Top News

කොටස් වෙළෙඳපොළ ජයග්‍රාහීව ඉදිරියට. අද රු. බිලියන 5කට ආසන්න පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද දිනයේ දීද දැකගත හැකි විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 93.07 කින් ඉහළ ගොස් ඒකක 12,863.65 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 15.01 කින් ඉහළ ගොස් ඒකක 3,879.33 ක් ලෙසත් දිනය අවසානයේ දී සටහන්ව තිබුණි. මෙල්ස්ටාකෝප්, HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ LOLC හෝල්ඩිංග්ස් යන…

(0)Comments | November 1, 2024 6:18 pm

ආචාර්ය හාන්ස් විජයසූරිය ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට

ඩයලොග් ආසිආටා හි මව් සමාගම වන ආසිආටා ගෲප් බර්හාඩ් හි සමූහ විධායක අධ්‍යක්ෂ සහ එහි විදුලි සංදේශ ව්‍යාපාර සම්බන්ධ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක තනතුරට පත්කර තිබේ. මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද (01) දින ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා වෙත පිරිනමන ලදී….

(0)Comments | November 1, 2024 4:49 pm

විදුලිබල මණ්ඩලය හොඳටම කරලා. රජය සතු ව්‍යාපාර 52 ක තත්ත්වය මෙන්න

2024 වර්ෂයේ මුල් මාස 06 තුළ රාජ්‍ය ව්‍යවසායයන් 52 ක කාර්ය සාධනය පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් වී තිබේ. මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මෙය අන්තර්ගතව ඇත. එහි සඳහන් වන පරිදි රජය සතු ව්‍යවසායයන් 52 ක් විසින් 2024 මුල් මාස 06 තුළ වාර්තා කර ඇති සමස්ත ලාභය…

(0)Comments | November 1, 2024 3:21 pm

ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 500ක විදෙස් ණය ගෙවයි

මෙම වසරේ ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 503.0 ක විදෙස් ණය සේවා ගෙවීම් සිදුකර ඇති බව වාර්තා වේ. එහිදී ඩොලර් මිලියන 275.1ක් මූලික ණය ආපසු ගෙවීම් හා ඩොලර් මිලියන 227.9 ක් පොලී ගෙවීම් ලෙසත් සටහන්ව ඇත. 2024 ජුනි මස අවසන් වන විට රජයේ විදේශ ණය ප්‍රමාණය ඩොලර්…

(0)Comments | November 1, 2024 12:11 pm

IMF තෙවැනි සමාලෝචනය අයවැයෙන් පසු – මහ බැංකු අධිපති කියයි

මෙම වසර අවසානයේ දී ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉන් අනතුරුව හැකි ඉක්මනින් ණය ‘පැහැර හැරීමේ‘ ශ්‍රේණියෙන් ඉවත් වීමට කටයුතු කරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එක්සත් ජනපදයේ වොෂිංටන් නුවර පැවති  ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවායේ…

(0)Comments | October 31, 2024 4:58 pm

ඩොලර් මිලියන 8.5ක ආයෝජනයකට Transdigm Group සමාගම BOI සමග එක්වෙයි

ගෝලීය ගුවන් සේවා සඳහා ඉංජිනේරු විසඳුම් සපයන්නෙකු ලෙස ඉහලින්ම සිටින Transdigm Group සමාගම මෙරට ක්‍රියාත්මක AmSafe BirdPort සමාගම හා එක් වෙමින් SHIELD නමින් නව කර්මාන්ත ශාලාවක් වතුපිටිවල ආයෝජන කලාපයේ ආරම්භ කරයි. ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ආයෝජනයකින් ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාව සදහා මුල් ගල තැබීම අද (31) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපි‌ටිවල ආයෝජන කලාපයේ සිදු…

(0)Comments | October 31, 2024 4:49 pm

සංචාරකයින් ලක්ෂ 16ක් දිවයිනට. ආරුගම්බේ සිද්ධිය නිසා සංචාරක පැමිණීමට බලපෑමක් නැහැ. දත්ත වාර්තා පෙන්වා දෙයි

2024 ඔක්තෝබර් මාසයේ මුල් දින 27 තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 117,141 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් ප්‍රමාණය 1,601,949 ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය ඔක්තෝබර් 23 වැනිදා එක්සත් ජනපදය විසින් සිය පුරවැසියන්ට සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් සිදුකළේය….

(0)Comments | October 31, 2024 2:49 pm

කොටස් වෙළෙඳපොළේ ජනවාරි 01 වැනිදා නිවාඩුව අහෝසියි

2025 වසර සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දින ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. මෙහි ඇති විශේෂත්වය නම් මෙතෙක් වසරේ පළමු දින, එනම් ජනවාරි 01 වැනිදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කර තිබුණු සම්ප්‍රදාය එළඹෙන 2025 වසරේ සිට අහෝසි වී තිබීමයි. මේ දක්වා සෑම වසරකම ජනවාරි පළමුවැනිදා කොටස් වෙළෙඳපොළට නිවාඩු දිනයක් වූ අතර එය CSE Customary Holiday…

(0)Comments | October 31, 2024 1:16 pm

ලංකා වැවිලිකරුවන්ගේ සංගමය RPCs හි වතු කම්කරුවන් සහ කාර්ය මණ්ඩල සඳහා දීපවාලි උත්සව අත්තිකාරම් දීමනා වැඩිකරයි

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයට (PA) අයත් කලාපීය වැවිලි සමාගම් (RPCs) විසින් දීපවාලි උත්සව සමය වෙනුවෙන් සිය සේවකයින්ට ලබා දෙනු ලබන උත්සව අත්තිකාරම් දීමනා වැඩි කළ බව අද නිවේදනය කරන ලදී. ඒ අනුව සියලුම RPC වතු සේවකයින්ට දීපවාලී උත්සවය වෙනුවෙන් මීට පෙර ලබා දුන් රුපියල් 20,000 සිට රුපියල් 25,000 ක් දක්වා වැඩි කළ උත්සව අත්තිකාරම් දීමනාවක් ලැබුණු…

(0)Comments | October 31, 2024 12:46 pm

ජනාධිපතිවරණ සමයේ ඉදිකිරීම් කර්මාන්තය මන්දගාමී වෙලා – සමීක්ෂණයකින් හෙළිවෙයි

ඉදිකිරීම් අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 සැප්තැම්බර් මාසයේ දී දර්ශකාංක 48.6ක් වාර්තා කළ අතර, එමගින් ඉදිකිරීම් කටයුතුවල පහළ යෑමක් පෙන්නුම් කරනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මැතිවරණ වාතාවරණය තුළ ඉදිකිරීම් කටයුතුවල සිදුවූ යම් ප්‍රමාදයන් හේතුවෙන්, සමස්ත ක්‍රියාකාරකම්වල සුළු පසුබෑමක් නිරීක්ෂණය කළ බව සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ…

(0)Comments | October 31, 2024 11:27 am