Top News

ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය ජාත්‍යන්තර තත්වයට පත් කිරීම වෙනුවෙන් ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය ආරම්භ කරයි

මෙරට පොල් කර්මාන්තයේ තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගියදා ලංකා පොල් කර්මාන්ත මණ්ඩලය (CCCI)  ආරම්භ කරනු ලැබීය. පසුගිය 29 වන දා එහි සමාරම්භක රැස්වීම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේදී පවත්වනු ලැබූ අතර ඊට පොල් කර්මාන්තය නියෝජනය කරමින් විවිධ පාර්ශවකරුවන් එක්ව සිටියේය. එහිදී විශේෂයෙන් තිරසාර වර්ධනය, නවෝත්පාදනය හා ගෝලීය වෙළෙඳපොල වෙත පිවීසීම වෙනුවෙන් සංවිධානයේ වැදගත්කම අවධාරණය…

(0)Comments | August 30, 2024 4:50 pm

දින 8ක් එකදිගට කොටස් වෙළෙඳපොළ බසී

අඛණ්ඩව 8 වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් අද (30) දින වාර්තා විය. අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 11.67 කින් පහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල…

(0)Comments | August 30, 2024 4:36 pm

ඩයලොග් ආසිආටා – භාරතී එයාර්ටෙල් ලංකා, සමාගම් පනතට අනුව ඒකාබද්ධ කිරීම අවසන් කරයි

ඩයලොග් ආසිආටා පීඑල්සී (“Dialog”), භාරතී එයාර්ටෙල් ලංකා (පුද්ගලික) සමාගම (“Airtel Lanka”) හා ඒකාබද්ධ වීමේ කටයුතු සාර්ථකව අවසන් කර තිබේ. මෙහිදී, එයාර්ටෙල් ලංකා, සමාගම් පනතේ අදාළ විධිවිධාන යටතේ ඩයලොග් සමඟ ඒකාබද්ධ කෙරුණු අතර, ඒ අනුව ඩයලොග් සමාගම ඒකාබද්ධ ආයතනය ලෙස පවතී. මෙම ඒකාබද්ධ කිරීමත් සමග, 2024 අගෝස්තු 30 සිට බලපැවැත්වෙන පරිදි එයාර්ටෙල් ලංකා, පෞද්ගලික සමාගමක් ලෙස…

(0)Comments | August 30, 2024 4:17 pm

කොළඹ උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 ජූලි මාසයේ දී වාර්තා වූ 2.4% සිට 2024 අගෝස්තු මාසයේ දී 0.5% ක් දක්වා දැවැන්ත පහළ යාමක් වාර්තා කර තිබේ. එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2024 ජුලි මාසයේ පැවති සියයට 1.5 සිට 2024 අගෝස්තු මාසයේ දී සියයට 0.8ක්…

(0)Comments | August 30, 2024 3:34 pm

යුරෝපාකරයෙන් එන සංචාරකයින්ගේ වැඩිවීමක්

2024 වසරේ අගෝස්තු මාසයේ පළමු දින 25 තුළ දී 143,622 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාව මගින් පෙන්වා දේ. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,341,681ක් ලෙසයි. මෙම මාසයේ පළමු දින 25 තුළ දී පැමිණ ඇති සංචාරකයින්ගෙන් 19.5%…

(0)Comments | August 30, 2024 12:48 pm

Suzuki WagonR රථ හිමිකරුවන්ට AMW සමාගමෙන් දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියා වන Associated Motorways (AMW) සමාගම විසින්  Suzuki  රථවාහන සඳහා ශ්‍රී ලංකාවේ එකම බෙදාහරින්නා ලෙස දිවයින පුරා සිටින Suzuki වාහන හිමියන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් මෑතකදී ආරම්භ කරන ලදී. දෝෂ සහගත ඉන්ධන මිනුම් පෙන්වීම සහ එන්ජින් ඇණහිටීම වැනි  ගැටළුවලට තුඩු  දිය හැකි ආරක්‍ෂිත ගැටළු නිරාකරණයට ගත්  ප්‍රයත්නයක් ලෙස, AMW සමාගම මෑතකදී Suzuki WagonR මාදිලිය සඳහා නැවත කැඳවීමක් දියත්…

(0)Comments | August 30, 2024 11:47 am

‘සොබාධනවි‘ ගෙනා LTL හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳපොළට

LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත බව වාර්තා වේ. මේ බව සඳහන් කරමින් LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් දැනුම් දී සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විට හිමව ඇති බවයි. ඒ අනුව මූලික අදියරේ දී එකක් රු. 14.50 බැගින්…

(0)Comments | August 29, 2024 2:40 pm

2025 දී නව රැකියා ලක්ෂයක්

2025 වසර තුළ නව රැකියා අවස්ථා 100,000ක් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ, “පස්වසරක මෙහෙයුම: පුළුවන් ශ්‍රී ලංකා“ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ බව දැක්වෙන අතර එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අපේ ආර්ථික පිළිවෙත නිසා අනාගතයේ දේශීය හා විදේශීය ආයෝජන හමුවේ වැඩි වැඩියෙන් නව ව්‍යවසාය බිහි වී රැකියා අවස්ථා…

(0)Comments | August 29, 2024 1:37 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය තම 45වන සංවත්සරය සමරයි

Boeing 707 මාදිලියේ ගුවන් යානා දෙකක් සමඟින් 1979 සැප්තැම්බර් 1 වැනිදා ආරම්භය සනිටුහන් කළ ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම වසරේ සැප්තැම්බර් 1 වැනිදා 45 වැනි වියට පා තබයි. කලාපයේ පුරෝගාමියෙකු ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරකත්වය ලොව පුරා රැගෙනයාම සඳහා නිරන්තරයෙන්ම ප්‍රමුඛත්වය දී ඇත. අද වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ…

(0)Comments | August 29, 2024 1:24 pm

ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය ඉදිරි මැතිවරණවල දී – ජනපති

ඉදිරි මැතිවරණ සඳහා ඉලෙක්ට්‍රෝනික ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (29) පෙරවරුවේ එළිදක්වනු ලැබූ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ “ඩිඩිටල් මාවත” සැලැස්මෙහි ඔහු මේ බව සඳහන් කර ඇත.  එහි වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. අනාගත ලෝකය හැඩ ගස්වන නවතම රැල්ල වන්නේ ඩිජිටල් තාක්‍ෂණය පදනම් කරගත් කෘත්‍රිම…

(0)Comments | August 29, 2024 1:13 pm