තුගත කිරීම සඳහා අවසර ලබාදී තිබේ. මේ අනුව, මෙම නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කරන අතර නිකුතුව ලබන මැයි 19 වනදා මහජනතාවට විවෘත වේ. නිකුතුවේ කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකයින් ලෙස කටයුතු කරන්නේ කැපිටල් ට්‍රස්ට් ෆයිනෑන්ෂල් සමාගමයි.

(0)Comments | April 22, 2014 6:17 am

ජපන් සමාගමෙන් ඊ-චැනලින් මුහුණු වෙනස් කරයි

වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර සඳහා කාලය වෙන්කිරීමේ සේවා සපයන ඊ-චැනලින් සමාගමේ අධ්‍යක්ෂ ධූරයක් සඳහා ජපානයේ සීනියර් මාර්කටිං සිස්ටම්ස් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් නව නම් කිරීමක් කර තිබේ. මේ අනුව, සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ නට්සුකි ගොටෝ මහතා වෙනුවට 2014 අප්‍රේල් 14 වනදා සිට බලපැවැත්වෙන පරිදි ටට්සුයා කොයිකේ මහතාව නම්කර ඇත.

(0)Comments | April 21, 2014 6:18 am

මෙරට විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයේ පෙරළියක් ඇරඹේ

මෙරට යල්පැන ගොස් තිබෙන විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය නව ලොවට ගැලපෙන පරිදි නවීකරණය කිරීමේ කටයුතු සඳහා මුල පිරූ බව උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා කියයි. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා අප සමග පැවසුවේ විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමේ මුල් පියවර ලෙස සෑම පීඨයකම සිසුන්ට අඩුම ගණනේ එක අත්පොතක් හෝ ලබාදීමට මේ…

(0)Comments | April 19, 2014 4:02 am