කොළඹ ජනාධිපති මන්දිරය අසල අධි ආරක්ෂිත කලාපයේ පිහිටි ගොඩනැඟිලි හා අරලියගහ මන්දිරය අවට පිහිටි දැනට ආරක්ෂක අංශ භාරයේ පවතින ගොඩනැඟිලි නිදහස් කිරීමට රජය විසින් තීරණය කර තිබේ. මීට අමතරව, යුද සමයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 11,639 ක ඉඩම් ප්‍රමාණයෙන් විශාල ඉඩම් ප්‍රමාණයක් මේ වනවිට නිදහස් කර ඇති බවත් පලාලි ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා…
අතුරු අයවැය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් තැන්පතු වෙනුවෙන් සියයට 15 ක පොලී අනුපාතයක් ලබාදීමට කර තිබෙන යෝජනාව නිසි පරිදි ක්‍රියාත්මක නොකළ ලංකා බැංකුවේ නිළධාරීන් පිරිසකගේ සේවය අත්හිටවූ බව මුදල් අමාත්‍යවරයා කියයි. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බවත් එතෙක් මොවුන්ගේ සේවය අත්හිටුවීම කර තිබෙන බවයි.
ඉන්දියානු මෝටර් රථ අලෙවි කරන එක්තරා සමාගමක් රජය විසින් අතුරු අයවැයෙන් ලබාදුන් බදු සහනය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාට ලබා නොදෙන්නේ යැයි තමා අනාවරණය කිරීමෙන් පසුව අදාළ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා අද උදෑසන පැමිණ තමාව මුණගැසී සාකච්ඡා කළබව මුදල් අමාත්‍යවරයා පැවසීය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේ රජය විසින් ලබාදී තිබෙන සම්පූර්ණ බදු සහනය මෝටර් රථ මිලදී ගන්නා පාරිභෝගිකයාට…
අයවැයෙන් ලබාදී තිබෙන බදු සහනයට සාපේක්ෂව මෝටර් රථවල මිල ගණන් අඩුකර නොමැති එක්තරා ඉන්දියානු මෝටර් රථ සමාගමක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී තිබේ. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද මාධ්‍ය වෙත පැවසුවේ එක්තරා ඉන්දියානු සමාගමක් රුපියල් 2,30,000 ක පමණ මිල අඩුකිරීමක් කළ යුතුව තිබෙන මෝටර් රථවල මිල අඩුකර තිබෙන්නේ රුපියල් 30,000 කින් පමණක් බවත් වහාම එය…
ව්‍යාපාරික අදහස් තිබෙන අයට එම අදහස ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාදෙන ක්‍රමයක් ලෙස “වෙන්චර් කැපිටල්“ (Venture Capital) හඳුන්වාදිය හැකියි. ලංකාවේදීත් දැන් මෙම ක්‍රමයට ව්‍යාපාරික අදහස් ක්‍රියාත්මක කිරීමට මුදල් ලබාගත හැකියි. මේ සම්බන්ධයෙන් අද දෙරණ 24X7 නාලිකාවේ BIZ 24X7 වැඩසටහන “බ්ලූ ඕෂන් වෙන්චර්ස්“ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රජීත් බාලසුබ්‍රමනියම් මහතා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙන්න!
ශ්‍රී ලංකාවේ නව අතුරු අයවැය මගින් අයවැ හිඟය සියයට 4.4 කට අඩු කිරීමට යෝජනා කර තිබුණත් වර්තන වියදම් (current spending) වැඩිවීම හේතුවෙන් උද්ධමනය සහ ආර්ථික අසමතුලිතතාවයන් වර්ධනය වීමේ හැකියාවක් තිබෙන බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනය අනතුරු හඟවා තිබේ. මෙම අයවැයේ හිඟය වන දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 4.4 ක්…
රජයේ සේවකයින්ට තීරු බදු සහන යටතේ වාහන මිලදීගැනීම සඳහා ලබාදෙන බලපත්‍ර වසර හතරක් යනතෙක් පැවරිය නොහැකියැයි නව රජය විසින් තීරණය කර ඇතැයි අනාවරණය වේ. මුදල් අමාත්‍යංශයේ උසස් නිළධාරියෙකු අප සමග පැවසුවේ මෙම තීරණය ගෙන තිබෙන බවත් එයට අදාළ චක්‍රලේඛය ඉදිරියේදී නිකුත් කරන බවයි. රජයේ සේවකයින්ට තීරුබදු සහන යටතේ ලබාදෙන වාහන බලපත්‍ර වෙනත් අයෙකුට පැවරිය හැකියැයි…
ජාතික ඔලිම්පික් කමිටුවේ වර්තමාන සභාපතිවරයා මෙන්ම කලක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබෙන හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබේ. හේමසිරි ප්‍රනාන්දු මහතා අප සමග පැවසුවේ මෙම පත්වීමට අදාළ ලිපිය අද පස්වරුවේ තමන්ට ලැබුණු බවත් නුදුරු දිනකදී වැඩ භාරගැනීමට නියමිත බවයි. හෙතෙම හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලේකම්වරයා ලෙසද…
ටී.වී. දෙරණ තුළින් පෙබරවාරි 04 වනදා රාත්‍රී 10.30 සිට විකාශය වූ විශේෂ වාද පිටිය වැඩසටහන නව රජයේ අතුරු අයවැය රටට සහ ඔබට බලපාන ආකාරය පිළිබඳව විමසා බැලීමේ විශ්ලේෂණාත්මක කතා බහක් විය. මෙහි විශේෂත්වය වූයේ ආර්ථික විශ්ලේෂකයින් සහ ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ට පමණක් මෙම සාකච්ඡාව සඳහා අවස්ථාව ලබාදීමයි. මෙම විශේෂ වාදපිටිය වැඩසටහනට ලර්න් ඒෂියා ආයතනයේ සභාපති, මහාචාර්ය…
රේණුක ෆුඩ්ස් පී.එල්.සී සමාගමට අනුබද්ධ ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් සමාගම විසින් රිච් ලයිෆ් ඩයරීස් ලිමිටඩ් සමාගමේ සියයට 50 ක කොටස් රේණුක ඇග්‍රි ෆුඩ්ස් සමාගමෙන් රුපියල් මිලියන 605 කට මිලදී ගෙන තිබේ. මෙහිදී, සාමාන්‍ය කොටස් මිලියන 20.2 ක් මිලදීගෙන ඇත. ෂෝ වොලස් සිලෝන් ලිමිටඩ් යනු FMCG අංශයේ නිෂ්පාදන කිරීමේ සහ බෙදාහැරීමේ මෙරට ප්‍රමුඛ සමාගමකි.
Video Story