මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවේ දී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කතාව 2018 ඉදිරිපත් කිරීමට නියමිතය. ප.ව.3.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වෙයි. 2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් (09)දින මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය…
ගුවන් සේවයේ ව්‍යාපාර පංතිය විශිෂ්ටතම ආසන පංතිය බවට ඇගයුම් ලබයි. ශ්‍රීලංකන් ගුවන් සමාගම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පැසසුම් ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රීලංකන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරි පංති අතරින් “විශිෂ්ටතම පංතිය”…
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා අද (08) සිය “රේන්බෝ එන්ඩ්” නිවසේ සිට 2018 රජයේ අයවැය ලේඛනයේ ඇතුළත් අයවැය යෝජනා අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග මහතා සමග අවසන් වරට සකස් කරමින් සිටියේ මෙසේය. මුදල් ඇමතිවරයා සිය මංගල අයවැය හෙට (09) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර පවතින සුහදශීලී මිත්‍රත්වය හා ආර්ථික සහයෝගිතාව තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, සංවර්ධන කටයුතු සඳහා යොදාගැනීම පිණිස 2017-2019 කාලපරිච්ඡේදය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 500කට සමාන ණය මුදලක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට කොරියානු රජය එකඟ වී තිබේ. කොරියානු රාජ්‍ය ණය ආධාර ඉතා සහනදායී පොලී අනුපාතයන් යටතේ ලබා දෙන අතර, එකී ණය…
යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි කොටස් මිලියන 30.271 ක් අද උදෑසන ගනුදෙනු වීමත් සමඟ ම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2 හි සීමාව ඉක්මවා යන ලදී. මෙහිදී එක් කොටසක් රු. 78.00 බැගින් ගනුදෙනු වූ අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් රුපියල් 2,361,138,000.00 ක පිරිවැටුමක් වාර්තා විය. 2017 ජූනි 30 දින අතුරු මූල්‍ය ප්‍රකශයට අනුව…
හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය, චීන රජය මඟින් නම් කර ඇති China Machinery…
ණයගැති භාවය නිසා දැඩි ගැටළුවලට මුහුණ පා සිටින ජනතාව ගැන සිය දැඩි අවධානය යොමු කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. මේ වන විට ග්‍රාමීය ප්‍රදේශවල බහුල වශයෙන් බිහිවී ඇති ණය දෙන ආයතන සම්බන්ධයෙන් මහ බැංකුවේ ස්ථාවරය කුමක්දැයි යන්න පිළිබඳව අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයේ මේ බව…
”ලංකා රාජ්‍ය ජාලය” (Lanka Government Network) එළිදැක්වීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මේ යටතේ රාජ්‍ය ආයතන 500 කට වැඩි සංඛ්‍යාවක් ජාල ගත කිරීම සිදු කෙරුණු අතර, එම අවස්ථාවට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්…
පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව ඊයේ (07) පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ නොවෙනස්ව පවතින් ඇත.
මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් මද්‍යසාර භාවිතා නොකරන අතර පළමුවෙන්ම එම පිරිස ආරක්ෂා කර දෙවනුව භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි හා මද්‍යසාර භාවිතය අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මද්‍යසාර ප්‍රතිපත්ති සැකසීමේ දී අවධානයට ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පිළිබද කමිටුවේ සාමාජිත වෛද්‍ය සජීව රණවිර මහතා පැවසීය. ඒ මහතා මේ අදහස්…
Video Story