ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2018 ජනවාරි මාසයේ පැවති සියයට 5.4 ට සාපේක්ෂව 2018 පෙබරවාරි මාසයේ දී සියයට 3.2 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 පෙබරවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 පෙබරවාරි මාසයේ දී පැවති…
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපති ලුසිල් විජයවර්ධන මහතා වැඩ භාර ගැනීම ඊයේ (21) ශ්‍රී ලංකා තේ මණ්ඩලයේදී සිදු විය. එම අවස්ථාව සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා , වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ජේ.ඒ.රංජිත් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ඉඩම් හා දේපළ කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Serendib Engineering Group PLC සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අද (21) දින විකුණා දමා තිබේ. එහි 76% ක කොටස් අයිතිය පැවතියේ Navara Capital Limited සතුවය. අද දිනයේ දී Navara Capital Limited සතුව තිබූ Serendib Engineering Group PLC හි කොටස් 24,288,000 ක් රු. 8.20 බැගින් අලෙවි…
Big Issue සඟරාව සමඟ අත්වැල් බැඳගනිමින් Research Intelligence Unit (RIU) ආයතනය විසින් පසුගිය දා ශ‍්‍රී ලංකා ආර්ථික සමුළුව (Sri Lanka Economic Forum) පැවැත්වීය. ශ‍්‍රී ලංකාවේ බදුකරණය යන තේමාව යටතේ පැවති මෙම සමුළුවේදී දුම්කොළ නිෂ්පාදන කර්මාන්තය සම්බන්ධයෙන් සිදුකල අධ්‍යයනයක් පිළිබඳව අවධානය යොමු කළේය. මෙයට අමතරව Research Intelligence Unit (RIU) විසින් එළි දක්වන ලද මෙම වාර්තාව ඔවුන්…
සක්‍රිය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම ලබන සිකුරාදා සිදු කිරීමට බලාපොරොත්තු වන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. සභානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය. මේ නියෝග සම්බන්ධයෙන් යම් යම් අඳහස් පළ වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිකුරාදා විවාදයට ගැනීමට බලාපොරොත්තු වන්නේ යැයි ද සභානායකවරයා පැවසීය. මේ පිළිබඳව හෙට…
කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණය කිරීමේ පනත් කෙටුම්පත, සහ විදේශ විනිමය පනත යටතේ නියෝග අද (21) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විවාදය ආරම්භ කළේ ය. “නවීන ලෝකයේ ගෝලීයකරණය සමඟ නොයෙක් ලෙස ආයෝජනය කරනවා. ඩොලර් ට්‍රිලියන් ගණන් එහාට මෙහාට යනවා. අපිට පරණ නීති සමඟ…
ශ්රී ලංකාව මුදල් විශුද්ධිකරණය (Money Laundering) වැළැක්වීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඬපැවැත්වීම සම්බන්ධයෙන් ශක්තිමත් නොවන ක්‍රමෝපායන් සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමට ‘මූල්‍ය ක්‍රියාකාරකම් කාර්යසාධක බලකාය’ (Financial Action Task Force – FATF) විසින් කටයුතු කරනු ලැබ තිබේ. ඒ අනුව යමින් 2018 පෙබරවාරි මාසයේදී, යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අසාධු ලේඛනගත කරනු ලැබ…
කොළඹ කොටුව යෝක් වීදිය, චැතැම් වීදිය හා ලෝටස් මාවත ට මැදිව ඉදිවෙමින් පවතින The One ව්‍යාපෘතියේ කටයුතු 2021 දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව එහි පාර්ශවකාර සමාගමක් වන The One Transworks (Pvt) Ltd හි ඇලෙක්ස් ලොවෙල් පවසයි. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක දී ඔහු මේ බව කියා සිටියේය. අක්කර 4.3 ක් පුරා…
දකුණු කොරියාවේ Daegn Haany University සහ ලක් රජය අතර ආයුර්වේද, අධ්‍යාපනික ශිෂ්‍ය හුවමාරු වැඩපිලිවෙල පිලිබදව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි. එහිදි ශිෂ්‍ය හුවමාරු වැඩපිළිවෙල සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට ද තීරණය කෙරුනි.
දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල රෝගීන්ගේ ගුණාත්මක ඖෂධ ලබාගැනීමේ හැකියාව වැඩි කිරිම සදහා වූ ජාත්‍යන්තර සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇත. ඒ අනුව මාර්තු 22 දා (හෙට ) පෙරවරු 9.00 ට එම සමුලුව කොල්ලුපිටිය මූවන් පික් හෝටලයේ දී ආරම්භ වන අතර එය තෙදිනක් පුරා පැවැත්වෙයි. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය , භූතානය,…
Video Story