Top News

ලංකාව අවසන් තරගයට ආවොත් අපිත් එක්ක බංග්ලාදේශයට යන්න ඔබත් එන්න

අයි.සී.සී. ලෝක කුසලාන විස්සයි-විස්ස තරගාවලියේ අද පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ලබන ඉරිදා ශ්‍රී ලංකාව තරග වදින අවසන් මහා තරගය නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට බංග්ලාදේශයට යාම ඇතුළු පහසුකම් සැපයීමට ජෝර්ජ් ස්ටුවර්ට් ට්‍රැවල්ස් සමාගම සහ මිහින් ලංකා අත්වැල් බැඳගනී. මේ අනුව, ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට පැමිණය හොත් ලබන ඉරිදා (06) උදෑසන මිහින්…

(0)Comments | April 3, 2014 8:55 am

බත්තරමුල්ලේ සිට මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සැරසෙයි

බත්තරමුල්ල ප්‍රදේශයේ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නාගරික සංවර්ධන අධිකාරිය විසින් මංතීරු හතරක නව මාර්ගයක් ඉදිකිරීමට සූදානම් වේ. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ- සැලසුම්, ප්‍රියානි නවරත්න මහත්මිය පැවසුවේ මෙම මාර්ගයේ මුල් අදියර බත්තරමුල්ල දියත උද්‍යානය ආරම්භ වන පොල්දූව හන්දියේ සිට සෙත්සිරිපාය පිටුපසින් සුභූතිපුර දක්වා ඉදිකිරීමට කටයුතු…

(0)Comments | April 3, 2014 6:28 am

විදේශීය බැල්ම වැඩිවේ. අද කොටස් පොළේ රැළි මෙන්න!

අද කොටස් වෙළඳ පොළ ගනුදෙනු පහළ ගියද විශේෂයෙන්ම කැපී පෙනුනේ විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 853 ක් වටිනා ශුද්ධ කොටස් මිලදීගැනීමක් කිරීමයි. මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 1033 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 180 ක් වටිනා කොටස් විකිණීම කළේය. දිනයේ වෙළඳ පොළ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය සියයට 31 කි. අද…

(0)Comments | April 2, 2014 11:51 am

සිංහපුත්‍ර ෆයිනෑන්ස් නව ප්‍රධානියෙකු පත් කරයි

සිංහපුත්‍ර ෆයිනෑන්ස් සමාගමේ සභාපති ධුරය සඳහා ජෝසෆ් රියෙන්සි ජයලත් නානායක්කාර මහතා පත්කර තිබේ. මෙම පත්කිරීම 2014 අප්‍රේල් 01 වනදා සිට බලපැවැත්වේ.

(0)Comments | April 2, 2014 9:55 am

විදුලි බල මණ්ඩලයට දෙපැත්තකින් වදී

පවතින අධික වියලි කාලගුණ තත්ත්වය නිසා මේ දිනවල ලංකා විදුලි බල මණ්ඩලයේ ජල විදුලි උත්පාදනය සියයට 15 ක් දක්වා පහත වැටී තිබෙන බවත් සියයට 85 ක්ම විදුලිය උත්පාදනය කරන්නේ තෙල් සහ ගල් අඟුරු වලින් බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියයි. ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී.ගනේගල මහතා අප සමග පැවසුවේ මේ දිනවල විදුලිය උත්පාදනය…

(0)Comments | April 2, 2014 2:47 am

NTB ලොකු පුටුවට ක්‍රිෂාන්

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පත්කර තිබේ. මේ අනුව, බාලේන්ද්‍ර මහතා නව තනතුරේ 2014 මැයි 01 වනදා සිට වැඩකරනු ඇත.

(0)Comments | April 1, 2014 11:46 am

මෙරට බැංකු කිහිපයකටම උපක්‍රමික ආයෝජකයින්

මෙරට බැංකු සහ බැංකු නොවන මූල්‍යායතන කිහිපයකටම නව ප්‍රාග්ධනය එක් කිරීමට උපක්‍රමික ආයෝජකයින් කිහිප දෙනෙකුම කැමැත්ත පළකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එවැනි ආයෝජන මගින් මෙම ආයතනවල ශේෂ පත්‍රය ශක්තිමත් වනු ඇති බවත් ව්‍යාපාර පුළුල් කර ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි. මේ අතර, මූල්‍ය අංශය…

(0)Comments | April 1, 2014 8:45 am

සියැට් වෙතින් මිලියන 600 ක ආයෝජනයක්

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම නිපදවන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමට නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට රුපියල් මිලියන 600 ක ආයෝජනයක් සිදුකරයි. මෙම නව කර්මාන්ත ශාලාව කැළණියේ පිහිටි සියැට් කැළණි නිෂ්පාදන සංකීර්ණය සමග ඒකාබද්ධ වන ලෙස පිහිටුවා තිබේ. සමාගම සඳහන් කරන්නේ මේ තුළින් දේශීය හා අපනයන වෙළෙඳ පොළ සඳහා අවශ්‍ය සියැට් සන්නාමය…

(0)Comments | April 1, 2014 6:44 am

CIC කැළණි වැලි ව්‍යාපාරය C.W. Mackie අතට

CIC Agri Business සමාගමට අයත් Kelani Valley Canneries Ltd හි, සියයට 88.23 ක කොටස් රුපියල් මිලියන 130 කට C.W. Mackie සමාගම විසින් මිලදීගෙන තිබේ. මෙහිදී, කොටස් මිලියන 30.5 ක් මිලදීගෙන තිබෙන අතර Kelani Valley Canneries සමාගම KVC සන්නාමය යටතේ ජෑම්, කොඩියල්, සෝස්, ඇතුළු ආහාර නිෂ්පාදනය කළේය.

(0)Comments | April 1, 2014 1:25 am

ඡන්ද ප්‍රතිඵල මැද්දේ කොටස් ප්‍රතිඵල මෙන්න

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමෙන් පසුව කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු සිදුවූ පළමු දිනය වූ අද දකින්නට ලැබුණේ මිශ්‍ර ප්‍රතිඵල වන අතර විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 56 ක ශුද්ධ මිලදී ගැනීම් කර තිබේ. මේ අනුව, අද විදේශීය ආයෝජකයින් විසින් රුපියල් මිලියන 114 ක් වටිනා කොටස් මිලදීගත් අතර රුපියල් මිලියන 58 ක්…

(0)Comments | March 31, 2014 11:58 am