ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන ලියාපදිංචි කිරීමේ දී අය කරන ගාස්තු ජාතික ඖෂධ නියාමන අධිකාරිය වසර 08 කට පසු ඊයේ (14) මධ්‍යම රාත්‍රි සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කළ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ අනුව අදාල ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්සන් තබා ඇත. ලියාපදිංචි කිරීමෙි ගාස්තු…
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා ඊයේ (14) තෙවන දිනටත් බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටියේය. එහිදී කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා, සෘජු ක්‍රමවේදය හරහා අක්‍රමිකතා සිදුව ඇති බවට විගණන සිදුකිරීමේ දී අනාවරණ වුවද විනිවිදභාවය සම්බන්ධයෙන් පැමිණිලි නොකළේ මන්දැයි විමසීය. එහිදී විගණාකාධිපතිවරයා කොමිසමට අනාවරණය කළේ, බැඳුම්කර නිකුත් කිරීමේ දී භාවිත කළ සෘජු ක්‍රමවේදය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු…
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT) ලොව පුරා සමාජ සහ ආර්ථික වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇති යුගයක් අපි පසු කරමින් සිටින්නෙමු. අප රටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාකාරීත්වය සඳහා ද එමගින් ඉටුවන මෙහෙය අති විශාලය. විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය සතු එම සුවිශේෂී කාර්යභාරය පිළිබඳ අවධාරණය…
පෞරාණික වටිනාකමක් ඇති තැපැල් කාර්යාලවල රටවල් රැසක හෝටල් පවත්වාගෙන යන බවත් ඒ තුළින් විදේශ විනිමය උපයා ගන්නා බවත් සමකැබිනට් මාධ්‍ය ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (14) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ වන විට රටපුරා තැපැල් වර්ජනයක් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II ශ්‍රේණියේ රේගු පරීක්ෂක තනතුරට බඳවා ගැනීම සඳහා පවත්වන ලද විවෘත තරග විභාගයේ ප්‍රතිඵල මත නිලධාරීන් 131 දෙනකු බඳවා ගන්නා ලදී. මේ සඳහා ජූනි 13 වන දින රේගු මූලස්ථානයේ පැවැති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පත්වීම් ලිපි භාර දෙන ලදී. මෙම…
2017 මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 121,891 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවක සඳහන් වේ. මෙය 2016 වසරේ මැයි මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව වන 125,044 හා සැසඳීමේ දී සියයට 2.5 ක පහළ යාමකි. මේ අතර 2017 වසරේ පළමු මාස 5 තුළ දී…
ආර්ථිකය ඩිජිටල් කිරීමේ වැඩසටහන යටතේ, 2016-2018 කාල සීමාව තුළ ව්‍යාපෘති 18ක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් සැලසුම් කරනු ලැබ ඇත. එම ව්‍යාපෘති අතුරින් 2017 වර්ෂයේදී අමාත්‍යාංශය වෙත වෙන් කර ඇති ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත රුපියල් මිලියන 20 ඉක්මවන ව්‍යාපෘති 10ක් හඳුනාගෙන ඇති අතර එකී ව්‍යාපෘති මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක…
දේපළ සහ තක්සේරුකරණ ආයතනයේ අරමුණු වඩා ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කිරීමට හැකි වනු පිණිස එම ආයතනය පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. දේපළ කළමනාකරණය, අලෙවිකරණය, සංවර්ධනය, ආයෝජනය හා තක්සේරුකරණය යන ක්ෂේත්‍රයන්ට අවධානය යොමු කරමින් දේපළ කර්මාන්තයට අදාළ වෘත්තීයමය ප්‍රවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් දේපළ සහ තක්සේරුකරණ ආයතනය 2001 වර්ෂයේදී පිහිටුවා ගෙන…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමන ලද විභාග නැවත පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. ඒ අනුව එම විභාග පහත දිනයන්හීදී පැවැත්වෙන බැවින් සියලුම අයදුම්කරුවන් අදාළ දිනයන්හීදී එම විභාග සඳහා පෙනී සිටීමට කටයුතු කරන ලෙස ඒ මහතා දන්වා සිටින අතර එම දිනයන් පහත…
ශ්‍රී ලංකාවේ නේපාල තානාපති මහාචාර්ය බිෂ්වම්භර් පියක්කුර්යල් (Professor Bishwambher pyakuryal) මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර විශේෂ හමුවක් ඊයේ (13) පැවැත්විණි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැති මෙම හමුවේදී දෙරට අතර, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු විය. ශ්‍රී ලංකාව හා නේපාලයේ කත්මණ්ඩු අගනුවර අතර සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ…
Video Story