Top News

සුඛෝපභෝගී වාහන බද්ද ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

දැනට පවතින වසර 7 ක් තුළ ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද වෙනුවට එකවර ගෙවනු ලබන සුඛෝපභෝගී වාහන බද්ද හඳුන්වා තිබේ. මේ පිළිබඳ සම්පූර්ණ විස්තර සටහන පහත දැක්වේ.  

(0)Comments | November 9, 2017 7:12 pm

කෑන් බියර් බද්ද ඉවතට – සැර අනුව මත්පැන් බදු වෙනස් වෙන්නේ මෙහෙමයි

2018 අයවැය යෝජනාවන්ට අනුව කෑන් බීර මත අදාළ වූ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද ඉවත් කිරීමට කටයුතු කර තිබේ. මේ අතර සුරා බදු ආඥා පනත යටතේ වන සුරා බද්ද, මත් පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව පදනම් කර ගෙන අදාළ වන ආකාරය පහත දැක්වේ.  

(0)Comments | November 9, 2017 6:43 pm

විදේශිකයන්ට මහල් නිවාස මිල දී ගැනීමේ බාධා ඉවතට

මෙවර අයවැය යෝජනාවනු අනුව 4 වන මහලට පහළ මහල් නිවාස විදේශිකයන්ට මිල දී ගැනීමට ඇති බාධා ඉවත් කර තිබේ. එසේම විදේශීය අයිතිය සහිත ලැයිස්තුගත සමාගම්වලට ඉඩම් හිමිකර ගැනීමේ අයිතිය පිළිබඳ ඇති බාධාවන් ද ඉවත් කිරීමට කටයුතු කර ඇත.

(0)Comments | November 9, 2017 6:25 pm

බැංකු මගින් කරන ගනුදෙනු සඳහා බද්දක්

බැංකු මගින් සිදුකරනු ලබන සියලු ගනුදෙනු සඳහා බද්දක් අයකරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. පහත දැක්වෙන්නේ එම අයවැය යෝජනාවයි. “2018 වර්ෂය සඳහා පමණක් ණය ආපසු ගෙවීම සඳහා රුපියල් ට්‍රිලියන 1.9 ක් ගෙවන්න තිබෙනවා. මේ ණය අපිට තනියම ගෙවන්න බැහැ. ඒ ණය බර ජනතාවට ලබා දෙන්න සූදානමුත් නැහැ.“ “2018 අප්‍රේල් මාසේ 01 වැනි…

(0)Comments | November 9, 2017 5:57 pm

මත්පැන් – අඩු සැර අඩු බදු, වැඩි සැර වැඩි බදු

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට අනුව මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව කියා සිටියේය. එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා පහත දැක්වේ. මුළු මත්පැන් පරිභෝජනයෙන් 49% ක් නීතිවිරෝධී මත්පැන් වන අතර 85% කට වැඩි…

(0)Comments | November 9, 2017 5:20 pm

ත්‍රී රෝද රියැදුරන් සංචාරක මග පෙන්වන්නන් බවට පුහුණු කෙරේ

ත්‍රී රෝද රථ හ ඒවායේ රියැදුරන් සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය. “ත්‍රී රෝද රථ විදුලි බලයෙන් ධාවනයට පත් කිරීම සඳහා මේ වන විටත් අයවැයෙන් වැඩකටයුතු යොදා තිබෙනවා.“ “ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය…

(0)Comments | November 9, 2017 4:59 pm

2018 දී සියයට 6 ට අඩු උද්ධමනයක්

එළඹෙන වසරේ දී සියයට  5 ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරාත්තු වන බව පැවසූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 දී උද්ධමනය සියයට 6 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට අරමුණු කර ගන්නා බව ද පැවසීය. මීට අමතරව අයවැය පරතරය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 4.5% ක මට්ටමක පවත්වා ගැනීමට ඉලක්ක කරනු ලබන බව ද 2018 අයවැය…

(0)Comments | November 9, 2017 4:07 pm

2040 දී ලංකාවේ තෙල් වාහන බැහැ

රටේ තියෙන සියලු වාහන 2040 වන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී කියා සිටියේය. මෙහිදී 2025 වන විට රජයේ සියලු වාහන හයිබ්‍රිඩ් හෝ විදුලි වාහන බවට පත් කිරීමට කටයුතු යොදන බව ද මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

(0)Comments | November 9, 2017 3:48 pm

විදුලි කාර් බදු පහළට

විදුලි කාර් සඳහා ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 කින් අඩු කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා අද පාර්ලිමේන්තුවට සිය අයවැය යෝජනවා ඉදිරිපත් කරමින් පැවසීය.

(0)Comments | November 9, 2017 3:36 pm

ණය බරෙන් රට නිදහස් කරන්න නම් බදු ආදායම ඉහළ දැමිය යුතුයි – ආචාර්ය දුනුසිංහ

මේ වන විට රජය සෘජු බදු ඉහළ දැමීම කෙරෙහි යොමුවන බවට මූලික වශයෙන් උපකල්පනය කළ හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. අද (09) දින අද දෙරණ 24×7 පූර්ව අයවැය විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අයවැයේ බදු ප්‍රතිපත්තිය කුමන ආකාරයේ විය යුතුද යන්න පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ…

(0)Comments | November 9, 2017 1:08 pm