Top News

ගුවන් ගමන් ප්‍රමාදය ගැන ශ්‍රීලංකන් මෙසේ කියයි

කොළඹ ගුවන් තොටුපලේ දැනට පවතින ගුවන් ගමන් ප්‍රමාද වීම් සහ  තදබදය පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සමාගම කණගාටුව ප්‍රකාශ කර සිටියි. කොචීන් ගුවන් තොටුපළේ දී  ගුවන් යානයෙහි කුරුල්ලෙකු ගැටීමෙන් ගුවන් යානයට සිදුවූ හානිය ඇතුළු තවත් අනපේක්ෂිත සිද්ධි කිහිපයක් මෙම ගුවන් ගමන් ප්‍රමාද වීමට හේතුවී තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිටත්ව යාමට පෙර අපගේ වෙබ් අඩවිය හරහා…

(0)Comments | February 26, 2018 9:02 pm

ජනශක්ති Serendib Land අයිතියත් අත්හරියි

Serendib Land PLC සමාගමේ සිව්වැනියාට විශාලතම කොටස්කරුවා වූ Janashakthi General Insurance Ltd සමාගම සිය කොටස් හිමිකාරීත්වය අද (26) දිනයේ දී මුළුමනින්ම විකුණා දැමීය. Serendib Land PLC සමාගමේ ඡන්ද බලය හිමි කොටස් 55,054 ක හිමිකම Janashakthi General Insurance Ltd සතුව පැවති අතර එය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 15.29% කි. මෙහිදී එක් කොටසක් විකුණා ඇති මිල රු. 1,481.70…

(0)Comments | February 26, 2018 12:56 pm

ජනශක්ති, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට සමුදෙයි

නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ පස්වැනියාට විශාලතම කොටස් හිමියා වූ ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සමාගම, සිය කොටස් හිමිකාරීත්වය අද (26) උදෑසන සම්පූර්ණයෙන්ම විකුණා දමනු ලැබීය. නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 18,582,682 ක් ජනශක්ති ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සතුව පැවති අතර එය නේෂන්ස් ට්‍රස්ට් බෑන්ක් පීඑල්සී හි සමස්ත ප්‍රාග්ධනයෙන් 8.06% කි. අද දින සිදු…

(0)Comments | February 26, 2018 10:31 am

2017 දී හම්බන්තොට වරායට නැව් 183ක්

මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත 2017 වසරේ දී නෞකා 183ක් පැමිණ ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව මෙම සම්පූර්ණ නෞකා ප්‍රමාණයෙන් නෞකා 175ක් ම භාණ්ඩ නෞකාවන් වේ. එමෙන් ම එම වසරේ ම ටොන් 126,514ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරාය වෙත ගොඩ බා ඇති අතර ටොන් 46,835ක් මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ…

(0)Comments | February 25, 2018 11:15 pm

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තත්ත්ව සහතික සඳහා රජයෙන් සහන

දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ආරම්භ කොට ඇත. ඒ අනුව මෙම වසරේ 01දා සිට වාර්ෂික පිරිවැටුප රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු ආහාර නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන, තේ ආශ්‍රිත නිෂ්පාදන, ඇසුරුම්කරණ හා පොල් ආශ්‍රිත නිෂ්පාදන…

(0)Comments | February 25, 2018 11:13 pm

ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා – CPC අවධාරණය කරයි

ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි. මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන බෙදාහැරීම කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වේ. ජනතාව කලබලයට පත්කරමින් රටේ ඉන්ධන හිඟයක් ඇතිකිරීම සඳහා ඇතැමුන් දරන මෙම…

(0)Comments | February 23, 2018 8:18 pm

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26 සිට

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26, 27, 28 හා මාර්තු 01 හා 02 යන දින පහ තුළ සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. ඒ සඳහා අයදුම්පත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම,…

(0)Comments | February 23, 2018 4:33 pm

දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත. 2016 අදාලව දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 176ක් අතරින් 95 වන ස්ථානයට පත්වූ අතර ලබාගත් ලකුණු සංඛ්‍යව වූයේ…

(0)Comments | February 23, 2018 10:24 am

Resus Energy වැඩි බලය Trydan Partners යටතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ බලශක්ති කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Resus Energy PLC හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට Trydan Partners සමාගම අද (22) දිනයේ දී සමත් විය. Resus Energy PLC සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ NDB Capital Holdings PLC සතුව තිබූ කොටස් 10,388,284 ක් Trydan Partners විසින් අද දිනයේ දී මිල දී ගනු ලැබූ…

(0)Comments | February 22, 2018 3:21 pm

විදෙස් මුදල් ඉදිරියේ ශ්‍රී ලංකා රුපියලේ අභිමානය තවදුරටත් ගිලිහෙයි

විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට වේගවත් වී තිබෙන බවක් වාර්තා වේ. 2017 වසරේ දී සියයට 2.0 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මේ අතර ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව…

(0)Comments | February 22, 2018 12:59 pm