Top News

ඍජු ආයෝජන ප්‍රවර්ධනයට සෞදි අරාබිය සමඟ අවබෝධතා ගිවිසුමක්

ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත. ඒ අනුව, 2024-04-28 හා 29 දිනවලදී සෞදි අරාබියේ…

(0)Comments | June 20, 2024 12:45 pm

පාසල් දරුවන්ට හා ගුරුවරුන්ට සයිබර් ආරක්ෂාව ලබා දීමේ වැඩසටහනක් කලාප හා පළාත් මට්ටමින්

සයිබර් ආරක්‍ෂාව සහ සමාජ මාධ්‍ය ආරක්ෂාකාරීව භාවිතය පිළිබඳ පාසල් ළමුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය හා  ශ්‍රී ලංකා සර්ට් ආයතනය පියවර ගනී. මේ පිළිබඳ වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. සමාජ මාධ්‍ය ආශ්‍රිතව දිනපතා වර්ධනය වන දරුවන්ගේ හා  ගුරුවරුන්ගේ සයිබර් ආරක්ෂාව පිලිබඳ ගැටළු කෙරෙහි අවධානය…

(0)Comments | June 20, 2024 11:53 am

බිල් පොලිය ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව එක් එක් කල්පීරීමේ කාලයන්ට අදාළව දින 91 – පදනම් අංක 50 කින්, දින 182 – පදනම් අංක 51 කින් හා දින 364 පදනම් අංක 36 කින්…

(0)Comments | June 20, 2024 11:29 am

යාපනයේ සිට කොළඹ කොටස් වෙළෙඳපොළට එන මුල්ම සමාගම ‘මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස්’ වෙතින් මූලික කොටස් නිකුතුවක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවට එක්වෙන නවතම සමාගම වන මහරාජා ෆුඩ් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගම, රු. මිලියන 125 ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) සිදුකරන බව නිවේදනය කර සිටී. මෙය ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය පදනම් කරගත් සමාගමක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට එක්වන පළමු අවස්ථාව වේ. ඒ අනුව සමාගමේ කොටස්…

(0)Comments | June 20, 2024 11:00 am

කර්මාන්තකරුවන්ට මූල්‍ය සහාය ලබාදීම සඳහා නව සංවර්ධන බැංකුවක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක්. අධිකරණයට ගොස් රට සංවර්ධනය කළ නොහැකි අතර ජාතික ප්‍රතිපත්තියක් ඔස්සේ ඉදිරියට යා යුතුයි – ජනපති “ඉන්ටනැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024” කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරමින් පවසයි. මෙරට කර්මාන්තකරුවන්ට අවශ්‍ය මුල්‍ය සහාය ලබාදීම වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත්, එමගින් කර්මාන්තකරුවන්ට අඩු…

(0)Comments | June 20, 2024 10:05 am

නිවාස බද්දෙන් රටේ ජනතාවගෙන් 90%කට සිදු වන්නේ වාසියක් 

කැසිනෝවලට හරියට බදු ගැහුවේ මේ ආණ්ඩුවයි. පිරිවැටුමෙන් 60%ක් බදු ලෙස ගන්නවා – ඇමැති සියඹලාපිටිය යෝජිත කුලී ආදායම් බද්ද මගින් මෙරට ජනතාවගෙන් 90%කට සිදු වන්නේ හිතකර බලපෑමක් බවත්, එම බද්දට යටත් වන්නේ 10%ක් තරම් වන ඉහළ ධනවතුන් පමණක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි. එබැවින් සාමාන්‍ය ජනතාව මෙම බද්ද සම්බන්ධයෙන් අනියත බියක්…

(0)Comments | June 19, 2024 3:27 pm

ඩොලරයේ ගැනුම් මිල 300 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද (19) දිනයේ දී  රුපියල් 300 සීමාව පසුකර ඇති බව නිරීක්ෂණය කළ හැකිවේ. ඒ අනුව අද (19) දින ඩොලරයක ගැනුම් මිල රු. 300.20 ක් ලෙසත් විකුණුම් මිල රු. 309.63 ක් ලෙසත් සටහන්ව ඇත. මෙලෙස ඩොලරයේ ගැනුම් මිල රු.300…

(0)Comments | June 19, 2024 3:11 pm

සංචාරක පැමිණීම 959,391 දක්වා ඉහළට

2024 වසරේ ජුනි මාසයේ පළමු දින 17 තුළ දී සංචාරකයින් 62,612 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 959,391 ලෙසයි. ජුනි මාසයේ පළමු දින 17 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 27.3% ක් ඉන්දීය සංචාරකයින් වන…

(0)Comments | June 19, 2024 11:09 am

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය සහ බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

මුදල් විශුද්ධිකරණය හා ඒ ආශ්‍රිත මූලික වැරදි සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීමේ වරද සම්බන්ධයෙන් මූල්‍ය බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය 2024 ජූනි 04 වන දින ප්‍රංශයේ පැරිස් නුවර පැවති එග්මන්ට් කණ්ඩායම් සමුළුවේ දී, බහරේන් රාජ්‍යයේ මූල්‍ය බුද්ධි ජාතික මධ්‍යස්ථානය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ…

(0)Comments | June 19, 2024 10:48 am

ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි

මුදල් විශුද්ධිකරණය, අල්ලස් හෝ දූෂණ සහ ඒ ආශ්‍රිත අපරාධ පිළිබඳ විමර්ශන සහ නඩු පැවරීම් සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ…

(0)Comments | June 18, 2024 4:36 pm