වර්ෂයකට රුපියල් මිලියන 80 ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයින් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඊයේ (17) සවස යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. ඔබ ව්‍යාපාරික සබඳතාවයක් ආරම්භ කරන අවස්ථාවේ දී හෝ ඔබේ තොරතුරු වරින් වර සමාලෝචනය කරන අවස්ථාවේ දී හෝ ඔබේ බැංකුව හෝ මූල්‍ය ආයතනය ඉල්ලා සිටින තොරතුරු ලබා දෙන ලෙස එයින් මහජනතාවට දැනුම් දී සිටී. එසේම එම තොරතුරවල යම් වෙනස්කමක් සිදුවුවහොත් ඒ බව දැනුම් දීමද ඔබ…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 5ක් කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ. ඒ අනුව ඊයේ (17) දින සිට බලපැවැත්වෙන පරිදි නෙස්ලේ ලංකා සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වන අතර අද (18) දින සිට බලපැවැත්වෙන පරිදි Indo-Malay, Good Hope, Selinsing සහ Shalimar (Malay) යන සමාගම් ඉවත් වනු ඇත. අදාළ සමාගම් විසින් ස්වෙච්ඡාවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ…
පෙර වීසා ක්‍රමවේදයේ තිබූ සංකීරණභාවය සරල කරමින් නව වීසා ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව, ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහි දී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ…
භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කරගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදෙනු ලැබිණි . මෙම නව කෙටුම්පත සැකසීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන්…
නව විද්‍යුත් ජාතික හැඳුනුම්පතට අදාළව පුරවැසියන්ගේ ජෛවමිතික දත්ත ලබා ගැනීම එළඹෙන ජූනි මාසය ඇතුළත සිදුකිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා පවසයි. අද (18) පෙරවරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක් දී ඔහු මේ බව සඳහන් කළේය. “නව විද්‍යුත් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීමට අදාළව මූලික කටයුතු අපි සම්පූර්ණයෙන්ම අවසන් කරලා…
තිරසාර ආර්ථික වර්ධනයට දායක වන ප්‍රධාන අභියෝග රැසක් සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දීය කර්මාන්ත සමූහය (CII) සහ ලෝක ආර්ථික සමුළුව විසින් ඊයේ (16) ස්විස්ටර්ලන්තයේ දී සංවිධානය කරන ලද වටමේස සාකච්ඡාවට සහභාගී වෙමිනි. මෙහිදී ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික දැක්ම පැහැදිලි කරමින්…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේ කෙටි කාලීන උපාය මාර්ග ලෙස සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය, කෘෂි නවීකරණය සහ පුනර්ජනනීය බලශක්තිය යන ක්ෂේත්‍ර හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා නව ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අපේක්ෂාවෙන් මේ වන විට ශ්‍රී ලංකාව පසුවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ස්විස්ටර්ලන්තයේ දී පැවති ලෝක ආර්ථික සමුළුවේ (WEF)…
මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළට සම්බන්ධ ආයතන ගණනාවකම බලපත්‍ර ගාස්තු, අනුමත කිරීමේ ගාස්තු, ප්‍රමාද ගාස්තු යනාදියෙහි සංශෝධන සිදුකරමින් රජයේ නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා පනත යටතේ මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ආයතනික මූල්‍ය උපදේශක ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතන ආයෝජන කළමනාකාර කළමනාකරණ සමාගම් ආන්තික පහසුකම්…
නිෂ්පාදන සහ සේවා අංශවල ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක 2023 දෙසැම්බර් මාසයේ දී ඉහළ ගියේ ය නිෂ්පාදන ක්‍රියාකාරකම්හි වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2023 දෙසැම්බර් මාසයේ දී දර්ශකාංක 52.7 ක් ලෙස වාර්තා කරන ලදී. මෙම වර්ධනය සඳහා සේවා නියුක්තිය උප-දර්ශකය හැර අනෙකුත් සියලුම උප-දර්ශකයන්ගේ දක්නට ලැබුණු ඉහළ යෑම හේතු විය. සේවා ක්‍රියාකාරකම්හි වර්ධනයක් පෙන්නුම්…
Video Story