Top News

රටපුරා සංවර්ධන ව්‍යාපෘති ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්න – අගමැති

කොළඹ ඇතුළු රටපුරා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ජාතික සැලැස්මට අදාළව ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නිලධාරීන්ට ඊයේ (23) පස්වරුවේ උපදෙස් දුන්නේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක නාගරික පුනර්ජනන වැඩසටහන (URP) සහ කොළඹ නාගරික පුනර්ජනන වැඩසටහන සඳහා සහාය ව්‍යාපෘතිය (SCURP) සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීම අරලියගහ මන්දිරයේ පැවැති…

(0)Comments | February 24, 2022 4:24 pm

ඉතිහාසගත පිරීහීමකට කොටස් වෙළෙඳපොළ ලක්වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) දිනයේ දී ඒකක 560.71 ක පහළ යාමක් වාර්තා කළේය. මෙය මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ දෙවැනි විශාලතම කඩා වැටීමයි. එනම් එය දෙවැනි වන්නේ 2021 පෙබරවාරි 02 වැනි දින ඒකක 561.75කින් සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ කඩා වැටීමට පමණි. අද…

(0)Comments | February 24, 2022 3:53 pm

කොටස් වෙළෙඳපොළ අදත් කොට උඩ

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පස්වරු 1.42 ට අත්හිටුවන ලදී. කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය ඊයේ දිනට වඩා 5% ක ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස ස්වයංක්‍රීයවම ගනුදෙනු පද්ධතිය මිනිතුත් 30 ක කාලයක් සඳහා නැවතී තිබේ. පස්වරු 2.12 ට ගනුදෙනු සැසිය නැවත ආරම්භ වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී….

(0)Comments | February 24, 2022 1:53 pm

2017 පනත අධිභාර බද්දට අදාළ කරගන්න එපා – රනිල්

2017 දේශීය ආදායම් පනත අදාළ වන්නේ ආදායම් බදු සඳහා බවත් එහි පවතින නිර්වචන අධිභාර බදු පැනවීමේ දී අදාළ කර නොගන්නා ලෙසත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අධිභාර බද්ද සේවක අර්ථසාධක අරමුදලට අදාළ වූ ආකාරය 2017 දේශීය ආදායම් පනතේ සමාගමක් අර්ථ දක්වා ඇති ආකාරය අනුව සිදුවූවක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා…

(0)Comments | February 24, 2022 1:02 pm

ඩොලරයට පාලන මිලක් දාලා මේ ප්‍රශ්න විසඳන්න බැහැ – හර්ෂ

පසුගිය 2021 දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට ගලා ආ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණවල වටිනාකම ඩොලර් මිලියන 825 සිට ඩොලර් මිලියන 315 ක් දක්වා අඩු වී ඇති බවත්, ඩොලරයට රු. 200ක පාලන මිලක් දමා තිබීම ඊට හේතුව බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ‘අලුත් පාර්ලිමේන්තුව‘ සජීවී සංවාදාත්මක වැඩසටහන සමග එක්වෙමින් ඔහු…

(0)Comments | February 24, 2022 11:48 am

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් මූලික මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව බදු-පසු ලාභයේ 48% ක වර්ධනයක්

සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් (Sarvodaya Development Finance – SDF) සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුවෙන් පසු ප්‍රථම වරට සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇත. 2021 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ, 2021/22 මූල්‍ය වර්ෂයේ ප්‍රථම මාස 9 ට අදාළ මූල්‍ය ප්‍රතිඵල මේ ආකාරයට ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ප්‍රතිඵල වලට අනුව සමාගමේ බදු-පසු ලාභය 48% කින්, එනම් රු….

(0)Comments | February 24, 2022 10:41 am

කොටස් වෙළෙඳපොළ කඩාවැටෙන්නේ ඇයි?

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (23) දිනයේ දී දැඩි පසුබෑමකට ලක්විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,217.76 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,791.57 ක් ලෙසින් සටහන් වූ අතර පිළිවෙලින් ඒකක 374.54 ක් හා ඒකක 145.38 ක් වශයෙන් මෙම දර්ශක දෙක දිනය තුළ දී පහළ යන ලදී. අද…

(0)Comments | February 23, 2022 5:42 pm

ශ්‍රීලංකන් ගුවන් යානය ‘Raid Amazones 2022’ ලාංඡනයෙන් සැරසෙයි

2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත සුප්‍රසිද්ධ ක්‍රීඩා ඉසව්වක් වන ‘Raid Amazones 2022’ හි නිල ගුවන් සේව‍ා සහකරු වන ශ්‍රීලංකන් ගුවන් සේවය ඒ වෙනුවෙන් සිය ගුවන් යානයක් හැඩගැන්වීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ තරඟාවලිය සඳහා විචිත්‍රවත් හා අද්විතීය පසුබිමක් වන සීගිරිය නිරෑපණය වන අයුරින් මෙම ශ්‍රීලංකන් ගුවන් යානය අලංකාරවත් කර ඇත. මෙම තරඟාවලිය…

(0)Comments | February 23, 2022 4:09 pm

ලන්ඩන් නුවර කොස් ගෙඩියකට ඇදහිය නොහැකි මිලක්

ලන්ඩනයේ පැරණිතම සහ විශාලතම ආහාර වෙළෙඳපොළක් වන බරෝ මාකට් හි කොස් ගෙඩියක් පවුම් 160ක මුදලකට අලෙවි කිරීමට තබා ඇති බවට ප්‍රවෘත්තියක් BBC සිංහල පුවත් අඩවිය විසින් අද (23) දින වාර්තා කර ඇත. ඒ අනුව ලන්ඩනයේ දී කොස් ගොඩියට නියම කර ඇති මිල ශ්‍රී ලංකා මුදලින් රු. 44,000 ක් පමණ වනු ඇති බව එහි සඳහන් වේ….

(0)Comments | February 23, 2022 2:32 pm

රජයේ බැංකුවක මූල්‍ය වංචාවක් ගැන රාජ්‍ය ඇමති සේමසිංහගෙන් හෙළිදරව්වක්

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සිදුව ඇති මුදල් අක්‍රමිකතාවයක් පිළිබඳ තොරතුරු, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (23) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කර සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා විසින් යොමුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදුකරන ලදී. මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා…

(0)Comments | February 23, 2022 2:05 pm