Top News

වාද්දූවේ සෙරීන් පැවිලියන්ස් කොටස්කරුවෝ සමථයකට පත්වෙති

වාද්දූවේ පිහිටි සෙරීන් පැවිලියන්ස් (Serene Pavilions) හෝටලයේ කොටස් හිමිකාරීත්වය සම්බන්ධයෙන් තිබුණු ගැටලු සමථයකට පත්කර ගැනීමට හෝටලයේ කොටස්කරුවන් සමත්වී තිබේ. මේ අනුව, මෙම හෝටලයේ සියයට 30 ක කොටස් හිමිකාරීත්වයක් හිමිව තිබුණු අනුර ලොකුහෙට්ටි මහතා පසුගියදා තමන් සතුවූ කොටස් සියල්ල සුමිත් ගුරුගේ සහ ජිට් වර්ණකුලසූරිය යන කොටස්කරුවන් දෙදෙනාට අලෙවිකළ බව සුමිත් ගුරුගේ මහතා අප සමග සඳහන් කළේය….

(0)Comments | May 27, 2015 9:54 am

රේගු ප්‍රධානියා හදිසියේ ඉල්ලා අස්වීම ගැන නැව්ගත කරන්නන් කණගාටුවේ

අවංක මෙන්ම විනිවිදභාවයකින් කටයුතු කළ ජගත් පී. විජේවීර මහතා හදිසියේම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීම පිළිබඳව දැඩි ලෙස කණගාටු වනබව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ ආයතනය පවසා තිබේ. ආනයන සහ අපනයන කරුවන් මුහුණ දෙන ගැටළු නිරාකරණය කිරීමට අඛණ්ඩව කැපවී ක්‍රියාකළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරුන් අතලොස්ස අතුරින් විජේවීර මහතා කෙනෙකු වූ බව ශ්‍රී ලංකා නැව්ගත කරන්නන්ගේ…

(0)Comments | May 26, 2015 1:02 pm

රජයේ ආදායම් ඉහළට. රේගුවේ ප්‍රධානියා ඉල්ලා අස්වේ

මේ වසරේ මුල් මාස තුන තුළදී මෙරට රාජ්‍ය ආදායම් පසුගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 08 කින් වර්ධනය වී ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි. මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජගත් පී විජේවීර මහතා පුද්ගලික හේතුමත ඉල්ලා අස්වූ බවත් රජය එම ඉල්ලා…

(0)Comments | May 25, 2015 7:26 pm

ගෝල්ඩන් කී මුදල් ආපසු ගෙවීම අර්බුදයේ ?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදෙන තුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා තිබෙන වසර හයක පමණ කාලයක් විභාග කර තිබෙන නඩුව ඉල්ලා අස්කර නොගන්නා බව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ගේ සංගමයේ සභාපතිනිය වන දුෂ්‍යන්ති හපුගොඩ මහත්මිය සඳහන් කරයි. අප සමග සම්බන්ධ වෙමින් ඇය පැවසුවේ මෙම නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන්…

(0)Comments | May 25, 2015 6:44 am

මෙන්න! කොමර්ෂල් බැංකුව ලාභ ලැබූ හැටි

2015 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී කොමර්ෂල් බැංකුවේ බදු වලට පසු ලාභය රුපියල් බිලියන 2.509 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයක් පෙන්වමින් 2015 වසර සඳහා බැංකුවට ශක්තිමත් ආරම්භයක් ලබා දී ඇත. මෙහිදී, පසුගිය වසරට සාපේක්ෂව ණය සහ අයවිය යුතු මුදල්වල සහ ගනුදෙනුකරුවන් සිදුකළ තැන්පතුවල ශක්තිමත් වර්ධනය මෙන්ම අඩු පිරිවැය තුලින් ලබාගත් රුපියල් බිලියන…

(0)Comments | May 22, 2015 7:40 am

සිරස පුවත ගැන කල්පිටිය බීච් රිසෝට් මෙසේ කියයි

සිට්රස් ලෙෂර් සමාගමට අයත් කල්පිටිය බීච් රිසෝට් හෝටලය සම්බන්ධයෙන් සිරස මාධ්‍ය ආයතනය විසින් පසුගියදා විකාශය කරනු ලැබූ අසත්‍ය ප්‍රචාරය පිළිබඳ එම හෝටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් කරුණු දැක්වීමක් කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේද සඳහන්ය. කල්පිටිය බීච් රිසෝට් යනු සිට්රස් ලෙෂර් සමාගමට අයත් ව්‍යාපෘති තුනෙක් එකක් පමණි. මේ අතුරින් දැනටමත් හික්කඩුව…

(0)Comments | May 21, 2015 4:01 am

අපේ සයුර දූෂණයෙන් රැක ගැනීමට මෘදුකාංගයක්

ශ්‍රී ලංකාවට සේන්දු වන නෞකා මගින් මෙරට සාගර කලාපය දූෂණය වීම වැළැක්වීම සඳහා සහාය කර ගත හැකි මෘදුකාංගයක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සහ සමුද්‍රීය පරිසර ආ‍රක්‍ෂණ අධිකාරිය ඒකාබද්ධව සකස් කර ඇත. ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නෞකාවන් පිළිබදව කලින් තොරතුරු දැනගනිමින් එම නෞකා වල තිබෙන අපද්‍රව්‍යය ඉවත් කිරීමට අදාළ කටයුතු වඩාත් විධිමත්…

(0)Comments | May 20, 2015 8:34 am

2018 පසු ලංකාවට ඛනිජ තෙල් හා ගෑස් නිධි රැසක් ?

ගොඩබිම සිට කිලෝ මීටර් 800 ක් දක්වා දුරකට විහිදෙන මුහුදු සීමාවක් 2018 වසරේදී ලංකාවට අයත්වීමට නියමිත බවත් එම මුහුදු ප්‍රදේශයේ ඛනිජ තෙල් සහ ගෑස් සම්පත තිබෙන බවට විශ්වාස කරන බවත් සමුද්‍ර කටයුතු ලේකම් කාර්යාලයේ (National Ocean Affairs Committee) සභාපති, ක්‍රිස් තිලක ශ්‍රී ධර්මකීර්ති මහතා සඳහන් කරයි. අප සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ…

(0)Comments | May 20, 2015 4:24 am

කෝටි 200ක වන්දි ඉල්ලා සිරසේ රාජා මහේන්ද්‍රන්ට දෙරණේ දිලිත් ජයවීරගෙන් එන්තරවාසියක්

සිරස මාධ්‍ය ජාලය විසින් පළකරනු ලැබූ අසත්‍ය හා ද්වේෂ සහගත පුවත් තුළින් දෙරණ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලිත් ජයවීර මහතාගේ කීර්ති නාමයට සිදුවූ හානිය වෙනුවෙන් කෝටි 200 ක වන්දියක් ඉල්ලා ඔහුගේ නීතිඥවරයා විසින් එන්තරවාසියක් යවා තිබේ. ඒ අනුව සිරස මාධ්‍ය ජාලය,එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂ රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් මෙන්ම ආර්ථික තොරතුරු විශ්ලේෂකයෙකු යයි කියා ගන්නා ෆරාස් ෂව්කෙට්ලි යන අයට…

(0)Comments | May 18, 2015 1:56 pm

විනිමය චෝදනා වලින් ඇමති රවී නිදහස්

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු තවත් තිදෙනෙකුට එරෙහිව එල්ල කර තිබූ විනිමය පාලන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා වලින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද කටයුතු කළේය. විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් විදේශ මුදල් තොගයක් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.

(0)Comments | May 18, 2015 11:35 am