Top News

රැකියා විරහිත උපාධිධාරින් වැවිලි අංශයට

උපාධිය සමත්ව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලින් වාර්ෂිකව පිටව යන උපාධිධාරි තරුණ-තරුණියන් විශාල පිරිසක්, සැලකිය යුතු කාලයක් රැකියා විරහිතව හෝ ඌන රැකියා නියුක්ත තත්ත්වයේ පසුවීම සමාජ, ආර්ථික හා දේශපාලනික ගැටලුවක් බවට පත්ව ඇත. එහෙත් උපාධිය මූලික සුදුසුකමක් ලෙස සලකනු ලබන, පෞද්ගලික අංශයේ ඇතැම් ක්ෂේත්‍රයන්හි තනතුරු පුරප්පාඩුව පවතින බවද නිරීක්ෂණය කෙරේ. ඒ අනුව, එවැනි පුරප්පාඩු පවතින ක්ෂේත්‍රයක් වන…

(0)Comments | October 6, 2016 10:15 am

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි

2006 අංක 6 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2006 සැප්තැම්බර් 27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ දී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් සිදුකරන ලබන විමර්ශන සහ නඩු පැවරීම් සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මෙහි මූලික පර්මාර්ථය…

(0)Comments | October 6, 2016 8:23 am

ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර එළඹෙනු ලබන සංක්‍රමණික කටයුතු පිළිබඳ සහයෝගිතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

අවිධිමත් සංක්‍රමණ හා ඒ ආශ්‍රිත සාපරාධී ක්‍රියාවන් වැළැක්වීමට අදාළව දෙරට අතර සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙන්ම සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සාධනීය ලෙස ආරක්ෂා කිරීමට හා නීතිවිරෝධීව අනෙක් රාජ්‍යයේ රැඳී සිටින පුද්ගලයින්ට ගරුත්වයෙන් යුතුව සහ ආරක්ෂාකාරීව යළි සිය රටට පැමිණීමේ හැකියාව ලබා දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව හා ස්විස් ෆෙඩරල් කවුන්සිලය අතර ඇති කරගැනීමට නියමිත…

(0)Comments | October 6, 2016 5:07 am

ශ්‍රී ලංකාව සහ නෝර්වේ/ ස්වීඩන්/ ඩෙන්මාර්ක් රාජධානිය අතර ගුවන් සේවා සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව සහ නෝර්වේ, ස්වීඩන්, ඩෙන්මාර්ක් යන රටවල් අතර මගී ගුවන් යානා මෙහෙයුම් සහ ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු පැවැත්වීම සඳහා අදාළ රාජ්‍යයන්හි ගඟන නාවික බලධාරින් විසින් තුර්කියේ, ඇන්ටාලියාහිදී 2015-10-21 දින පැවති සිවිල් ගුවන්සේවා සාකච්ඡා සම්මන්ත්‍රණය අතරතුරදී එකඟ වී ඇති ගුවන් සේවා ගිවිසුම විධිමත් පරිදි අත්සන් කිරීමටත්, අනතුරුව එය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් ප්‍රවාහන…

(0)Comments | October 6, 2016 4:49 am

ශ්‍රිලංකන් තිරසාර අනාගතයක් වෙනුවෙන් නව ක්‍රියාදාමයක් දියත් කරයි

ජාතික ගුවන් සේවය වන ශ්‍රි ලංකන් ගුවන් සමාගම එහි මෙහෙයුම් ප්‍රතිව්යුහගත කිරීමේ සැලසුම් ක්‍රියාදාමය ලෙස පාඩු සැලකිය යුතු මට්ටමින් අවම කිරීම උදෙසා එහි ගුවන් යානා සහ ගුවන් ගමන් මාර්ග කාර්යක්ෂම ලෙස යොදාගැනීම සඳහා කටයුතු යොදා ඇත. මෙම නව උපායමාර්ගික සැලසුම් අනුව පිරිවැය පාලනය කිරීම ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වී ඇත්තේ ගුවන් සමාගමේ වගවීම සහ විනිවිදභාවය වැඩිදියුණු කිරීමේ…

(0)Comments | October 5, 2016 5:33 pm

ද්විත්ව බදුකරණය වැළැක්වීමට ෆින්ලන්තය සමඟ ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම සහ සහයෝගිතාව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ද්විත්ත්ව බදුකරණය මඟහැරවීම සහ ආදායම මත බදු ගෙවීම පැහැර හැරීම වළකාලීම සඳහා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා ෆින්ලන්ත ජනරජය අතර ඇති කරගැනීමට නියමිත මෙම ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමටත්, 2006 අංක 10 දරන…

(0)Comments | October 5, 2016 8:12 am

වසරේ මුල් මාස 09 දී සංචාරක පැමිණීම සියයට 14.6 කින් ඉහළට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තාවලට අනුව 2016 මුල් මාස 09 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 1,508,405 ක් බවත් එය පූර්ව වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 14.6% ක වර්ධනයක් බවත් අනාවරණය වී තිබේ. මේ අතර 2016 සැප්තැම්බර් මාසය තුළ දී 148,499 ක සංචාරකයින් ගණනක් මෙරටට පැමිණ ඇති අතර එය 2015…

(0)Comments | October 5, 2016 6:59 am

අයවැයෙන් වාහනවලට වෙන දේ ගැන රවී මෙසේ කියයි VIDEO

ඇමරිකාවේ එක්සිම් බැංකුවේ ප්‍රධාන නිලධාරිවරයා පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ශ්‍රී ලංකාව සුපිරි ගණයේ ආයෝජන කරන තැනක් ලෙස සලකා සම්පූර්ණ සහාය ලබා දෙන බව ඔහු කියා සිටි බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ (05) මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. මෙය සතුටට කරුණක් බවත් ණයට වඩා ආයෝජන මෙරටට ගෙන ඒම සිය වෑයම බවත් අමාත්‍යවරයා මෙහිදී…

(0)Comments | October 5, 2016 5:53 am

සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගම ඔක්තෝබර් මස ගනුදෙනු ඇරඹීමට එක්වෙයි

2016 ඔක්තෝබර් මස පළමු ගනුදෙනු දිනය සනිටුහන් කරමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගම උත්සවාකාරයෙන් ගනුදෙනු කටයුතු ආරම්භක සීනුව නාද කිරීමට පසුගියදා එක් විය. මෙහිදී අදහස් දක්වමින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පී.එල්.සී සමාගමෙහි සභාපති ගොඩ්වින් පෙරේරා මහතා පවසා සිටියේ රට තුල තිරසාර සංවර්ධනයක් උදෙසා කෙරෙන කටයුතු සඳහා තම සමාගමෙහි පුර්ණ සහයෝගය ලබා දෙන බවයි. තව දුරටත් අදහස් දක්වමින් එතුමා…

(0)Comments | October 5, 2016 3:56 am

හාන්ස් විජයසූරිය ජෝන් කීල්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩයලොග් ආසියාටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරියා හා අධ්‍යක්ෂවරයෙකු මෙන්ම ආසියාටා ගෘෘප් Bhd හි දකුණු ආසියානු කලාපීය ප්‍රධාන විධායක නිලධාරියා වන ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර තිබේ. මේ අනුව ජෝන් කීල්ස් හෝල්ඩිග්ස් හි විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස 2016 ඔක්තෝබර් 04 වැනි දින සිට ආචාර්ය හාන්ස් විජයසූරිය…

(0)Comments | October 5, 2016 3:45 am