වොක්ස්වැගන් වාහන සඳහා තහනමක් පැනවීමට දකුණු කොරියානු රජය ඊයේ සිට පියවර ගන්නා ලදී. මේ අනුව වොක්ස්වැගන් සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන මාදිලි 80 ක් පමණ වාහන, එරට අලෙවිය තහනම් කර ඇත. තම රජයට අසත්‍ය තොරතුරු සපයමින් වොක්ස්වැගන් විසින් නිෂ්පාදිත මෝටර් රථ පසුගිය කාලය තුළ අලෙවි කිරීම මීට හේතුව බව දකුණු කොරියානු රජය කියා සිටී. වොක්ස්වැගන්…
රට පුරා වෙසෙන ජනතාවගේ ජීවනෝපායන් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මඟින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාස සංවර්ධනය කිරීම සඳහා වන ග්‍රාමීය පුනර්ජීවන වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 19,875ක මුදලක් 2016 අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇත. මෙම අරමුදල්වලින් රුපියල් මිලියන 4,000ක මුදලක් යොදවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ වැඩි වැඩියෙන් රැකියා අවස්ථා උත්පාදනය කිරීමේ…
සමාජ සාධාරණත්වය සහ වෙළදපොල ආර්ථිකයේ සමානාත්මතාවය මෙන්ම ආගමික අන්තවාදයද කරලියට පැමිණ ඇති මෙවන් යුගයක, අපේ රටවල් සාරවත් කළ හැක්කේ අපේ ඓතිහාසික වෙළඳ පසුබිම, ගෝලීයකරණයේ බහුවිධ බලපෑම් සහ අනාගමික බටහිර රටවල ආර්ථික ක්‍රමවේද, අපිට අනන්‍ය වූ ආගමික ආචර ධර්ම හා සිරිත් විරිත්, වර්තමාන අභියෝග සහ අවස්ථා යන සියලු ක්‍රමවේදයන්ගේ සහ සංස්කෘතීන්ගේ සම්මුතියක් පිළිගනිමින් සිදු කෙරෙන සංවාදයක්…
ජාතික ප්‍රතිපත්ති සම්පාදනය සඳහා සහ සංවර්ධන වැඩසටහන් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා රජය වෙත වෘත්තිකයන්ගේ සේවාවන් ලබාගැනීමේ අරමුණින් මානව සම්පත් සේවා නියෝජිතායතනයක් (HRSA) ස්ථාපිත කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අනුව එම නියෝජිතායතනය 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, එකී…
ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ සංවර්ධනයට, අධීක්ෂණයට හා නියාමනයට පහසුකම් සැලසීම පිණිස 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත මඟින් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය ස්ථාපිත කෙරුණු අතර, ඉන්පසුව 2007 අංක 27 හා 2011 අංක 03 දරන පනත් මඟින් එකී පනත සංශෝධනයට ලක්විය. ‘ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය’ යන නාමය ‘ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව’…
ඉ-පළාත් පාලන ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ ලංකාවේ සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ජනතාවට ලබා දෙන සේවාවන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් කාර්යක්‍ෂමව සහ විධිමත්ව ලබා දීම සඳහා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශයේ ඉල්ලීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පියවර ගෙන ඇත. මේ අනුව ක්‍රියාත්මක ඉ-පළාත්…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (02) දිනය අවසානයේ දී ඒකක 92.88 කින් ඉහළ ගොස් ඒකක 6,503.30 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 1.45% ක වර්ධනයකි. අද දින පිරිවැටුම ද කලකට පසු රුපියල් බිලියනය සීමාව ඉක්මවන්නට සමත්විය. දිනය තුළ දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම නම් ඩිස්ටිලරීස් සමාගමේ කොටස් මිල කැපී පෙනෙන ලෙස…
මෙල්ස්ටාකෝප් සමාගමේ පූර්ණ අනුබද්ධ සමාගමක් බවට ඩිස්ටිලරීස් සමාගම පත්වන බව නිවේදනය කර සිටී. සමාගම් දෙක අතර සිදුවන කොටස් හුවමාරුවක් හරහා මෙම ක්‍රියාවලිය සිදුවීමට නියමිතය. මෙහිදී සිදුවන කොටස් හුවමාරුව යම්තාක් දුරටකට සංකීර්ණ එකක් වන අතර ඒ සඳහා අධිකරණ අනුමැතිය ලබාගැනීමට සමාගම් අපේක්ෂාවෙන් සිටී. සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන ගේ සභාපතිත්වයෙන් යුතු මෙල්ස්ටාකෝප් සමූහය යටතට මෙරට ප්‍රමුඛ පෙළේ…
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය/ යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතිය – 2014 සැප්තැම්බර් මාසයේදී එළඹි මුල් ගිවිසුමට ඇතුළත් කළ යුතු යැයි යෝජිත සංශෝධනවල සාරාංශයක් පහත දැක්වෙයි. මෙය මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සම්මත කිරීමට යෝජිතව ඇත. සින්නක්කර ඉඩම් පසුගිය රජය විසින් 2014 සැප්තැම්බර් මාසයේදී අත්සන් තබන ලද ගිවිසුම ප්‍රකාර, සී.එච්.ඊ.සී. පෝට් සිටි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට (ව්‍යාපෘති සමාගම)…
2016 මැයි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 125,044 ක් දක්වා ඉහළගොස් තිබෙන අතර එය 2015 මැයි මාසයට සාපේක්ෂව 10.1% ක වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව කියා සිටී. මේ අනුව 2016 පළමු මාස 05 තුළ පැමිණ තිබෙන සංචාරකයින් ගණන 846,229 ක් බවත් 2015 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී එය 18.4%…
Video Story