Top News

සංචාරක පැමිණීම හත්ලක්ෂය ඉක්මවයි 

2024 අප්‍රේල් පළමු දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 82,531 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 718,315 ක් දක්වා ඉහළ ගොස් ඇත. අප්‍රේල් මාසයේ පළමු දින 15 තුළ පැමිණ ඇති…

(0)Comments | April 18, 2024 1:50 pm

ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ඒකාබද්ධ කිරීමේ ගිවිසුමට ඩයලොග් – එයාර්ටෙල් අත්සන් තබයි

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), ආසිආටා බර්හාඩ් සමූහය (“Axiata”) සහ භාරතී එයාර්ටෙල් සමාගම (“Bharti Airtel”) (යන “පාර්ශ්ව”) ශ්‍රී ලංකාවේ තම මෙහෙයුම් ඒකාබද්ධ කිරීමට අදාළ නිශ්චිත ගිවිසුම්, අත්සන් කරන ලදී. මේ යටතේ භාරතී එයාර්ටෙල් සමාගමේ සමස්ත කොටස් නිකුතුව ඩයලොග් සමාගම විසින් අත්පත් කරගනු ලැබේ. ඒ සඳහා, Dialog සමාගමේ කොටස් ප්‍රමාණයෙන් 10.355% ක ප්‍රමාණයක් භාරතී එයාර්ටෙල් සමාගම වෙත…

(0)Comments | April 18, 2024 12:45 pm

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට AI තාක්ෂණය තුළින් වෙළෙඳපොළ තොරතුරු ලබා ගැනීමට  Softlogic Stockbrokers, ‘StockGPT’ නවීන වේදිකාව ගොඩනඟයි

සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත. Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත කරනු ලබන…

(0)Comments | April 18, 2024 12:38 pm

කොමර්ෂල් බැංකුවට නව සභාපතිවරයෙක් සහ නියෝජ්‍ය සභාපතිවරයෙක්

කොමර්ෂල් බැංකුව 2024 අප්‍රේල් 22 වන සඳුදා සිට බලපැවැත්වෙන ලෙස සිය සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුෂීන් මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මූල්‍ය සේවා වෘත්තිකයෙකු වන රාජා සේනානායක මහතා පත් කර තිබේ. මුෂීන් මහතා මීට පෙර කොමර්ෂල් බැංකුවේ උපසභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා එම…

(0)Comments | April 18, 2024 11:02 am

ඊයේ වැටුණු කොටස් වෙළෙඳපොළ අද යළි නැගිටියි. පිරිවැටුම දෙබිලියනය ඉක්මවයි

ඊයේ (16) දිනයේ දී දැවැන්ත පරිහානියක් වාර්තා කළ කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශක අද (17) දිනයේ දී නැවත වතාවක් ධනාත්මක හැසිරීමක් වාර්තා කර තිබේ. ඒ අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 38.78 කින් ඉහළ ගොස් ඒකක 11,830.94 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 21.07 කින් ඉහළ ගොස් ඒකක…

(0)Comments | April 17, 2024 4:20 pm

උද්ධමනය අඩු වී දරිද්‍රතා රේඛාව පහළට. මාසයක් ජීවත් වෙන්න අවශ්‍ය අවම මුදල මෙන්න

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා අදාළ වන නිල දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබේ. මෙම සටහනට අනුව පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 16,975 ක් ලෙසින් දක්වා ඇත. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2024 ජනවාරි මාසයට සාපේක්ෂව 2024 පෙබරවාරි මාසයේ දී මෙම අගයයෙහි…

(0)Comments | April 17, 2024 3:48 pm

මහ බැංකු අධිපති ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවකට එක්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (16) එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) තිරසාර බැංකු හා මූල්‍ය ජාලයේ (Sustainable Banking and Financing Network – SBFN) ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමඟ වටමේස සාකච්ඡාවකට එක්විය. මෙම වටමේස සාකච්ඡාවේදී මහ බැංකු අධිපතිවරයා විසින් විවිධ අභියෝග මධ්‍යයේ, තිරසාර මූල්‍යකරණ මුලපිරීම ඉදිරියට ගෙන…

(0)Comments | April 17, 2024 3:19 pm

ඩොලරය යළි උඩ යන ලකුණු

පසුගිය කාර්තුව පුරාවට එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩ අතිප්‍රමාණය වීමක් පෙන්නුම් කළ අතර එම ප්‍රවණතාවය යම්තාක් දුරකට විචලනය වී ඇති බවක් ඊයේ (16) සහ අද (17) දිනයේ දී විනිමය අනුපාතික චලිතයන් අනුව නිරීක්ෂණය වේ. පසුගිය අප්‍රේල් 15 වන දින වන විට ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 298.49 ක් දක්වා පහළ වැටුණු අතර…

(0)Comments | April 17, 2024 11:43 am

ISB ප්‍රතිව්‍යූහගතකරණය ගැන සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් – රජයෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකාව විසින් නිකුත් කර ඇති ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණය (International Sovereign Bonds – ISB) සම්බන්ධයෙන් පසුගිය සති තුන පුරාවට ශ්‍රී ලංකා රජය සහ බැඳුම්කර හිමියන් නියෝජනය කරමින් සහභාගී වූ කණ්ඩායම සමඟ පැවති සාකච්ඡා අවසන් කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් සඳහන් කරයි. බාහිරට අනාවරණය නොවන ලෙස පැවති මෙම සීමාකාරී සාකච්ඡා (restricted…

(0)Comments | April 16, 2024 4:37 pm

කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (16) දිනයේ දී වාර්තා විය. එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 214.04 ක හෙවත් 1.78%ක පහළ යාමක් වාර්තා කළේය. S&P SL20 දර්ශකය ඒකක 94.92 කින් හෙවත් 2.66% කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු…

(0)Comments | April 16, 2024 3:56 pm