කටාර් රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවට වටිනා අවස්ථා රැසක් උදාවී ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කටාර් හි පැවැති කටාර් – ශ්‍රී ලංකා ව්‍යාපාර සමුළුව අමතමිනි. කටාර් රාජ්‍ය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඉතා හොඳ අවස්ථා රැසක් උදා කර දී තිබෙන බවත් ඉදිරියේදී කටාර් රැකියා වෙළෙඳපොළ සඳහා…
කෘෂි බෝග නිෂ්පාදනවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක ප‍්‍රවර්ධනයක් ඇති කරමින්, අපනයනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාශීලී වැඩපිළිවෙළක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි. ජනාධිපතිතුමා මේ බව පෙන්වා දුන්නේ ඊයේ (30) පෙරවරුවේ මහනුවර අර්ල් රිජන්සි හෝටලයේ පැවති ජාත්‍යන්තර ගම්මිරිස් ප‍්‍රජාවේ 45 වන ජාත්‍යන්තර සමුළුව අමතමිනි. අපේ රටේ කෘෂි ආර්ථිකය පිළිබඳව තිබෙන ඓතිහාසික තොරතුරු සමඟ නැවත රට කෘෂි…
චීනයේ විශාලතම තෙල් නිෂ්පාදකයා වන PetroChina සමාගම, සිය තෙවන කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි කොටස් මිල සීඝ්‍රයෙන් පහළ යාමට පටන් ගත් බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ ඩොලර් ට්‍රිලියනයක වටිනාකමකින් යුතු වූ පළමු සමාගම වන PetroChina හි තත්ත්වය 2007 වසරේ සිට අසතුටුදායක අතට පත්වෙමින් පවතින බවයි….
ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමාණය 2017 දෙවන කාර්තුව අවසානයේ දී රුපියල් බිලියන 10,163.9 ක් ලෙසින් වාර්තා වී තිබේ. එය සමස්ත දේශීය ණය රුපියල් බිලියන 5,666.5 කින් සහ රුපියල් බිලියන 4,497.4 ක්වූ විදේශීය ණයවලින් සමන්විත වේ. 2016 වසර අවසානයේ දී රජයේ මුළු ණය රුපියල් බිලියන 9,387.3 ක් ලෙසින් වාර්තා…
රාජගිරිය, ශ්‍රී ලංකා මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී ආර්ථික විද්‍යා සංගමයේ වාර්ෂික සම්මේලනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එම අවස්ථාවට විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී, ආසියානු සංවර්ධන බැංකුවේ උපසභාපති බැම්බැන්ග් සුසන්ටෝනෝ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන 11 ක් හැරුණු විට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එකාබද්ධව ඉදිකරන ලද සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් ඊයේ (29) ජා-ඇල කදාන ප්‍රදේශයේ දී විවෘත විය. රාජ්‍ය ආයතන…
ඇමේසන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jeff Bezos යළිත් වරක් ලොව ධනවත් පුද්ගලයින්ගේ ලැය්ස්තුවේ අංක එකට පැමිණීමට ඊයේ (27) සමත් විය. ඒ බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව 8% ක ඉහළ මිලක් සිකුරාදා දිනයේ දී ඇමේසන් සමාගමේ කොටස් සඳහා නියම වීම හේතුවෙනි. Jeff Bezos මෙලෙසින් ලොව අංක එකේ ධන හිමියා බවට පත්වූයේ එතෙක් එම ලැයිස්තුවේ පළමුවැනියාව සිටි මයික්‍රොසොෆ්ට් සමාගමේ…
අග්රාමාත්ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමේ සංකල්පයේ එක් පියවරක් ලෙස රට පුරා විසිරී සිටින රූපලාවන්‍ය හා කේෂාලංකරණ ශිල්පීන්ගේ සහ රූපලාවන්‍යාගාරයන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම අරමුණ කරගත් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය අග‍්‍රාමාත්‍යතුමාගේ යටතේ ඇති ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හරහා “SED Saloon” නමින් ක්‍රියාත්මක වේ….
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (27) දින නිමාවට පත් වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 6,612.91 ක් ලෙසින් වාර්තා විය. ඒ පසුගිය සතියට සාපේක්ෂව ඒකක 40.21 ක ඉහළ යාමක් වාර්තා කරමිනි. මේ අතර පසුගිය සතිය අවසානයේ දී ඒකක 3,831.42 ක් ලෙසින් වාර්තා වුණු S&P SL 20 දර්ශකය මෙම සතිය අවසානයේ දී ඒකක…
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම්වලින්, ඉන්දියානු වෘත්තිකයින්ට හෝ කම්කරුවන්ට ශ්‍රී ලංකාව තුළ රැකියා කිරීම සඳහා වීසා සහන ලබා නොදෙන බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. බුඩාපෙස්ට් නුවර ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ලෝක අපනයන සංවර්ධන සංසදය 2017 අතරවාරයේ දී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ…
Video Story