Top News

රුපියල් 1,500 කාසියේ ඇත්ත කතාව

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,500/- ක මුහුණත වටිනාකමකින් යුතු කාසියක් නිකුත් කර ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලයන් හි පුවතක් සංසරණය වෙමින් පවතී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය පිරික්සීමේ දී මේ පිළිබඳ සත්‍ය තත්ත්වය අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙය බුද්ධ පරිනිර්වාණයෙන් 2550 වන වසර සැමරීම සඳහා…

(0)Comments | March 28, 2018 5:10 am

ආසන 7 මරුටි Wagon R වගතුග මෙන්න

මරුටි Wagon R මෝටර් රථ මාදිලියේ නවතම කාණ්ඩයක් ලෙසින් ආසන 7 කින් (Maruti Wagon R 7-Seater) සමන්විත මෝටර් රථයක් නිෂ්පාදනය සඳහා Maruti Suzuki India Limited හි අවධානය යොමුව තිබේ. 2018 වසරේ සැප්තැම්බර් මාසයේ දී මෙම මරුටි Wagon R රථයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමටත් මෙම වසරේ ම නොවැම්බර් වන විට එය වෙළෙඳපොළට හඳුන්වා දීමටත් ඔවුන් බලාපොරොත්තු වේ….

(0)Comments | March 27, 2018 4:30 pm

යුනයිටඩ් මෝටර්ස් ‘TVS ලංකා‘ රුපියල් බිලියනයකට විකුණයි

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හා ඉන්දියාවේ T V Sundaram Iyengar & Sons (Pvt) Ltd සහ India and TVS Motor Company Ltd, India හි හවුල් ව්‍යාපාරයක් වන TVS ලංකා (පුද්) සමාගමේ, තමන් සතු කොටස් අයිතිය ඊයේ (26) දින විකිණීමට යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී පියවර ගෙන තිබේ. TVS ලංකා (පුද්) සමාගමේ 50% ක කොටස් හිමිකාරීත්වය හෙවත් කොටස්…

(0)Comments | March 27, 2018 1:04 pm

රුපියල් මිලියන 322 ක අක්ෂි කාච කොන්ත්‍රාත්තුව Vision 2000 ට

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන හයිඩ්‍රොෆෝබික් අන්තඃඅක්ෂි කාච 18,600ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 322.84ක මුදලකට, M/s. Vision 2000 (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

(0)Comments | March 27, 2018 1:02 pm

රුපියල් මිලියන 80,000 ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 80,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට (28) දිනයේ දී කැඳවා ඇත. මෙහිදී 2023 වසරේ කල්පිරෙන රුපියල් මිලියන 50,000 ක බැඳුම්කර සහ 2028 වසරේ කල්පිරෙන පරිදි රුපියල් මිලියන 30,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පහත දැක්වෙන්නේ අදාළ නිකුතුව පිළිබඳ විස්තරාත්මක සාරාංශයකි.

(0)Comments | March 27, 2018 12:30 pm

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ. මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව්වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. Drewry Global Container Port Connectivity Index දර්ශකය ප්‍රධාන…

(0)Comments | March 27, 2018 10:47 am

ගෙවිය යුතු ගෙවීම් කරන්න, නැත්නම් නඩු – CIFL ගනුදෙනුකරුවන්ට මහ බැංකුව කියයි

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL) ආයතනයේ සියලුම ගනුදෙනුකරුවන් සිය ගිවිසුම් ප්‍රකාරව ආයතනයට ගෙවිය යුතු සියලුම ගෙවීම් එකඟ වී ඇති ආකාරයට මහජන බැංකුවේ කොළඹ නගරශාලා ශාඛාවේ අංක 167-1-001-0-3398707 දරන ගිණුමේ තැන්පත් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ…

(0)Comments | March 26, 2018 4:13 pm

CIFL තැන්පත්කරුවන්ට මහ බැංකුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් යෝජනා ක්‍රමයේ විධිවිධානයන්ට යටත්ව තැන්පතු රක්ෂණයක් සහිත තැන්පත්කරුවන්ට මුදල් ගෙවීම සලකා බැලීම පිණිස සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනයේ මුදල් තැන්පත් කරන ලද පුද්ගලයන් හෝ ආයතන සහ එම ආයතනයෙන් ණය ලබාගත් පුද්ගලයන් හෝ ආයතනවල තොරතුරු රැස්කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රසිද්ධ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. පහත…

(0)Comments | March 26, 2018 4:06 pm

දියවැඩියාව, හෘදයාබාධ අඩුකරන මෘදුකාංග හැදෙන්නේ මෙහෙමයි

NCD (Non Commutable Diseases) හෙවත් බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මෘදුකාංග සංවර්ධනය කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව hSenid මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් සපරමාදු මහතා පවසයි. අද දෙරණ Biz 24×7 ව්‍යාපාරික කතාබහ සමග එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. මේ වන විට බොහෝ සමාගම් සිය කාර්ය මණ්ඩලයේ wellnesss හා wellbeing සංවර්ධනය කරන…

(0)Comments | March 26, 2018 3:17 pm

ධීවර ක්ෂේත්‍රයේ ආයෝජනයට නවසීලන්ත සහාය

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට නවසීලන්තයේ ආයෝජකයින් උනන්දු කරවීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් Joanna Kempker මහත්මිය ප්‍රකාශ කළාය. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහකොමසාරිස්වරිය මෙම අදහස් පළ කළාය. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ මහකොමසාරිස්වරිය…

(0)Comments | March 26, 2018 2:44 pm