Top News

දශ ලක්ෂ තිස්තුන්දාහක බිල් වෙන්දේසියක් හෙට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (03) දිනයේ දී රුපියල් දශ ලක්ෂ 33,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වනු ලබන බව නිවේදනය කර සිටී. මෙහිදී දින 182 පරිණත කාලයෙන් යුතු රු. දශ ලක්ෂ 16,000 ක බිල්පත් හා දින 364 පරිණත කාලයෙන් යුතු රු. දශ ලක්ෂ 17,000 ක බිල්පත් වෙන්දේසිය සඳහා…

(0)Comments | May 2, 2017 6:20 am

ජපානයෙන් හා ඉන්දියාවෙන් LNG විදුලි බලාගාර දෙකක් ශ්‍රී ලංකාවට

කොළඹ වරාය දියුණු කිරීම, කොළඹ වර්තමානයේ පවතින වරායට උතුරින් තවත් අලූත් වරායක් ඇරැඹිම, බස්නාහිර මහ නගර වැඩසටහන සඳහා සහාය දැක්වීම ආදියට ජපානය සහයෝගය පළ කර ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල්…

(0)Comments | May 2, 2017 5:36 am

2017 අවසානයේ ඩොලර් බිලියන 10 ක විදෙස් සංචිතයක්

පසුගිය දෙසැම්බර් මාසය වන විට ඩොලර් බිලියන 6,200 ක තිබුණු විදෙස් සංචිත වටිනාකම මාර්තු මාසයේ දී 5,300 දක්වා අඩු වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසන ලදී. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී මුදල් අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.එසේම එය 2017 වසර අවසාන වන විට ඩොලර් බිලියන 10 දක්වා වැඩිකරගැනීමට සැලසුම් කර තිබෙන බවද…

(0)Comments | April 28, 2017 8:31 am

කොටස් වෙ‍ළෙඳපොළට ගලා ආ සුද්දන්ගේ ශුද්ධ මුදල් බිලියන 15 ඉක්මවයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත 2017 වසර තුළ දී ඊයේ (27) දිනය දක්වා ලැබී ඇති ශුද්ධ විදේශීය ගලා ඒම් ප්‍රමාණය රුපියල් බිලියන 15 ඉක්මවා ඇති බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 2017 අප්‍රේල් 27 වන විට මෙම අගය රුපියල් බිලියන 15.16 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වාර්තා වූ ශුද්ධ…

(0)Comments | April 28, 2017 6:43 am

ඉහළ නගින උද්ධමනය ඉතිරිකිරීමේ බලාපොරොත්තු තවදුරටත් බිඳ දමයි. දූෂණය අඩුවන බලාපොරොත්තු ඉහළට

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 පෙබරවාරි මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 පෙබරවාරි මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | April 28, 2017 4:30 am

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් ඇමැතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත ඊයේ (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළඟ වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත…

(0)Comments | April 27, 2017 5:11 am

හිටපු අගවිනිසුරු කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට

හිටපු අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා කොමර්ෂල් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර තිබේ. 2017 අප්‍රේල් 26 දින සිට මෙම පත්කිරීම බලපැවැත්වෙන බව කොමර්ෂල් බැංකුව වෙනුවෙන් එහි සමාගම් ලේකම්වරිය දන්වා සිටී. කේ. ශ්‍රීපවන් මහතා 2015 ජනවාරි මාසයේ සිට 2017 මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරයා වශයෙන් කටයුතු කරන ලදී.

(0)Comments | April 26, 2017 11:16 am

ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික ගිවිසුම්වලට වෙනවෙනම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා

ආර්ථික ව්‍යාපෘතිවලදී සහයෝගිතාව දැක්වීම පිළිබඳව වන අවබෝධතා ගිවිසුමක් ඉන්දියානු ජනරජයේ ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව අතර ඇති කරගැනීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. දෙරට විසින් ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විධිමත් ගිවිසුම්වලට එළඹීමට පෙර අදාළ පාර්ශ්වයන් විමසමින් අදාළ එක් එක් අමාත්‍යාංශ…

(0)Comments | April 26, 2017 7:36 am

සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමේ සීමාව දෙගුණ වෙයි

2016 අංක 24 දරන විසර්ජන පනත අනුව 2017 වර්ෂය සඳහා දළ රාජ්‍ය ණය ගැනීමේ උපරිම සීමාව රුපියල් බිලියන 1,579කි. ඉන් රුපියල් බිලියන 1,129ක් දේශීය මාර්ගවලින් හා ඉතිරි රුපියල් බිලියන 450 විදේශීය මාර්ග වලින්ද ලබාගැනීමට ද සැලසුම් කර ඇත. විදේශීය ණය ගැනීම් යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක ප්‍රමාණයක් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මඟින් ලබාගැනීම සඳහා දැනටමත් අමාත්‍ය…

(0)Comments | April 26, 2017 7:16 am

අධිවේගයේ බස් ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ වෙනසක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමට අදාළව දැනට ක්‍රියාත්මක වන නිර්ණායක සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නියෝගය හා නීතිපතිවරයාගේ උපදෙස් හා අනුව අදාළ නිර්ණායක සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතෙහි අදාළ වගන්ති සංශෝධනය කිරීමටත්, ගාලු පාරේ බස් රථ ධාවනය කරනු ලබන…

(0)Comments | April 26, 2017 7:06 am