Top News

සුරැකුම්පත් කොමිසමෙන් නියෝගයක්. IPO කොටස් නිකුත් කළ යුත්තේ මෙහෙමයි

මූලික මහජන කොටස් නිකුතුවක දී රැස්කරන මුළු අරමුදල් ප්‍රමාණය රු. බිලියන 3 කට වඩා අඩු නම් කොටස් බෙදාහැරීමේ දී කොටස්වලින් 40% ක් සුළු පරිමාණ ආයෝජකයින්ටත් 10% ක ප්‍රමාණයක් ඒකක භාර වෙතත් ලබා දීම අනිවාර්ය කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී. ට්විටර් සටහනක්…

(0)Comments | December 23, 2021 3:23 pm

දැවැන්ත වතු සමාගම් දෙකක අයිතිය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යටතට – ආයෝජනය රු. බිලියන 1.9 ක්

තේ වැවිලි කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛතම වැවිලි සමාගම් දෙකක් වන උඩපුස්සැල්ලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී හා හපුගස්තැන්න ප්ලාන්ටේෂන්ස් පීඑල්සී යන සමාගම් දෙකෙහි 90% බැගින් වන කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා ගිවිසුමකට එළඹි බව බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී නිවේදනය කර සිටී. අද (23) දින කොළඹ කොටස් ‌වෙළෙඳපොළ වෙත නිවේදනයක් නිකුත් කරමින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පවසන්නේ මේ සඳහා ආයෝජනය කරනු…

(0)Comments | December 23, 2021 3:06 pm

මහ බැංකුවෙන් නිවේදනයක් – ඩොලර් බිලියන 03 ක සංචිත සහතික කරයි

2021 වසර අවසානය වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දී සිටී. මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,  

(0)Comments | December 22, 2021 7:27 pm

ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක්

ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කෙරේ. Lighting Digital Capacity Building Drive ලෙස නම්කර ඇති මෙම වැඩපිළිවල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් දියත්කෙරිණි. පුළුල් වැඩපිළිවලක් මගින් රටෙහි  ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙමගින් අපේක්ෂා කරයි. මෙයට සමගාමීව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය අංශය සහ පුරවැසියන්ගේ ඩිජිටල් භාවිතාව පුළුල් ලෙස වර්ධනය කිරීම…

(0)Comments | December 22, 2021 6:43 pm

පෙට්‍රල් රු. 20 කින් වැඩිවෙද්දී ලංකා IOC කොටස් මිල 32% කින් ඉහළට

මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලංකා IOC සමාගමේ කොටසක මිල අද දිනයේ දී  32.59% ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කරන ලදී. මේ අනුව ඊයේ (21) දිනයේ දී රු. 49.10 ක් ලෙසින් සටහන් වූ ලංකා IOC  කොටසක මිල අද (22) දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 65.10 ක් ලෙසින් සටහන් වූ අතර මෙය රු. 16.00 ක වැඩි වීමකි….

(0)Comments | December 22, 2021 5:38 pm

2021 දී ඩොලර් බිලියන 12ක් ඉක්මවූ වෙළඳ භාණ්ඩ අපනයන ආදායමක්

රබර් ආශ්‍රිත අපනයන අංශය 2021 ජනවාරි-නොවැම්බර් කාලය තුළ ඩොලර් බිලියනයක කර්මාන්තයක් බවට පත්වෙයි ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය –2021 නොවැම්බර් ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය 55.11% කින් ඇමරිකානු ඩොලර් මිලියන 1,215.6 දක්වා වැඩි වී ඇත. ඒ අනුව මේ වසරේ…

(0)Comments | December 22, 2021 1:58 pm

2022 සිට කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලය දීර්ඝ කෙරේ

2022 ජනවාරි 03 සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලපරිච්ඡේදය මිනිත්තු 30 ක කාලයකින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ. මේ අනුව පූර්ව ගනුදෙනු සැසිය පෙරවරු 10.00 සිට පෙරවරු 10.30 දක්වා ක්‍රියාත්මක වන අතර පෙරවරු 10.30 ට විවෘත වෙන්දේසියෙන් පසු දෛනික සාමාන්‍ය ගනුදෙනු පෙරවරු 10.30 සිට පස්වරු 2.30 දක්වා පැවැත්වෙනු ඇත. මේ අනුව ගනුදෙනු පැවැත්වෙන සම්පූර්ණ කාලය…

(0)Comments | December 22, 2021 12:39 pm

අධි-උද්ධමනයක්?

2021 නොවැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය සියයට 6.2 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය සියයට 11.1 දක්වා ඉහළ යයි ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 ඔක්තෝබර් මාසයේ පැවති සියයට 8.3හි සිට 2021 නොවැම්බර් මාසයේ දී සියයට 11.1 දක්වා…

(0)Comments | December 22, 2021 6:08 am

අපනයන ආදායම් ඉහළ යද්දී ආනයන වියදම් තවත් ඉහළ යයි

2021 වසරේ මැයි මාසයේ සිට මාසික ලක්ෂ්‍යමය පදනම මත පහළ ගිය වෙළඳ භාණ්ඩ හිඟය, 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී එ.ජ. ඩොලර් මිලියන 495ක් දක්වා තවදුරටත් පහළ ගියේය. ඉතිහාසයේ ඉහළම මාසික අපනයන ඉපැයීම් අගය 2021 වසරේ ඔක්තෝබර් මාසයේ දී වාර්තා වූ අතර, අපනයන ඉපැයීම් අඛණ්ඩව පස්වන මාසයටත් එ.ජ. ඩොලර් බිලියන 1.0ක් ඉක්ම විය. අපනයන ඉපැයීම්වල සිදු…

(0)Comments | December 21, 2021 5:58 pm

කප්රුක මූලික කොටස් නිකුතුව හෙට ඇරඹේ

ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ විශාලතම පුරෝගාමී දේශීය විද්‍යුත්-වාණිජ්‍ය සමාගම වන කප්රුක සමාගම  සිය  මූලික මහජන කොටස් නිකුතුව (IPO) හෙට, එනම් 2021 දෙසැම්බර් 22 වන දින පෙරවරු 9.00 ට නිල වශයෙන් ආරම්භ කෙරේ. කොටස් නිකුතුව වෙනුවෙන් අයැම්පත් දැන් ලබාගත හැකි අතර ආයෝජකයින්ගේ ප්‍රයෝජනය සඳහා කොටස් පිරිනැමීම පිළිබඳ විස්තර ipo.kapruka.com වෙතින් බාගත (download) කරගත හැකිය….

(0)Comments | December 21, 2021 2:05 pm