Top News

චීන නිෂ්පාදනය පසුබාද්දී ඛනිජ තෙල් මිල පහළට

ලෝකයේ දෙවැනි ආර්ථික බලවතා ලෙසින් වැජඹෙන චීනයේ නිෂ්පාදන කටයුතු මාර්තු මාසයේදී පසුබෑම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල ගණන් අඩුවී තිබේ. මේ අනුව, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ  ආසියානු වෙළඳ පොළේ සඳුදා දිනයේදී බොරතෙල් මිල ඩොලර් ශත 19 කින් පමණ පහළ වැටුණු බවයි. මෙම පහළ වැටීමෙන් පසුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 106.74 ක්වී තිබෙන…

(0)Comments | March 24, 2014 5:29 am

මහතීර්ගේ පවුලේ සමාගමකින් බේරුවල මුහුදේ දැවැන්ත ව්‍යාපෘතියක්

මැලේසියානු හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතාගේ පවුලට සම්බන්ධ සමාගමක් විසින් බේරුවල වරායේ කොටසක සංචාරකයින් රැගත් යාත්‍රා සඳහා පහසුකම් සැපයීමට හෝටලයක් ඇතුළු පහසුකම් සහිත චාරිකා යාත්‍රා අංගනයක් (marina) ඉදිකිරීමට සූදානම් වනබව අනාවරණය වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ මෙම ආයෝජන යෝජනාව මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමුකර තිබෙන…

(0)Comments | March 24, 2014 1:16 am

Visa සහ MasterCard රුසියාවට සම්බාධක පනවයි

ක්‍රිමියා අර්බුදය මූලික කරගනිමින් ඇමරිකානු මාස්ටර් කාඩ් සහ වීසා කාඩ් සමාගම් රුසියානු බැංකු කිහිපයක් සමග කරන ගනුදෙනු අත්හිටුවමින් එරටට ආර්ථික සම්බාධක පනවා තිබෙන බව වාර්තා වේ. මේ බව වාර්තා කරමින් බී.බී.සී. ලෝක සේවය සඳහන් කරන්නේ මාස්ටර් කාඩ් හා වීසා කාඩ් විසින් රුසියානු බැංකු වන Bank Rossiya, Sobinbank, InvestKapitalBank සහ SMP Bank යන බැංකු සමග සිදුකරන…

(0)Comments | March 23, 2014 3:04 pm

කොට්ටාවට විදුලි ගුවන් පාලම් එන්නෙ මෙහෙමයි

පදිකයින්ට පාර මාරු වීමට ලංකාවේ පළමු විදුලි ගුවන් පාලම පානදුර නගරයේ ඉදිකරන බව අප ඊයේ උදෑසන වාර්තා කළ අතර අප වෙත අනාවරණය වන්නේ මෙවැනි ගුවන් පාලම් තුනක් කොට්ටාව නගරයේ ඉදිකිරීමට රජය සූදානම් වන බවයි. මේ පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානී, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා අප සමග අදහස් දැක්වූයේ මෙසේයි. “කොට්ටාව නගරයේ මාර්ගය හරහා දිනකට මගීන් 3000…

(0)Comments | March 22, 2014 7:00 am

ඩී.එෆ්.සී.සී. බැංකුවේ මුල් පුටුව වෙනස් වේ

ඩී.එෆ්.සී.සී. බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජේ.එම්.එස්. බ්‍රිටෝ මහතා එම ධූරයෙන් විශ්‍රාම ගොස් තිබේ. ඔහු වෙනුවට බැංකුවේ සභාපතිවරයා ලෙස පත්වී තිබෙන්නේ සී.ආර්. ජෑන්ස් මහතායි.

(0)Comments | March 22, 2014 6:59 am

ලංකාවේ පළමු වරට විදුලි ගුවන් පාලම් ඉදිකිරීම ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ පළමු වතාවට පදිකයින්ට මාර්ගය හරහා ගමන් කිරීම සඳහා විදුලි ගුවන් පාලම් ඉදිකිරීමට සූදානම් වේ. මේ අනුව, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පළමු විදුලි ගුවන් පාලම ඉදිකරන්නේ පානදුර බස්නැවතුම්පොළ ඉදිරිපිට මාර්ගය හරහායි. මෙහි කොන්ත්‍රාත්තුව මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය සමාගමට ලබාදී තිබෙන අතර ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 200 කට ආසන්න වේ.

(0)Comments | March 21, 2014 11:44 am

කොටස් පොළේ සිකුරාදා ගනුදෙනු මෙහෙමයි

අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉහළ ගිය අතර හේකාබ්, ඩිස්ටිලරීස් යන සමාගම් වලින් ශුද්ධ විකිණීම් වාර්තාවීම හමුවේ සමස්තයක් ලෙස රුපියල් මිලියන 03 ක ශුද්ධ විදේශීය විකුණුම් වාර්තා විය. සමස්ත මිල දර්ශකය ඒකක 23.31 කින් ඉහළ ගොස් ඒකක 5,937.87 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිලදර්ශකය ඒකක 14.11 කින් ඉහළ ගොස් ඒකක 3,246.02 ක් විය. දිනයේ…

(0)Comments | March 21, 2014 11:43 am

නිසාන්, නවතම මෝටර් රථ සංකල්පය එළිදැක්වීමට යයි

ලොව සුප්‍රකට ජපාන මෝටර් රථ සමාගමක් වන නිසාන් නවතම සංකල්පයකට අනුව නිෂ්පාදනය කළ සුපිරි මෝටර් රථයක් 2014 බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළි දැක්වීමට සූදානම් වේ. බෙයිජිං මෝටර් රථ ප්‍රදර්ශනය ලබන අප්‍රේල් 20 වනදා පැවැත්වෙන අතර නිසාන් එළිදැක්වීමට යන මෝටර් රථය පිළිබඳ පූර්ව ප්‍රචාරක පටයක් මේ වනවිට අන්තර් ජාලය හරහා ප්‍රදර්ශනය කර තිබේ. මෙම සුපිරි මෝටර්…

(0)Comments | March 21, 2014 10:57 am

බ්‍රවුන්ස් බිලියන 2.8 කට LOLC Leisure මිලදීගනී

ලංකා ඔරික්ස් ලීසිං සමාගම සතුව LOLC Leisure සමාගමේ තිබූ සියයට 70 ක කොටස් රුපියල් බිලියන 2.8 කට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට විකුණා තිබේ. මෙම මිලදී ගැනීමත් සමගම කාමර 1000 කට වැඩි ප්‍රමාණයක් කළමනාකරණය කරන මෙරට විශාලතම හෝටල් සමාගමක් බවට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පත්වේ. මෙම මිලදී ගැනීමට පෙර LOLC Leisure සමාගමේ සියයට 30 ක කොටස් අයිතියක් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්…

(0)Comments | March 21, 2014 6:56 am

මාර්තුවේ පොලියට මොකද වෙන්නේ ?

වාණිජ බැංකුවල පොලී අනුපාත තීරණය වීමට බලපාන මහ බැංකුවේ පොලී අනුපාත මේ මාර්තු මාසයේදීත් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. මේ අනුව, මෙම පොලී අනුපාත සියයට 6.50 ක් සහ සියයට 8.00 ක් ලෙස නොවෙනස්ව තවදුරටත් පවතින අතර ඒ තුළින් ඉදිරියේදී බැංකු පොලී අනුපාත ඉහළ යෑමක් සිදු නොවේ. මහ බැංකුවේ අරමුණ…

(0)Comments | March 21, 2014 3:41 am