සබරගමුව පළාතේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබා දී ඔවුන්ගේ භාෂා දැනුම හා ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීමේ ධාරිතා සංවර්ධන වැඩසටහනක් බ්‍රිතාන්‍ය කවුන්සිලය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ යටතේ ගුරුවරුන් 700 දෙනෙකු තෝරාගෙන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හා අනුබද්ධිත Teaching Knowledge Test (TKT) පාඨමාලාව මඟින් එම ගුරුවරුන්හට විධිමත් පුහුණුවක් ලබා දීමට අපේක්ෂා…
නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය වසර දෙකක කාලයක් තුළ නුවරඑළිය, මහනුවර සහ බදුල්ල දිස්ත්‍රික්කවල තෝරාගත් වතු පාසල්වල උසස් පෙළ ළමුන් සඳහා සුහුරු පන්ති කාමර 60ක් ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා දීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත….
2023 දෙසැම්බර් මාසයේ මුල් දින 17 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය 100,750 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,377,701 ක් වේ. දෙසැම්බර් මාසය තුළ දී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණි රටවල් අතර ඉන්දියාව (20,597), රුසියාව (14,156) සහ එක්සත්…
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්තනය තුළ වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමටත්, එහි ප්‍රතිඵල ලබා ගැනීමටත්, පුළුල් බලතල සහිත ආයතනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත. ඒ අනුව, රජයේ ඩිජිටල් සංවර්තන ක්‍රියාවලිය මෙහෙයවීම සඳහා උපායමාර්ගික හා ප්‍රතිපත්තිමය නායකත්වය ලබා දීම, ආයෝජන උපදෙස් ලබා දීම සහ අධීක්ෂණය සඳහා ඩිජිටල් සංවර්තන නියෝජිතායතනය පිහිටුවීමටත්, ජාතික කෘතිම බුද්ධි උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා…
1971 අංක 30 දරන ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ පවතින සීමාවන් හේතුවෙන් තරගකාරී හා වේගයෙන් වෙනස් වන මූල්‍ය වෙළඳපොළ තුළ කටයුතු කිරීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අපහසු වී ඇත. එබැවින්, ආයතනය සඳහා තිරසර වර්ධනයක් පවත්වාගැනීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ නව ව්‍යාපාර ආකෘතියක් ගොඩනැංවීම තුළින් බැංකුවේ මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ජාතික ඉතිරිකිරීමේ බැංකු පනතේ ඇතැම්…
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය යටතේ 2011 අංක 3 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනතේ විධිවිධානවලට අනුකූල වෙමින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර වෙනම නෛතික ආයතන ලෙස ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා 2023-03-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ජීවිත…
දකුණු ආසියාවේ උසම ස්වාධීන ඉදිකිරීම වන කොළඹ නෙලුම් කුලුනෙහි 27වන මහලෙහි පිහිටි, Blue Orbit කැරකෙන අවන්හල කළමනාකරණය කරන Citrus Leisure PLC විසින් පසුගියදා නිල වශයෙන් විවෘත කළේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම කැරකෙන අවන්හල වන මෙය විවෘත කිරීම සඳහා 2023 දෙසැම්බර් 09 සහ 10 දිනවල උත්සව දෙකක් පැවැත්විණි. මෙම උත්සවවලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සභාපති දිනේෂ්…
එළඹෙන 2024 ජනවාරි මාසයේ දී රු. මිලියන 870 ක පමණ දැවැන්ත වියදමක් දරා දීප ව්‍යාප්ත සංගණනයක් සිදුකිරීමට කටයුතු සැලසුම් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අදට (දෙසැම්බර් 18) යෙදී ඇති අතර එය සැමරීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජාතික සංගණනයකින් පරිභාහිර…
ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් යානා සඳහා පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ස්විට්සර්ලන්තයේ “Lantal Textiles” ආයතනය විසින් නිපදවනු ලබන මෙම හරිත බුමුතුරුණු, ගුවන් යානා ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තුලින් සිදුවන පාරසරික බලපෑම අවම කර ගැනීමට උපකාරී වේ. “ශ්‍රීලංකන් ගුවන් යානා තුළ පරිසර හිතකාමී බුමුතුරුණු (Green Carpet) භාවිතයට එක් කිරීම,…
“ජනප්‍රියම මියුසික් වීඩියෝව” සහ “2021 වසරේ වැඩිම දෙනෙකු නැරඹූ මියුසික් වීඩියෝව” සම්මාන දෙකකින් යොහානි පිදුම් ලබයි. පසුගියදා පැවති TV දෙරණ Music Video සම්මාන උළෙලේදී, “ජනප්‍රියම මියුසික් වීඩියෝව” සහ “2021 වසරේ වැඩිම දෙනෙකු නැරඹූ මියුසික් වීඩියෝව” යන සම්මාන දෙකින්ම පිදුම් ලබන්නට, දකුණු ආසියානු ජනප්‍රිය සංගීත තාරකාව – යොහානි සමත් විය. ඇගේ කුළුදුල් ගීත ඇල්බමය වූ “කෙල්ල”…
Video Story