WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන Post මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබා ගනිමින් සිදුකෙරෙන සයිබර් වංචාවන් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය නිරීක්ෂණය කොට ඇත. ඒ අනුව විවිධ බැංකු, වාණිජ ආයතන, අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග, මුදල් තෑගි, දිනුම් වාසනා, අධික ලාභදායී භාණ්ඩ online ක්‍රමයට…
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වලට අනුව, 2024 සැප්තැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 937.95 ක් වූ අතර එය 2023 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 3.49% ක අඩුවීමක් වාර්තා කළේය. තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, විදුලි හා ඉලෙක්ට්‍රොනික හා මුහුදු ආහාර අපනයනයෙන් ඉපැයීම් අඩුවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු විය. 2024…
මෙරට තුළ මේ මොහත වන විට අලුතින් මුදල් අච්චු ගැසීමක් කිසිඳු ආකාරයකින් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පවසා සිටියේ අද (29) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී යි. අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පැවසුවේ බිලියනයක මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ බවට ප්‍රචාරය කරනු ලබන…
ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා ඇත. ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. තාක්ෂණ ඇගයීමේදී M/s Siam…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ පෝට් සිටි කලම්බෝ සමාගමේ (port city colombo private limited ) කළමණාකාර අධ්‍යක්ෂ ෂියොන්ග් හොංෆෙන්ග් (xiong Hongfeng) මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි. කොළඹ වාණිජ නගරයේ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අනාගත ආර්ථික අභියෝග ජයගැනීමේ නව සැලසුම් පිළිබඳවද මෙම…
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද දිනයේ දී ඒකක 92.48 කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 12,610.06 ක් ලෙසින් සටහන් විය. මෙය 2024 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වන අතර 2022 පෙබරවාරි 07 දිනෙන් පසු වාර්තා වී තිබෙන ඉහළම අගයය ද වේ….
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් ගනුදෙනු අද (28) දිනෙන් පසු, ගනුදෙනු දින 5ක කාලයක් සඳහා අත්හිටුවීමට නියමිතය. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි යෝජිත කොටස් අනුබෙදුම හේතුවෙන් එලෙස මෙම සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමක් හෙට (29) දින සිට ක්‍රියාත්මක වනු ඇත. ඒ අනුව අද (28) දිනෙන් පසු ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී…
මෙරට වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීම අපේක්ෂිත පසුබිමක, ආනයනය කරනු ලබන නව වාහන සඳහා අසත්‍ය මිල ගණන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා පුවත් රාශියක් මේ වන විට සංසරණය වෙමින් පවතියි. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ විශිෂ්ට සන්නාමයක් මෙන්ම Suzuki ඇතුළු අනෙකුත් ප්‍රමුඛ පෙළේ මෝටර් රථ සන්නාම සඳහා ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, මෙලෙස සංසරණය වන ව්‍යාජ තොරතුරු පිළිබඳව…
McDonald’s Corporation සහ International Restaurant Systems (පුද්) සමාගම අතර පැවති මෙරට නිල නියෝජිතත්වය පිළිබඳ එකඟතාවය නිල වශයෙන් අවසන් කර ඇති බව නිවේදනය කර සිටී. මෙම සමාගම් දෙක අන්‍යෝන්‍ය වශයෙන් නීතිමය එකඟතාවයකට පැමිණීමෙන් මෙරට නියෝජිතත්වය සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආරවුල් තත්ත්වය පිළිබඳව සමතයකට පැමිණ ඇත. ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, McDonald’s Corporation සහ International Restaurant Systems යන සමාගම්…
කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ මූල්‍ය ජාලයේ (SAARCFINANCE) අධිපතිවරුන්ගේ 46 වැනි රැස්වීම, සංගමයේ සභාපති වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන්, 2024 ඔක්තෝබර් මස 24 වැනි දින වොෂින්ටන් නුවර දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු වාර්ෂික රැස්වීම්වලට සමගාමීව පවත්වන ලදී. කලාපීය සහයෝගීතාව සඳහා වූ දකුණු ආසියානු සංගමයේ සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු, නියෝජ්‍ය…
Video Story