Top News

CAL කොටස් මිල පළමු දිනයේ දීම දෙගුණයක් වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වූ Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) දින ආරම්භ විය. මූලික මහජන කොටස් නිකුතුවේ දී රු. 10.00 බැගින් නිකුත් කෙරුණු CAL කොටසක මිල අද දිනයේ ගනුදෙනු අවසානයේ දී රු. 20.90 ක් ලෙසින් සටහන් වූයේ මූලික කොටස් නිකුතුවේ මිල මෙන් දෙගුණයක් දක්වා වර්ධනයක් සනිටුහන්…

(0)Comments | December 15, 2021 5:20 pm

කොමර්ෂල් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ CAFI දේශගුණික බලපෑම් සම්මාන දිනාගත් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට පත්වෙයි

ශ‍්‍රී ලංකාවේ සම්පූර්ණයෙන්ම පරිසරයට කාබන් මුදාහැරීම තුලනය කළ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ (IFC) Climate Assessment for Financial Institutions (CAFI) සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ප‍්‍රධාන සම්මාන දෙකක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව බවට පත්වී ඇත. කොමර්ෂල් බැංකුව විසින් හරිතාගාර වායු (GHG) අඩුකිරීමට දක්වා තිබෙන ඉහළ දායකත්වය සහ 2020 වසරේදී දකුණු ආසියාව තුළ වැඩිම දේශගුණික…

(0)Comments | December 15, 2021 4:06 pm

කප්රුක සමාගමේ මූලික මහජන කොටස් නිකුතුවට ප්‍රවේශයක් ලෙස ආයෝජක සමුළුවක්

ජාත්‍යන්තරව මෙහෙයුම් කටයුතුවල නියැලෙන ශ්‍රී ලංකාවේ විශාලතම දේශීය විද්‍යුත් වාණිජ (e-commerce) සමාගම වන කප්රුක හෝල්ඩින්ස් ලිමිටඩ් (Kapruka Holdings Limited) හි මූලික මහජන කොටස් නිකුතුවට පෙර පැවැත්වෙන ආයෝජක සමුළුව, 2021 දෙසැම්බර් 16 වන දින සවස 4ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට සැලසුම් කර තිබේ. සමාගම වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමටත්, ආයෝජකයන්ගේ විමසීම්වලට පිළිතුරු ලබාදීමටත් කප්රුක කළමනාකාරීත්වයට මෙහිදී අවස්ථාව…

(0)Comments | December 15, 2021 1:18 pm

රු. මිලියන 410 කට SLT Campus විකුණයි

SLT Campus (පුද්) සමාගමේ 100%ක කොටස් හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබේ. SLT Campus යනු ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි. මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් ශ්‍රී ලංකා ටෙලිකොම් පවසන්නේ Tempest Two (පුද්) සමාගම වෙත SLT Campus (පුද්) සමාගමේ 100% ක කොටස් අයිතිය අලෙවි කිරීමට තීරණය…

(0)Comments | December 15, 2021 11:46 am

‘Born in Sri Lanka’ යන ටැග් නාමය සමඟ ‘ලංකා කුරුඳු’ මෙල්බර්න්හි දී ප්‍රවර්ධනය කෙරේ

‘බෝර්න් ඉන් ශ්‍රී ලංකා- ලංකා කුරුඳු’ (“Born in Sri Lanka – Ceylon Cinnamon”) යනු ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව තුළ ලංකා කුරුඳු ප්‍රවර්ධනය කිරීම සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ව්‍යාපාරිකයන්ගෙන් සැදුම්ලත් සමූහයක සහභාගීත්වයෙන් පසුගිය සතියේ මෙල්බර්න්හි දී අතථ්‍ය අයුරින් පවත්වන ලද වැඩසටහනේ තේමාව යි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ඕස්ට්‍රේලියානු රෙගුලාසි සහ වෙළඳපොළ ගතිකත්වය කෙරෙහි…

(0)Comments | December 15, 2021 11:26 am

Capital Alliance කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද ඇරඹෙයි

Capital Alliance Limited (CALT) සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (15) ආරම්භ වනු ඇත. එය ‘මූල්‍ය කර්මාන්ත’ වර්ගීකරණය යටතේ කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ‘දිරි සවි’ පුවරුවේ ලැයිස්තුගත කෙරේ. මූලික කොටස් නිකුතුවේ ආරම්භක දිනයේදී ම අපේක්ෂිත ප්‍රාග්ධනය 8.6 ගුණයකින් ඉක්මවා ගිය අතර, මේ වන විට රුපියල් බිලියන 3.5 ක වටිනාකමකින් යුත් කොටස් සඳහා අයදුම් පත් 9,800…

(0)Comments | December 15, 2021 10:50 am

“රාගා“ – අපනයනයට සූදානම් කිතුල් රා

මෙරට කිතුල් ආශ්‍රිත කර්මාන්තයේ විප්ලවීය වෙනසකට මග පාදමින් අපනයනය ඉලක්ක කරගත් “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්‍රිත නිෂ්පාදන පෙළක් අද (14) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනගත කිරීමට ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම කටයුතු යොදා තිබිණි. කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කුරුවිට පිහිටි නන්ද එල්ලාවල කර්මාන්තපුරයේ, කිතුල් ආශ්‍රිත නිෂ්පාදන නිපදවීම වෙනුවෙන් ඇග්‍රි දේශීය පෞද්ගලික සමාගම…

(0)Comments | December 14, 2021 5:15 pm

රුපියල රැකගන්න මහ බැංකුව ඩොලර් විකුණුවේ මෙහෙමයි

දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි මැදිහත්වීමක් සිදුකර ඇති බව වාර්තා වේ. මේ අනුව පසුගිය නොවැම්බර් මාසය තුළ දී දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 61.71 ක් මිල දී ‌ගෙන තිබේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වන්නේ …

(0)Comments | December 14, 2021 3:02 pm

බැංකුවෙන් අඩු සැලකිලි ද? – මූල්‍ය පාරිභෝගික අයිතීන් ගැන ඔබත් දැනුවත්වන්න

ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කරනු ලබන සියලුම මූල්‍ය ආයතන දැනට පවතින මූල්‍ය පාරිභෝගික ආරක්ෂණ රාමුව යටතේ මූල්‍ය පාරිභෝගිකයින්ගේ අයිතීන් අවබෝධ කරගෙන ආරක්ෂා කළ යුතු අතර ඔවුනට සාධාරණ, විනිවිදභාවයක් සහ සමානාත්මතාවයක් සහිත පරිසරයක් යටතේ මූල්‍ය ගනුදෙනු සිදුකිරීමට ඉඩ සැලසිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. මේ සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රසිද්ධ දැන්වීමක්…

(0)Comments | December 14, 2021 2:05 pm

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට යොමුකිරීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අපනයනයට සූදානම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අපනයන වෙළඳපොළට යොමු කිරීමේ හැකියාවන් වර්ධනය කර ගැනීම උදෙසා සහය වීමේ අපනයන පුහුණු වැඩසටහනක් පසුගිය දෙසැම්බර් 10 වැනි දින ක්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන නව අපනයනකරුවන් බිහි කිරීමේ වැඩසටහන යටතේ ලියාපදිංචි වී ඇති තෝරාගත් ව්‍යවසායකයින් විසිපහක් (25) සඳහා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රාදේශීය…

(0)Comments | December 14, 2021 11:34 am