2022 වර්ෂයේ දි ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතල ආර්ථීක පසුබෑමෙන් පසුව 2024 වර්ෂයේදි ශ්‍රී ලංකාවේ ආර්ථීකය ස්ථාවර වීමේ ලකුණූ පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවට ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. නමුත්, රට තුල තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළඳපොළ ගැටළු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි….
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද පනත් කෙටුම්පත් කිහිපයකට තමා විසින් ඊයේ (01) සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (02) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. සුරක්ෂිතලත් ගනුදෙනු, ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන), භාර ලදුපත් (සංශෝධන), උකස් (සංශෝධන), කල්බදු මූල්‍යකරණ (සංශෝධන), දේශීය භාර ලදුපත් (සංශෝධන) සහ සමාගම් (සංශෝධන) නමැති පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සහතිකය සටහන්…
2024 මාර්තු මාසය තුළ දී විදෙස් සංචාරකයින් 209,181ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2023 දෙසැම්බර් මාසයේ සිට මාසිකව දෙලක්ෂයක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි අඛණ්ඩ සිව්වැනි මාසය ලෙසින් පසුගිය මාර්තු මාසය දැක්විය හැකිය. 2024 මාර්තු මාසයේ පැමිණ ඇති මෙම සංචාරකයින් සංඛ්‍යාවත් සමඟම මෙම…
මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් ලබා නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන පාරිභෝගිකයින්ගේ රු. 500/-ට වැඩි බිල්පත් වටිනාකමට රුපියල් 5ක ඉතිරියක් වසරකට ප්ලාස්ටික් ටොන් 80 පමණ බර, පෑන් මිලියන 120ක් වෙළඳපොලට – කාරක සභාවේදී අනාවරණය වෙයි දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳ සැල් හා ඒවායේ වෙළඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල්…
සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා පුළුල් බඳ සහිත ගුවන්යානා පහක (05) අවශ්‍යතාවයෙන් ගුවන්යානා දෙකක් (02) මෙහෙයුම් කල්බදු යටතේ ලබා ගැනීමේ කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම පිණිස 2024-03-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව, අතිරේක ගුවන්යානාවක් සහිතව පහත සඳහන්…
2022/23 (අප්‍රේල් සිට මාර්තු) මූල්‍ය වර්ෂයේ ලබාදුන් බදු සහන හේතුවෙන් රුපියල් බිලියන 978ක බදු ආදායමක් අහිමිව තිබෙණ බව ආණ්ඩුව වාර්තා කළේ ය. මෙසේ අහිමි කරගෙන ඇති බදු ආදායමේ ප්‍රමාණය 2022 වසරේ එකතුකරගෙන ඇති බදු ආදායමෙන් 56%ක් වේ. ආර්ථිකය පිළිබද විශ්ලේෂණ සහ විදසුන් සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk මෙකී කරුණු අනාවරණය කළ අතර, මෙම…
ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව පසුගියදා නිවේදනය කරන ලදී. ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර අඩුම වියදමක් යටතේ සංචාරය කිරීම සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුම සපුරාලීමේ සුවිශේෂී සංධිස්ථානයක් ලෙසද මෙය සඳහන් කළ හැකිය. වේගයෙන්…
අද (01) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය වඩාත් සක්‍රීය ස්වභාවයක් පෙන්නුම් කරනු ලැබීය. දිනයේ මුල් පැය කිහිපය තුළ දී මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණ ද දිනය අවසානය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 34.62 ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසාන වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක…
පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි. මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම…
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අද (01) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතය (USD/LKR SPOT Indicative Exchange Rate) රු. 300.40 ක් ලෙසින් වාර්තා වේ. ඩොලරයේ අගය මෙලෙස රු. 300 මට්ටමට පැමිණ ඇත්තෙ 2023 ජූනි 13 දිනෙන් පසුව වීම විශේෂත්වයකි. මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 295.57 ක් හා විකුණුම්…
Video Story