Top News

සාර්ක් මහ බැංකු අධිපතිවරු කොළඹ දී රැස්වෙති

45 වැනි සාර්ක් මූල්‍ය අධිපතිවරුන්ගේ කණ්ඩායම් රැස්වීම සහ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා මහ බැංකුවේ සත්කාරකත්වයෙන් ඊයේ (13) කොළඹ දී ඇරඹිනි. ‘‘බහුවිධ ගෝලීය ආර්ථික අභියෝග මධ්‍යයේ මහ බැංකුකරණය” යන තේමාව යටතේ 45 වන වරටත් සංවිධානය කර තිබූ මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ. මෙම සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී. කලාපීය මහ…

(0)Comments | June 14, 2024 2:11 pm

කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සමාගම මෙන්න

Cable Solutions Limited විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් අංශයේ උප සභාපතිනි කනිෂ්කා මුනසිංහ පවසයි. මේ අනුව මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා Cable Solutions Limited කොටසක් රු. 7.50 බැගින් කොටස් මිලියන 80.78 ක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 17.16%…

(0)Comments | June 14, 2024 2:00 pm

ශ්‍රී ලංකාවේ මීළඟ පරපුරේ ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා විදහා දක්වමින්, Dialog Innovation Challenge, TV දෙරණ ඔස්සේ සහ චැනල් One ඔස්සේ විකාශය වේ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් නවෝත් පාදකයන්ගේ දක්ෂතා බලගන්වමින් ශ්‍රී ලංකාව ඩිජිටල් අනාගතයක් කරා මෙහෙයවන නවෝත්පාදන අභියෝගය, Dialog Innovation Challenge මේ දිනවල ටෙලිවිෂන් ඔස්සේ විකාශය කෙරෙන බව සතුටින් දැනුම් දෙයි. ඒ අනුව, මෙරට දීප්තිමත්ම ඩිජිටල් නවෝත්පාදකයින්ගේ දක්ෂතා රටට විදහා දක්වමින්, සෑම සෙනසුරාදා දිනකම ප.ව. 10.30 ට TV දෙරණ…

(0)Comments | June 14, 2024 1:47 pm

ඉදිරියට යන්න ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රමාණවත් – IMF දූත මණ්ඩල ප්‍රධානියා කියයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රමාණවත් ප්‍රගතියක් අත්පත් කර ගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහනට අදාළ දෙවන සමාලෝචනය පසුගිය දා නිමා වූ අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනුම් දීම සඳහා අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය…

(0)Comments | June 14, 2024 11:30 am

ඉතිහාසයේ ලොකුම බැඳුම්කර වෙන්දේසිය අතිසාර්ථකයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (13) දින කැඳවන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙම වෙන්දේසිය සඳහා රු. මිලියන 295,000 ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 517,353 කි. මෙහිදී එක් එක් පරිණත කාල කාණ්ඩයන්ට අදාළව…

(0)Comments | June 13, 2024 4:57 pm

රජය නියම කර ඇති 70%ක වැටුප් වැඩිවීමට එරෙහිව තමන් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව කලාපීය වැවිලි සමාගම් පවසයි

නිසි ක්‍රියාවලියක් නොමැතිකම සහ දරාගත නොහැකිවීම මත තේ සහ රබර් අංශවල කම්කරුවන්ගේ ස්ථාවර වැටුප 70%කින් මීට පෙර නොවූ ලෙස ඉහළ නැංවීමේ පඩිපාලක සභාවේ හදිසි නියෝගයට තව දුරටත් එරෙහි වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය තහවුරු කරන ලදී. එසේම අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ සම්බන්ධ තීරණයට පදනම් වූ කරුණු සළකා බැලීමටද කටයුතු කරනු…

(0)Comments | June 13, 2024 4:50 pm

විදේශ විනිමය සීමා ලිහිල් කිරීමට මහ බැංකුවෙන් නිර්දේශයක්

රට තුළ විදේශ විනිමය සංචිත අඩුවෙමින් පැවති කාලය තුළදී නේවාසික තැනැත්තන් විසින් සිදු කරන ඇතැම් ප්‍රාග්ධන ගනුදෙනුවලට අදාළ ප්‍රතිමුඛ ප්‍රේෂණ සඳහා තාවකාලික අත්හිටුවීම් සහ සීමා පනවමින් රට තුළ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වැනි වගන්තිය යටතේ නියමයක් 2020-04-02 දින සිට බලාත්මක කර තිබේ. එකී නියමය මාස 06ක…

(0)Comments | June 13, 2024 2:45 pm

කමන්ත අමරසේකර රු. කෝටි 3ක බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් කොටස් ජ‘පුරට තෑගිදෙයි

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමන්ත අමරසේකර මහතා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි තමන් සතු කොටස් මිලියන 5 ක් ත්‍යාගයක් වශයෙන් පිරිනමා ඇති බව වාර්තා වේ. සී/ස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (විශේෂ) උපාධි 1990/91, කණ්ඩායම් සමිතිය , KSR Associates (වරලත් ගණකාධිකාරී) වෙත මෙම කොටස් පරිත්‍යාගය ලබා දී ඇත. මෙහිදී එක් කොටසක හුවමාරු මිල…

(0)Comments | June 13, 2024 2:19 pm

Aditya Birla සමාගමට තෙල් සංස්ථාවෙන් පෙට්‍රල් කොන්ත්‍රාත්තුවක්

2024-07-15 සිට 2025-01-14 දින දක්වා මාස 06ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් 92 Unl බැරල් මිලියන 1.5 +/-5% සපයා ගැනීම සඳහා එම සංස්ථවේ ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් ලංසු කැඳවා ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයිම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී ප්‍රසම්පාදනය M/s Aditya Birla Global…

(0)Comments | June 13, 2024 2:00 pm

අහිතකර එකඟතා කිසිවක් නැහැ – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමඟ කිසිදු අහිතකර එකඟතාවයක් ඇතිකර ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශේහාන් සේමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ තෙවැනි වාරිකය අනුමත වීමන් පසු ඒ පිළිබඳව අදහස් දැක්වීම සඳහා අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. “ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනේ…

(0)Comments | June 13, 2024 1:12 pm