Top News

එටිසලාට් සිම්පත් කල් ඉකුත්වීමට පෙර යාවත්කාලීන කරගන්නා ලෙස හච් දැනුම් දෙයි

හච් ජාලයේ  සිටින 072 එටිසලාට් සිම්පත් හිමි පාරිභෝගිකයින්ට හැකි ඉක්මණින් තම සිම්පත් 072 නව හච් සිම්පතකට යාවත්කාලීන කරගන්නා ලෙස හච් විසින් පසුගියදා දැනුම් දුන් අතර එම සිම්පත් 2021 සැප්තැම්බර් මාසයෙන් පසුව භාවිතයට ගත නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් හච් පවසා සිටියේ, මේ වනතුරු තම එටිසලාට් සිම්පත් යාවත්කාලීන කර නොගත් පාරිභෝගිකයින්ට දිවයින පුරා…

(0)Comments | March 8, 2021 4:50 am

සැබෑ තොරතුරු ඉදිරියේ දී හෙළිකරනවා – සංගා

‘ලෝක පූජිත ක්‍රීඩකයාගේ බිරිඳ කෝටි ගාණක රජයේ ඉඩමක් ගිල්ල හැටි’ මැයෙන් සති අන්ත පුවත්පතක පළ වූ ලිපියක් මේ වන විට කතාබහට ලක් වී ඇත. මේ පිළිබඳව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර විසින් සිය නිල ෆේස්බුක් පිටුව හරහා ප්‍රතිචාර දක්වා තිබේ. “මා හා බිරිය සම්බන්ධ පුවතක් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් පවතී. එම පුවත…

(0)Comments | March 7, 2021 1:54 pm

කොටස් මිල දී ගන්න මෙය හොඳම කාලයයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

කොළඹ කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද සිට ට්විටර් ගිණුමෙහි විශේෂ සටහන් කිහිපයක් තබා ඇත. මෙම වසර තුළ දී සමාගම් බොහොමයක ක්‍රියාකාරීත්වය නියත වශයෙන්ම ඉහළ යනු ඇති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටී. සමස්ත වෙළෙඳපොළ මිල ඉපැයුම් අනුපාත (P/E) අගයයන් පහළ මට්ටමක පවතින…

(0)Comments | March 5, 2021 2:11 pm

මීළඟ විශාලම ණය වාරිකය ගෙවීමට ඇති දිනය – 2021 ජූලි 27 ඩොලර් බිලියන 1 ක්

අහිතකර සමපේක්ෂණයන් මධ්‍යයේ වුවද, 2021 වසරේ මේ දක්වා කාලය තුළ දී රජයේ සියලුම ණය සේවාකරණ වගකීම් නිසි පරිදි සපුරා ඇති බවත්, ඉදිරියේදී ද ණය සේවාකරණයේ නොකැළැල් වාර්තාව පවත්වා ගැනීම සඳහා රජය කැපවී සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2020 නොවැම්බර් මස…

(0)Comments | March 5, 2021 12:19 pm

JAT Holdings ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්වෙයි

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතියට තම දායකත්වය ලබාදීමේ උත්සාහයේ තවත් පියවරක් ලෙස, JAT Holdings සමාගම  2020/21 ක්‍රිකට් සමය වෙනුවෙන් මේ වසරේ මැයි 31 වැනිදා දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විදේශ සංචාර සඳහා වන නිල අනුග්‍රාහකයා (Official Overseas Team Sponsor of Sri Lanka Cricket) බවට පත්වී සිටියි. මුළුමනින්ම දේශීය සන්නාමයක් වන එම සමාගම…

(0)Comments | March 5, 2021 11:47 am

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය එළිදක්වයි

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ප්‍රථම ජාතික උපාය මාර්ගය ඊයේ දින, එනම්  2021.03.04, එළිදක්වන ලදී. මෙම එළිදැක්වීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපායමාර්ගය පිළිගැන්වීම තුළින් සංකේතාත්මකව සනිටුහන් කරන ලදී. මෙම අවස්ථාවට  මුදල් හා…

(0)Comments | March 5, 2021 9:09 am

ණය කලින් පියවීමේ දී ගෙවීමට සිදුවන අධිභාරය ඉවත් කරනවාද? – මහ බැංකුව ප්‍රතිචාරය මෙන්න

මේ වන විට බැංකුවකින් හෝ මූල්‍ය සමාගමක් වෙතින් ලබා ගෙන ඇති ණය මුදලක්, ණය කාලසීමාව අවසන් වීමට පෙර පියවීමේ දී ඒ සඳහා යම් අධිභාරයක් අය කිරීම සිදුවනු ඇත. මෙම අධිභාරය ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී යම් කතාබහක් ඇති වූ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද දෙරණ Biz ශ්‍රී ලංකා…

(0)Comments | March 4, 2021 3:05 pm

ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2021 මාර්තු මස 03 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන්…

(0)Comments | March 4, 2021 1:07 pm

සම්පත් බැංකුවේ දෙවැනි වැඩි අයිතිය ප්‍රභාෂ් සුභසිංහට

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයෙකු වන ප්‍රභාෂ් සුභසිංහ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවක් වන සම්පත් බැංකුවේ විශාලතම කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැනට පැමිණ තිබේ. මේ බව තහවුරු කරමින් CTCLSA කොටස් තැරැව්කාර සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ, සිය සේවාදායකයා වන Ayenka Holdings Ltd විසින් සම්පත් බැංකුවේ, කොටස් මිලියන 38.14 ක් හෙවත් 10%…

(0)Comments | March 4, 2021 10:22 am

සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් නව උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට රජයේ මුදල් කාරක සභාවෙන් මහ  බැංකුවට නිර්දේශ

ශ්‍රී ලංකා මහ බැංකුව සාමාන්‍ය ජනතාව සහ රට වෙනුවෙන් අලුතෙන් සිතා රට දියුණු කිරීමට නව්‍ය උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු යැයි රජයේ මුදල් කාරක සභාවට පැමිණි ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ට එම කාරක සභාව විසින් දැනුම් දුන්නේය. ශීඝ්‍ර ලෙස වාණිජකරණයට ලක් වූ සිය ශේෂ පත්‍රයේ ලාභය සහ ශ්‍රේණිගත කිරීම් පසුපස දිවයන රාජ්‍ය හෝ වාණිජ…

(0)Comments | March 3, 2021 7:03 pm