Top News

2023 දෙසැම්බරයේ දී සංචාරකයින් 210,000 ක් ශ්‍රී ලංකාවට. ලක්ෂ 15 ඉලක්කය ආසන්නයටම පැමිණෙයි

2023 දෙසැම්බර් මසය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 210,352 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (01) දින නිල වශයෙන් දැනුම් දෙන ලදී. ඒ අනුව 2023 වසරේ මෙරටට පැමිණි සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 ක් වේ. එහිදී 2023 දෙසැම්බර් මාසයේ අවසන් දින 10 තුළ දී 82,305 ක සංචාරකයින් පිරිසක් මෙරටට…

(0)Comments | January 1, 2024 2:00 pm

තිරසාර බව උදෙසා වූ කැපවීම සංකේතවත් කරමින් කොමර්ෂල් බැංකුවේ නවමු ලාංඡනය එළිදකියි

කොමර්ෂල් බැංකුව සංකේතානුසාරයෙන් මෙන්ම වචනානුසාරයෙනුත් තිරසාර බව සඳහා වූ කැපවීම හුවා දක්වමින් 2024 වසර ආරම්භ කර ඇත. දුටු පමණින් හඳුනා ගතහැකි නිල් පාටින් යුත් කොමර්ෂල් බැංකු ලාංඡනයට මින් පසු කොළ පැහැ අංගයක්ද එකතු වේ. ඒ තිරසාර බව, විවිධත්වය, අන්තර්ගතකරණය, යහ පාලනය, විනිවිදභාවය, සමාජ සමානාත්මතාව, වගවීම හා පරිසර හිතකාමී විසඳුම් ආදී වූ බැංකුවේ බහුවිධ කැපවීම පෙන්නුම්…

(0)Comments | January 1, 2024 1:26 pm

DHL වෙතින් පෙරළිකාර තීරණයක්. ලංකාවේ භාණ්ඩ බෙදාහැරීමට මහින්ද්‍රා තෝරාගනී

ලොව විශාලතම ලොජිස්ටික් සමාගමක් වන DHL විසින්, ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් කටයුතු සඳහා Mahindra Ideal City PickUp ට්‍රක් රථ තෝරා ගෙන තිබේ. මේ පිළිබඳව X සටහනක් තබමින් Ideal Motors හි නිර්මාතෘ සහ විධායක සභාපති නලින් වෙල්ගම මහතා පවසන්නේ, ශ්‍රී ලංකාව තුළ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනුවෙන් දේශීයව එකළස් කරන ලද Mahindra Ideal City PickUp ට්‍රක් රථ…

(0)Comments | January 1, 2024 12:02 pm

අද සිට සැමට TIN එකක් අනිවාර්යයි. නැත්නම් 50,000 ක් දඩ

අද (2024 ජනවාරි 01) සිට ක්‍රියාත්මක වන පරිදි අද දිනට හෝ අද දිනට පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයින්, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ පසු, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී, බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (Taxpayer Identification Number – TIN) ලබා ගැනීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. තවද, තක්සේරු වර්ෂයක් (එක් වර්ෂයක අප්‍රේල් මස…

(0)Comments | January 1, 2024 10:49 am

‘පරාටේ’ නීතිය ක්‍රියාත්මක කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ඇති අවසාන විකල්පය ලෙසයි – ශ්‍රී ලංකා බැංකු සංගමය

බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබා ගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (‘පරාටේ’ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බවත්, එසේ නීතිමය පියවර ගන්නේ අවසාන විකල්පය ලෙස බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) ප්‍රකාශ කරයි. බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් සිදු කරන බලපෑම් වලට ප්‍රතිචාරයක් ලෙස…

(0)Comments | January 1, 2024 10:00 am

කොටස් වෙළෙඳපොළ අද වැසෙයි

කොළඹ ‌කොටස් වෙළෙඳපොළ අද (01) දිනයේ දී දෛනික ගනුදෙනු සඳහා විවෘත නොවන බව වාර්තා වේ. කොටස් වෙළෙඳපොළ දින දර්ශනයට අනුව සෑම වසරකම ජනවාරි 01 වන දා කොටස් වෙළෙඳපොළ සඳහා සම්ප්‍රදායික නිවාඩු දිනයක් වන බැවින් මෙලෙස අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා විවෘත නොවනු ඇත. ඒ අනුව 2024 වර්ෂය වෙනුවෙන් හෙට (02) දිනයේ සිට කොළඹ කොටස්…

(0)Comments | January 1, 2024 6:56 am

2023 දී කොටස් වෙළෙඳපොළේ 25%ක වර්ධනයක්

පසුගිය 2023 වසර තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 25.50% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබේ. 2023 වසරේ අවසාන ගනුදෙනු දිනය වූ පසුගිය ‌දෙසැම්බර් 29 වන සිකුරාදා දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිකුත් කරන ලද දෛනික ගනුදෙනු සටහන් වාර්තාවෙහි මේ බව සඳහන් වේ. ඊට අනුව කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන…

(0)Comments | January 1, 2024 6:36 am

ශ්‍රී ලංකාව ලක්ෂ 15ක සංචාරක ඉලක්කය ආසන්නයේ

2023 දෙසැම්බර් මාසයේ දින 28 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 189,605 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටී. මේ අනුව 2023 වසරේ දෙසැම්බර් 28 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී මෙරටට පැමිණ තිබෙන සමස්ත සංචාරකයින්ගේ ප්‍රමාණය 1,466,556 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සංචාරක අමාත්‍ය…

(0)Comments | December 31, 2023 1:59 pm

කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 නොවැම්බර් මාසයේ වාර්තා වූ සියයට 3.4හි සිට 2023 දෙසැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා ඉහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම ඉහළ යෑම, 2023 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා  සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. මාස…

(0)Comments | December 30, 2023 8:41 am

KMC, ශ්‍රී ලංකාවේ ඩිජිටල් මුදල් ගනුදෙනුවල විප්ලවීය වෙනසකට Pay&Go සමග එක්වෙයි

ඩිජිටල් මුල්‍ය ගනුදෙනු  සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මොබයිල් ඇප් එකක් වන Pay&Go සමගින් එක්ව, මහනුවර නගර සභාව (KMC), මුල්‍ය ගනුදෙනු සම්බන්ධ නවතම පෙරළිය සමගින් එක්ව තිබේ. Pay&Go හා ඩිජිටල් හවුල්කාරිත්වයට එළඹෙමින් නගර සභාව, ප්‍රදේශයේ ජනතාවට ස්වකීය මුල්‍ය ගනුදෙනු එනම්, බිල්පත්, වරිපනම් බදු මෙන්ම, අනෙකුත් ගෙවීම් සඳහා ද වඩාත්ම පහසු හා කාර්යක්ෂම අවකාශ සලසා දී…

(0)Comments | December 29, 2023 4:55 pm