Top News

සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,500 සීමාව පසුකරයි

2024 වසරේ මැයි 10 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) දිනයේ දී ඒකක 12,500 සීමාව ඉක්මවා යන ලදි. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 44.08 කින් ඉහළ ගොස් 12,517.58 ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20 මිල දර්ශකය දැක්වුනේ ඒකක 39.00 කින් ඉහළ…

(0)Comments | October 25, 2024 3:49 pm

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රී ලංකාවේ ධීවර අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම සඳහා නව්‍ය තාක්ෂණයන් හඳුන්වා දෙයි

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO), නෝර්වේ රජයේ අරමුදල් ඇතිව, උසස් සිසිලන තාක්ෂණය සහිත සහ ඉන්ධන ඉතිරි කරන බල්බාකාර ඇණියකින් සමන්විත බහුදින ධීවර යාත්‍රාවක් ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව සහ තිරසාරභාවය ඉහළ නැංවීම සඳහා ආදර්ශවත් ඉදිරි පියවරක් තබා ඇත.. මෙම මුලපිරීම මගින් පසු අස්වනු හානි අවම කිරීම, මෙහෙයුම් පිරිවැය අඩු…

(0)Comments | October 25, 2024 11:46 am

හැරීගෙන් DCSL බියර් වෙළඳපොළට

මෙරට ප්‍රමුඛතම ලයිස්තුගත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ බීර වෙළඳපොළට සිය සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් DCSL සන්නාමය යටතේ නවතම බීර නිෂ්පාදිත පෙලක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත. DCSL ශ්‍රී ලංකා සමාගම සැර මත්පැන් නිෂ්පාදනයේ ප්‍රමුඛතම සමාගමක් වන අතර ඔවුන් පසුගිය වසරේ දී Heineken Asia Pacific Pte Ltd…

(0)Comments | October 25, 2024 10:46 am

සියලු මිල දර්ශක ඉහළට. අද කොටස් වෙළෙඳපොළෙන් රු. බිලියන 4.7 ඉක්මවූ පිරිවැටුමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ යාමක් අද (24) දිනයේ දී වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 116.05 කින් හා S&P SL20 දර්ශකය ඒකක 56.90 කින් ඉහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශග අගය ඒකක 12,473.50 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 3,720.30 ක් ලෙසත් සටහන්ව…

(0)Comments | October 24, 2024 4:16 pm

නොගෙවූ වැට් බදු ගැන මෙන්ඩිස්ගෙන් නිවේදනයක්

සීමාසහිත ඩබ්ලිව් එම් මෙන්ඩිස් සහ සමාගම විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ මෑතකදී සිය සමාගම විසින් වැට් බදු වගකීම් පියවා නොගැනීම හේතුකොටගෙන එහි අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට අධිකරණයෙන් දඬුවම් නියම වූ බවට පළ වූ වාර්තා ඇතුලු මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනි. ප්‍රශ්නගත වැට් බදු වගකීම් 2016 සිට 2019 අතර කාලයට අදාළ වන අතර, එම සම්පූර්ණ වගකීමෙන් රුපියල් බිලියන…

(0)Comments | October 24, 2024 1:39 pm

ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය නවතම වාර්තාවකින් හෙළිදරව් වෙයි

ඩුබායි ආර්ථිකයට ගුවන් සේවා ක්ෂේත්‍රය මගින් ඉටු කරන කේන්ද්‍රීය කාර්යභාරය තහවුරු කරන අධ්‍යයන වාර්තාවක් එමිරේට්ස් සමූහය සහ ඩුබායි ගුවන්තොටුපල සමාගම ප්‍රකාශයට පත් කර ඇත. ගෝලීය පර්යේෂණ ආයතනයක් වන Oxford Economics විසින් සකස් කරන ලද මෙම අධ්‍යයනයේ ගුවන් සේවා අංශය විසින් ජනනය කරන ලද සෘජු ආර්ථික දායකත්වය, එම අංශයේ සැපයුම් දාමය හරහා ජනනය වන වක්‍ර දායකත්වය,…

(0)Comments | October 24, 2024 12:13 pm

චීන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ ජනාධිපති ලේකම්වරයා අතර හමුවක්

චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී සූ යන්වෙයි (Zhu Yanwei) මහතා පසුගිය (22) දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු විය. චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එසේම චීනය සහ ශ්‍රි ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ…

(0)Comments | October 24, 2024 12:11 pm

සංචාරක පැමිණීම පහළොස් ලක්ෂ හැත්තෑදහස ඉක්මවයි

2024 ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 85,836ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,570,644ක් ලෙසයි. ඔක්තෝම්බර් මාසයේ පළමු දින 20 තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම…

(0)Comments | October 24, 2024 12:09 pm

ත්‍රිකුණාමලය ඛනිජ තෙල් වෙළෙඳාමේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ අනුරගේ සැලැස්ම මෙන්න

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඒකාබද්ධ සමාගමක් ඇති කර විදේශ රටවලට ඛනිජ තෙල් අලෙවි කරන මධ්‍යස්ථානයක් මෙරට තුළ ඇතිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ත්‍රිකුණාමලයේ අද (23) පැවැති ජනරැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, “මේ තෙල්…

(0)Comments | October 23, 2024 5:50 pm

ලෝක බැංකුව ලංකාව ගැන මෙසේ කියයි

මේ දිනවල එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී. හිදී පැවැත්වෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) සහ ලෝක බැංකු සමූහයේ 2024 වාර්ෂික රැස්වීම් මාලාව අතරවාරයේ දී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති Martin Raiser සහ ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස අතර හමුවක් පවත්වා තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීම හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ප්‍රතිලාභ සැලසෙන පරිදි…

(0)Comments | October 23, 2024 5:00 pm