Top News

ඩයලොග් තම පාරිභෝගිකයින්ගේ ගාස්තු කපා හරී

ඊයේ (20) දිනය තුළ දී සිය ග්‍රාහකයින් විසින් ලබා ගන්නා ලද දේශීය දුරකතන ඇමතුම්, අන්තර්ජාතික දුරකතන ඇමතුම්, රෝමිං සහ SMS සඳහා අය කරන ලද ගාස්තු සම්පූර්ණයෙන්ම කපා හරිනු ලබන බව ඩයලොග් ආසියාටා පීඑල්සී නිවේදනය කර සිටී. සිය පාරිභෝගිකයින් හට කෙටි පණිවුඩයක් මගින් මේ බව දැනුම් දෙමින් සමාගම වැඩි දුරටත් කියා සිටින්නේ ඊයේ (20) දිනය තුළ…

(0)Comments | September 21, 2017 5:02 pm

ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණය 2016 අවසන් වාර්තාව එළිදැක්වේ

සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධනය සදහා වන ලෝක බැංකු (මූල්‍ය සහයෝගය මත) මගින් ක්‍රියාත්මක වන දෙවන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (සංරචක II) යටතේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා එක්ව 2016 වසරේ දී දිවයින පුරා පවත්වන ලද ප්‍රජා විද්‍යාත්මක සහ සෞඛ්‍ය සමික්ෂණයේ  අවසන් වාර්තාව 2017 සැප්තැම්බර් මස 18 වන දින එළිදක්වන ලදි….

(0)Comments | September 21, 2017 4:53 pm

ගෝලීය හුවමාරු සංසඳයෙහි (WFE) ප්‍රධාන විධායක නිලධාරී කොළඹ කොටස් හුවමාරුවෙහි නිල සංචාරයක

කොළඹ කොටස් හුවමාරුව හා ගෝලීය හුවමාරු සංසඳය අතර පවතින සුවිශේෂ සබඳතාවය සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කලාපීය වශයෙන් ප්‍රාග්ධන වෙළෙපොළ සංවර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය අගය කරන බව  ගෝලීය හුවමාරු සංසදයෙහි  ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පසුගිය දින  කොළඹ කොටස් හුවමාරුවෙහි පැවති දෛනික ගනුදෙනු ඇරැඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කලාය. “කොළඹ…

(0)Comments | September 21, 2017 3:03 pm

ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කොටස් වෙළෙඳපොළට

මෙරට ප්‍රමුඛ පෙළේ රජයේ බැංකු දෙකක් සහ රක්ෂණ සමාගමක් එළඹෙන වසරේ දී කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට නියමිත බව වාර්තා වේ. රජයේ නියාමන නිලධාරීන් මූලාශ්‍ර කරගනිමින් රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තා කර තිබෙන අතර මෙකී සෑම රාජ්‍ය සමාගමකින් ම, සියයට 10 බැගින් වූ කොටස් අයිතියක් කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට සූදානම් බව එහි…

(0)Comments | September 21, 2017 11:24 am

ලංකා සිමෙන්ති කොටස් ගනුදෙනුවල අසාමාන්‍ය හැසිරීමක් – සභාපති කරුණු පහදයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා සිමෙන්ට් පීඑල්සී හි කොටස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. ඊයේ (19) දිනයේ දී ලංකා සිමෙන්ති කොටසක මිල රු. 4.40 සිට රු. 5.10 දක්වා 16% කින් ඉහළ ගිය අතර අද (20) දිනය තුළ දී රු. 5.10 සිට රු. 6.30 දක්වා 23.5% කින් කොටසක මිල ඉහළ යන ලදී. අද…

(0)Comments | September 20, 2017 4:44 pm

අයිතිකරුවන් වෙනස් වුවත් සිංගර් ශ්‍රේණිය ස්ථාවරයි

හේලීස් පීඑල්සී විසින් සිංගර් ශ්‍රී ලංකා හි පාලක කොටස් අයිතිය අත්පත් කර ගැනීමත් සමගම එහි ශ්‍රේණිගත කිරීමෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ෆිච් රේටිංග්ස් කියා සිටී. මේ අනුව A-(lka)/Stable මට්ටමේ සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම නොවෙනස්ව පවතී.

(0)Comments | September 20, 2017 11:57 am

නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක වැදගත්කම ඇමති පහදයි

චෝදනාවන් වළක්වා නිවැරදි ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට නම් නවීන තාක්ෂණයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම අතිශය වැදගත් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය. ලංකාවේ ටෙන්ඩර් ක්‍රමවේදයන්ගේ විනිවිදභාවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රාජ්‍ය යාන්ත්‍රනය තුළ ටෙන්ඩර් ක්‍රමවේදය ඔස්සේ ගනුදෙනු කිරීම් විශාල ලෙස සිදුවේ. එබැවින්…

(0)Comments | September 20, 2017 11:32 am

ජ්‍යෙෂ්ඨයින්ගේ ලක්ෂ 150 ඉක්ම වූ තැන්පතුවල පොළියට බදු?

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම්වලින් ලැබෙන පොලී ආදායමට ද බදු අය කරන බවට විවිධ ප්‍රචාරයන් ගෙන ගිය බවත් ඒවායෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් මුදල් අමාත්‍යාංශය අවධාරණය කර සිටී. මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් කියා සිටින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතිරිකිරීම් මත වන පොලී ආදායම මසකට රු.125,000 දක්වා බදුවලින් නිදහස් කොට ඇති බවයි. එසේම ඊට වැඩි පොලී ආදායමක් ලබන්නට…

(0)Comments | September 19, 2017 4:49 pm

ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට පෙර සාර්ථකත්වය පරීක්ෂා කිරීමේ ක්‍රමයක්

රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පෙර ඒවායේ සාර්ථක විය හැකි බව පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරයක් (Social Innovation Lab) පිහිටුවීමට යෝජනා වී තිබේ. ඒ අනුව, ක්‍රියාශීලී ප්‍රතිපත්තීන් නිර්මාණය කිරීමට මෙන්ම ප්‍රතිපත්තීන්හි ස්ථිරභාවය හරහා ඵලදායී රාජ්‍ය සේවාවක් සැපයීම ඉලක්ක කරගනිමින් යෝජිත සමාජයීය නවෝත්පාදන විද්‍යාගාරය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය යටතේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ…

(0)Comments | September 19, 2017 4:16 pm

ආදායමට සමගාමීව දුම්වැටි මිල වැඩි වේවි

ඉදිරියේ දී ඒක පුද්ගල දළ දේශීය ආදායම වැඩිවන ප්‍රතිශතයටම දුම්වැටිවල මිල වැඩි වීමට හැකි බව වෙරිටේ පර්යේෂණ ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිශාන් ද මෙල් මහතා පැවසීය. අද (19) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති දුම්කොළ, බදු හා මිල නියම කිරීමේ නියෝග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගිවෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේ දී දුම්වැටිවල මිල…

(0)Comments | September 19, 2017 4:09 pm