Top News

ලෝටස් හයිඩ්‍රෝ පවර් වෙතින් තවත් අතුරු ලාභාංශයක්

කොටසකට සත 50 බැගින් වූ අතුරු ලාභාංශයක්, ලෝටස් හයිඩ්‍රෝ පවර් පීඑල්සී විසින් අද (19) දිනයේ දී නිවේදනය කරන ලදී. සමාගමේ හිමිකාරීත්වයේ සිදුවූ වෙනසින් පසු ප්‍රකාශයට පත් වූ පළමු ලාභාංශ නිවේදනය මෙය වේ. මීට පෙර 2016/17 මූල්‍ය වර්ෂය වෙනුවෙන් කොටසක් සඳහා සත 30 බැගින් වූ පළමු අතුරු ලාභාංශය, 2016 ජූනි 14 වන දින ප්‍රකාශයට පත් කරන…

(0)Comments | October 19, 2016 11:34 am

නොමිලේ වයි-ෆයි දෙන්න LGN දෙවන ව්‍යාපෘතියට අනුමැතිය

ඉ-රාජ්‍ය කටයුතු සඳහා අවශ්‍ය අධිවේගී සහ සුරක්ෂිත සම්බන්ධතාවන් හා නොමිලේ වයි-ෆයි සේවා සැපයීම ඉලක්ක කරගනිමින් ලංකා රාජ්‍ය ජාලය – 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. රාජ්‍ය ආයතන හා මහජනතාව අතරත්, රාජ්‍ය ආයතන හා රාජ්‍ය ආයතන අතරත්…

(0)Comments | October 19, 2016 10:38 am

CIFL කොටස් ගනුදෙනු අත්හිටුවයි. කොටස් මිල 20% කින් පහළට

සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CIFL) හි කොටස් ගනුදෙනු අද (19) උදෑසන අත්හිටුවනු ලැබීය. කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවිය සඳහන් කරන පරිදි සමාගමෙන් කරුණු පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් මෙම පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළ නිවේදනයකට අනුව CIFL සමාගම ඇතුළු තවත් මූල්‍ය ආයතන 4 ක් සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ප්‍රකාශයට පත් කර…

(0)Comments | October 19, 2016 6:28 am

ශ්‍රී ලංකාව තුළ රේඩියල් සහ ඝන ටයර් කම්හලක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය

වසර 4ක් තුළ ඇමරිකානු ඩොලර් මිලියන 75ක ප්‍රාග්ධන ආයෝජනයක් යොදවමින්, දේශීය රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් උත්පාදනය කරනු ලබන ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. සම්පූර්ණ නිෂ්පාදනයෙන් 60%ක් අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් රේඩියල් සහ ඝන ටයර් නිෂ්පාදනය කරනු ලබන මෙම කම්හල හොරණ ප්‍රදේශයේ පිහිටුවීම සඳහා ඉදිරිපත්ව සිටින ආයෝජකයෙකු වෙත ශ්‍රී ලංකා ආයෝජන…

(0)Comments | October 19, 2016 5:24 am

එන්ට්‍රස්ට් සහ තවත් මූල්‍ය ආයතන තුනක් බංකොලොත් බවට තීන්දුයි

ප්‍රාථමික අලෙවි ආයතනයක් වූ එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සහ තවත් මූල්‍ය ආයතන තුනක් වන ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, සිටි ෆිනෑන්ස් කෝපරේෂන් ලිමිටඩ් සහ සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් හි ව්‍යාපාර කටයුතු ඈවර කිරීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද…

(0)Comments | October 19, 2016 5:04 am

ශ්‍රීලංකන් ගුවන් යානා තුළ Samsung Note7 රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම්

ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වහාම ක්‍රියාත්මක වන පරිදි Samsung Note7 ජංගම දුරකථන ශ්‍රීලංකන් සහ මිහින් ලංකා ගුවන් යානාවන් හි රැගෙන යාම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ. මෙම තහනම පනවා ඇත්තේ මෙම උපාංග විදුලි බලය හා සම්බන්ධ වීමේ දී වාර්තා වූ පිපිරීම් සිද්ධීන් කිහිපයක් පදනම් කරගනිමින් ය. ගුවන් මගීන්ගේ ආරක්ෂාව ගුවන් සමාගමේ ප්‍රධානම ප්‍රමුඛතාවය…

(0)Comments | October 18, 2016 12:06 pm

ගෙවුම් ශේෂයේ අතිරික්තයක්

2016 පළමු මාස 7 තුළ දී සමස්ත ගෙවුම් ශේෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 356 ක අතිරික්තයක් වාර්තා කර තිබෙන බවට ඇස්තමේන්තු කර තිබේ. 2015 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී ගෙවුම් ශේෂයේ හිඟයක් වාර්තා වී තිබෙන අතර එය ඩොලර් මිලියන 1,229.6 කි.

(0)Comments | October 18, 2016 10:35 am

ජූලි මාසයේ දී කොටස් වෙළෙඳපොළට ගලා ආ විදෙස් ආයෝජන ඉහළට

2016 ජූලි මාසයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ගලා ආ ශුද්ධ විදෙස් ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10.1 ක් ලෙසින් වාර්තා වේ. කෙසේ වෙතත් 2016 ජූලි මාසය අවසානයේ දී වසර තුළ වාර්තා වී ඇති සමුච්ඡිත ශුද්ධ විදේශීය ගලා යාම් වටිනාකම ඩොලර් මිලියන 30.8 කි. මෙය ද්විතීයික වෙළෙපොළ ගනුදෙනු හරහා වාර්තා වූ ඩොලර් මිලියන 32.2 ක…

(0)Comments | October 18, 2016 7:33 am

අයවැයට අදහස් ගන්න රවී වාණිජ මණ්ඩල නිලධාරීන් හමුවෙයි

[two_third last=last] එළඹෙන අයවැය වෙනුවෙන් අදහස් හා යෝජනා විමසීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක හා ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින් අතර හමුවක් පසුගිය දා පැවැත්විණි. ලංකා වාණිජ මණ්ඩල සභාපති සමන්ත රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට මණ්ඩලයේ සියලු කමිටු නියෝජනය වන පරිදි නිලධාරීන් එක් වූ අතර ඔවුන් හට සෘජුව මුදල් අමාත්‍යවරයා සමඟ සම්මුඛ වීමට මෙහිදී අවස්ථාව…

(0)Comments | October 18, 2016 6:17 am

ඉසුරු සමරසිංහ නැවතත් ශ්‍රී ලංකා – රුසියානු ව්‍යාපාරික කවුන්සිලයේ මුල් පුටුවට

ලංකා වාණිජ මණ්ඩලයේ, ශ්‍රී ලංකා – රුසියා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා වශයෙන් අඛණ්ඩව තෙවැනි වරටත් ඉසුරු සමරසිංහ මහතා පත් වී තිබේ. ශ්‍රී ලංකා – රුසියානු ව්‍යාපාරික කවුන්සිලයේ 13 වැනි මහා සභා රැස්වීම පසුගිය දා පැවති අතර, කවුන්සිලයේ උප සභාපතිවරුන් වශයෙන් ප්‍රියන්ත හපුආරච්චි හා බුද්ධප්‍රිය රාමනායක මහත්වරුන් 2016/17 වසර සඳහා පත්විය. Unitrades (පුද්) සමාගමේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂවරයා…

(0)Comments | October 18, 2016 6:10 am