Top News

ඔක්තෝබරයේ දී රුපියලේ සැලකිය යුතු අතිප්‍රමාණයක්

ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වීමේ ප්‍රවණතාව අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී. වසර තුළ දී වූ සමස්ත අතිප්‍රමාණය වීම හා අනුරූපීව 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු අතිප්‍රමාණය වීමක් වාර්තා කළේය. 2024 වසරේ ඔක්තෝබර් මස 30 දක්වා වසර තුළ…

(0)Comments | October 31, 2024 11:02 am

අද කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 7ක පිරිවැටුමක්

අද (30) කොළඹ කොටස් වෙළෙඳපොළ  ගනුදෙනු අවසානයේ දී රු. බිලියන 7 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය. ‍මෙය 2024 වසරේ පෙබරවාරි 07 වන දිනෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික පිරිවැටුම් අගය වේ. කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දින ඒකක 24.98 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 12,770.58 ක්…

(0)Comments | October 30, 2024 4:56 pm

කොළඹ උද්ධමනය අවධමනයක් වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ -0.5% හි සිට 2024 ඔක්තෝම්බර් මාසයේ දී -0.8% ක් දක්වා තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ පැවති සියයට -0.3% හි සිට 2024…

(0)Comments | October 30, 2024 3:39 pm

ශ්‍රී ලංකාවේ ඓතිහාසික මැණික් උරුමය ලොවට රැගෙන යන දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය FACETS 2025

දකුණු ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 31 වන ප්‍රදර්ශනය පිළිබඳ ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA) විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරන ලදී.  2025 වසරේ ජනවාරි 04 සිට 06 දක්වා කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා අන්තර්ජාතික වේදිකාවක් වන අතර, ලොව පුරා…

(0)Comments | October 30, 2024 3:20 pm

සේව්‍ය සේවක දේපාර්ෂවයේම සුරක්ෂිතබව සඳහා සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට සේවය අවසන් කිරීමේ නීති ප්‍රතිසංස්කරණයන් කළ යුතුයි

නොයෙල් ප්‍රියතිලක මහතා පවසයි (ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සහ ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති) රටේ පවතින ඩොලර් හිඟය සඳහා ප්‍රශස්ත විසඳුමක් වන අපනයන ආදායම් ඉහළ නැංවීම සහ නව ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා දැනට පවතින නීති සහ රෙගුලාසි කාලීන අවශ්‍යතාවන් පරිදි යාවත්කාලීන සහ ප්‍රතිසංස්කරණයට ලක් කළ යුතු බව ඒ්කාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ…

(0)Comments | October 30, 2024 2:55 pm

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – ජනපති

ඒ වෙනුවෙන් අපනයනකරුවන්ගේ පූර්ණ දායකත්වය අපේක්ෂා කරනවා ජනපති පවසයි රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ ඊයේ (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. අපනයන වෙළෙඳ…

(0)Comments | October 30, 2024 10:00 am

රටේ ආර්ථිකය ගොඩනැඟීමට බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන සැලසුම්

ශ්‍රී ලංකා බැංකු සංගමය හමුවේ ජනපති කියයි සියලු ජනතාව සුරක්ෂිත වන ආකාරයට රටේ අවිධිමත් ආර්ථිකය ක්‍රමානුකූලව විධිමත් කිරීමට පියවර ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණයටත් ඩිජිටල් හැඳුනුම් හැඳුනුම්පත ලබාදීමටත් සැලසුම් රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර…

(0)Comments | October 30, 2024 9:24 am

ආර්ථිකයට නව පිම්මක් ඇති කරමින් රට ඩිජිටල්කරණයට කඩිනම් පියවර

විදුලි බිල අඩු කිරීමට නව වැඩසටහනක්  ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයින්ට ජනපති කියයි කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය දීමට සූදානම් බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයෝ පවසති වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව…

(0)Comments | October 30, 2024 8:43 am

සල්ලි අච්චු ගැසූ කතාව පදනම් විරහිතයි – මහ බැංකුව අවධාරණය කරයි

විවට වෙළෙඳපොළ කටයුතු හරහා ශ්‍රී ලංකා මහ බැංකුව රු. බිලියන 100ක් අච්චු ගැසූ බවට මෑත කාලයේ වාර්තා පළ වී ඇති අතර, මෙම වාර්තා පදනම් විරහිත ඒවා බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ, මහ බැංකුව විවට වෙළෙඳපොළ කටයුතු හරහා ද්‍රවශීලතාව ලබාදීම සාමාන්‍ය මහ බැංකු…

(0)Comments | October 29, 2024 5:27 pm

ප්‍රබල සාමාජිකයා නොමැතිවත් කොටස් වෙළෙඳපොළ රජ ගමනේ

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (29) දින ඒකක 135.54 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 12,745.60 ක් ලෙසින් වාර්තා විය. මේ අතර අද දින S&P SL20 දර්ශකය ඒකක 64.83 ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ යන ලදී. 2022 පෙබරවාරි 03 දිනෙන් පසු සියලු කොටස්…

(0)Comments | October 29, 2024 3:48 pm