කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (30) දිනයේ දී ඒකක 7.77 ක සුළු ඉහළ යාමක් වාර්තා කරන ලදී. කෙසේවෙතත් S&P SL20 දර්ශකය අද දිනයේ දී ඒකක 14.65 ක පහළ යාමක් සටහන් කර තිබුණි. මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,305.12 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය…
ආයෝජකයින් සඳහා අවශ්‍ය ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීමේ අරමුණින් ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපිත කිරීම සහ කළමනාකරණය කිරීම පිණිස ආයෝජන යටිතල පහසුකම් සංස්ථාව නමින් ව්‍යවස්ථාපිත ආයතනයක් ස්ථාපිත කිරීමටත්, මාර්ග, විදුලිය, ජලය සහ නිවාස වැනි අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ආයෝජන ප්‍රවර්ධන කලාප වෙත සැපයීමේ වගකීම එම සංස්ථාව වෙත පැවරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන…
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ අරමුණින් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2021-04-27 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට එම ආයතනය පොදු සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇති අතර, එහි මූලික ප්‍රාග්ධනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී….
රට තුළ මේ විට ඉදිකිරීම හා සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය කළුගල් අවශ්‍යතාව සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කළුගල් කැණීම් කර්මාන්තයේ නිරත කැණීම්කරුවන් හා ඒ හා සම්බන්ධිත ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ගයන්ට දැඩි බලපෑමක් ඇති වී තිබේ. එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සීමාකාරී තත්ත්වයන්ට යටත්ව කළුගල් අපනයනය තුළින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපයීමේ වැඩපිළිවෙලක් කෙටිකාලීනව ක්‍රියාත්මක කිරීමේ යෝග්‍යතාව…
මෙවර ජාතික නිදහස් දින සැමරුම යෙදී ඇති පෙබරවාරී 04 වනදා දිනය ඉරිදා දිනයක් වන බැවින් ඊට පසු දින, එනම් පෙබරවාරි 05 වන සඳුදා දිනය, නිවාඩු දිනයක් ලෙසට නම් කිරීම සඳහා ඉල්ලීම් ලැබී ඇති බවත් මේ වන තෙක් ඒ සඳහා තීරණයක් ගෙන නොමැති බවත් ස්වදේශ කටයුතු, පළාත්සභා හා පළාත්පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසයි. අද…
එළඹෙන පෙබරවාරි 05 වෙනි සඳුදා දිනය කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබේ. නිදහස් දිනය යෙදී ඇති පෙබරවාරි 04 වන දින ඉරිදා දිනයක් වන බැවින් මෙලෙස පෙබරවාරි 05 වන සඳුදා දිනය කොටස් වෙළෙඳපොළ අතිරේක නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇත.
2024 වසරේ ජනවාරි 28 දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,574 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මෙම වකවානුව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති දිනය ලෙසින් පසුගිය ජනවාරි 15 වන දා වාර්තා වන අතර, එම සංඛ්‍යාව 8,541 කි. මෙම කාලසීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් පැමිණ…
ගෝලීය EY වෘත්තීය සේවා ජාලයේ කොටසක් වන, EY Global Delivery Services (EY GDS) Sri Lanka ආයතනය ශ්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවේ තොරතුරු තාක්ෂණ කුසලතා සංචිතය පෝෂණය කිරීමේ අරමුණින් SLASSCOM හෙවත් ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය සංවිධාන කරන ‘Emerging Tech Webinar Series’ වෙබ් සම්මන්ත්‍රණ මාලාව සඳහා ප්ලැටිනම් අනුග්‍රහකත්වය දක්වයි. මෙම සහයෝගීතාවයේ ප්‍රධාන පරමාර්ථය වන්නේ ශ්‍රී…
රට සහලින් ස්වයංපෝෂිත බැවින් 2024 වසර තුළ සහල් ආනයනය කිරීමට බලාපොරොත්තු නොවන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එසේම 2024 වර්ෂයේදී වී, බඩ ඉරිඟු, අර්තාපල් සහ මිරිස් යන බෝග ජාතික අවශ්‍යතාවයේ ඉලක්කයට ළඟා වීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත…
ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය (ඇ.ඩො. බිලියන 11.85) සහ ඇස්තමේන්තුගත සේවා අපනයන (ඇමරිකානු ඩොලර් බිලියන 3.08) ඇතුළුව 2023 වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 14.94 දක්වා ළඟා විය. එය 2022 වසරේ වාර්තා වූ අගය අගය (ඇ.ඩො. බිලියන 14.99) හා සසඳන විට 0.39%ක පහත වැටීමක් පෙන්වන අතර සේවා අපනයනවල ඇස්තමේන්තුගත වර්ධනය 63% ක් වේ. 2023…
Video Story