රට තුළ උද්ගත වූ පෙට්‍රල් අර්බුදය සම්බන්ධයෙන් වූ වගකීම තම සමාගමට භාර ගත නොහැකි බව ලංකා IOC පීඑල්සී හි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා මහතා පැවසීය. අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා IOC මෙරට ප්‍රධානියා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය. “අපි ඔක්තෝබර් 02 වන සතියේ බෙදාහැරීමේ කටයුතු සඳහා තෙල් නැවක් ගෙනාවා. ඒ තෙල් ප්‍රමාණයේ සහ ප්‍රමිතියේ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014,2015 සහ 2016 යන වාර්ෂික වාර්තාවල සඳහන් සේවා නියුක්තිය පිළිබඳ දත්ත සම්බන්ධව විවිධ ජනමාධ්‍ය මගින් වාර්තා නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂණය කර ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පැවැත් වූ 2012 ජන හා නිවාස සංගණනයට පසු, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පුකාශයට පත් කර…
මෙවර අයවැයේ දී මෝටර් රථ නිෂ්පාදන බද්දෙහි සුවිශේෂී අඩු වීමක් සිදුවනු ඇතැයි වාර්තා වේ. මේ වන විට සමාජ ජාල මාධ්‍ය පුරාවට මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනැගී ඇති අතර මෝටර් රථවල මිල අඩුවන්නේ කුමන ආකාරයෙන් ද යන වගට සංඛ්‍යාලේඛන සටහන් පවා හුවමාරු වෙමින් පවතී. වාර්තා වන අන්දමට බොහෝ දුරට එන්ජින් ධාරිතාව 1000CC ට වඩා අඩු කාණ්ඩයෝ මෝටර්…
2017 වසරේ 7 වැනි මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට පෙරවරු 7.30 ට ප්‍රකාශයට පත් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී. මේ අතර ෆස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි පර්යේෂණ අංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, පවතින ආර්ථික තත්ත්වය තුළ මුදල් ප්‍රතිපත්තියේ වෙනසක් සිදුනොවනු ඇති බවයි.
මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම් දක්නට ලැබෙන බව අද දෙරණ වෙත වාර්තා වෙයි. කෙසේ වෙතත් කුමන කරුණක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ දැයි නොදන්නා බව, අද දෙරණ කළ විමසීමක දී ඉන්ධන පිරවුම්හල් හිමියන් කිහිප දෙනෙකුම සඳහන් කරනු ලැබීය. මෙය වර්ජන තත්ත්වයක් හේතුවෙන් ඇති වූවක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය…
ලෝක බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන “Doing Business 2018″ නොබෝදා එළි දක්වා ඇත. රටවල් 190 ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව 111 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ පසුගිය වසරේ ශ්‍රී ලංකාව සිටි 110 වැනි ස්ථානයෙහි සිට එක් ස්ථානයක් පසුපසට යමිනි. කෙසේ වෙතත් පසුගිය…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් ඊයේ (01) දිනයේ දී UML Heavy Equipment Limited හි කොටස් මිලියන 7.5 ක ආයෝජනයක් තර තිබේ. මෙහිදී එක් කොටසක් සඳහා නියම වී ඇති මිල රු. 10.00 කි. නොබෝදා සංස්ථාපනය කරනු ලැබූ UML Heavy Equipment Limited සමාගම මෙරට ඉදිරිකිරීම් කර්මාන්තය සඳහා යොදා ගනු ලබන සියලූම…
2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණි. එහිදී මෙවර අයවැයේ දී බොහෝ දෙනාගේ අවධානයක් යොමුව ඇති ක්ෂේත්‍රයක් ලෙස මෝටර් රථ වාහන අංශය අවිවාදයෙන් හැඳින්විය හැකිය. පසුගිය දින කිහිපය තුළ රජයේ මැතිඇමතිවරුන් දිහිප දෙනෙකු ද අයවැයේ දී රථවාහන මිලෙහි සිදුවන වෙනස්වීම් සම්බන්ධයෙන් ඉඟි පළ කළ අවස්ථා කිහිපයක් ද විය. කෙසේ වෙතත් මේ…
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන “ඵලදායී ආයෝජනයකට මුලික පියවර” වැඩසටහන කොටස් වෙළෙඳපොළ ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 6, 8, 10, 13 සහ 15 දිනයන්හී ප.ව 5.30 සිට ප.ව 8.30 දක්වා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන තුලින් කොටස් ආයෝජනය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර මුල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම, කොටස් තෝරා ගැනීම සහ තීරණ ගැනීම, ආයෝජනය…
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලයත්, FITIS (federation of IT Industry) ආයතනයත්, විසින් ඩිජිටල් ආර්ථිකයක් කරා තේමාවෙන් ක්‍රියාවට නංවා ඇති INFOTEL 2017 ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය ඊයේ (01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්විණි. INFOTEL ප්‍රදර්ශනයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් මෙවර ප්‍රදර්ශනය විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල…
Video Story