Top News

‘ජාතියේ මහා පහන්ටැඹ‘ ලෙසින් ඉදිරියටම ගමන් කරන ලංකා බැංකුව ආර්ථික පුනර්ජීවනයට පෙරමුණ ගනියි

මෙරට බැංකු ක්ෂේත්‍රෙය් දැවැන්තයා වන ලංකා බැංකුව දැයේ ආර්ථික පුනර්ජීවනයට දායකත්වය සපයන අතරම සිය නොසැලෙන නායකත්ව ස්ථාවරත්ළුය තහවුරු කරමින් පසුගිය අභියෝගාත්මක මූල්‍ය වර්ෂය සාර්ථකව අවසන් කරන ලදී. “සෞභාග්‍යා“ කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමය යටතේ වැඩිම ණය ප්‍රමාණයක් (ගනුදෙනුකරුවන් 18,589 දෙනෙකුට රු. බිලියන 39.1 ක් වටිනා ණය ප්‍රමාණයක්) රු. බිලියන 589.4කට වැඩි ණය පහසුකම් සඳහා තාවකාලික…

(0)Comments | April 1, 2021 11:34 am

ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයකින් චීනයේ  සිට “සිනොෆාම්” එන්නත් තොගය දිවයිනට

කොවිඩ් මර්ධනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද  “සිනොෆාම්”  (Sinopharm BBIBP-CorV ) එන්නත් මාත්‍රා තොගය අද උදෑසනය (31)  UL869 දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ බීජිං නුවර සිට  දිවයිනට රැගෙන එන ලදී. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් අංශය විසින් මෙම එන්නත් තොගය හැසිරවීමේ කටයුතු සිදුකරන ලදී.

(0)Comments | March 31, 2021 9:41 pm

2021 මුල් මාස 03 දී කොටස් වෙළෙඳපොළේ සියයට 5ක වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (31) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 7,121.28 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 6.16 ක ඉහළ යාමකි. 2021 වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,774.22 ක් ලෙසින් වාර්තා වූ අතර ඒ අනුව මෙම වසරේ මුල් මාස 03 අවසානයේ දී එහි 5.12%…

(0)Comments | March 31, 2021 5:28 pm

ජාතික ක්‍රිකට් පිලට කළමනාකරුවෙකු සොයයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ කළමනාකාර තනතුර සඳහා සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි මානව සම්පත් දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ දැන්වීමක් පළ කර ඇති අතර එම දැන්වීම පහතින් දැක්වේ.

(0)Comments | March 31, 2021 3:43 pm

වැලිබල් වන් සහ හේලීස් සමාගම් දෙකෙන් ධම්මික පෙරේරාට රු. මිලියන 727 ක ලාභාංශ ආදායමක්

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන ප්‍රධාන සමාගම් දෙක වන වැලිබල් වන් පීඑල්සී සහ හේලීස් පීඑල්සී සමාගම් විසින් 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. මෙහිදී වැලිබල් වන් පීඑල්සී 2021 පෙබරවාරි 22 දින කොටසකට සත 50 ක් බැගින් වන පරිදි පළමු අතුරු ලාභාංශය ප්‍රකාශයට පත්…

(0)Comments | March 31, 2021 1:54 pm

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගම විසින් සිදු කරන ප්‍රකාශය

පිරමිඩ් විල්මා (පුද්ගලික) සමාගමේ (“පිරමිඩ් විල්මා”) කළමනාකාරීත්වය විසින්, මෑත කාලීනව සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය හරහා පැතිර යන, ආනයනික පොල්තෙල් වල අඩංගු ඉහළ මට්ටමේ ඇෆ්ලාටොක්සින් (Aflatoxin)  හා සම්බන්ධව පහත කරුණු අනාවරණය කර සිටියි. 1) පිරමිඩ් විල්මා යනු යහපත් මූලධර්ම සහ ව්‍යාපාරික ප්‍රතිපත්තීන් අනුගමනය කරමින්, සදාචාරාත්මක ලෙස සිය ව්‍යාපාරයේ සියලුම මෙහෙයුම් කටයුතු සිදු කරන ශ්‍රී ලංකාවේ…

(0)Comments | March 31, 2021 1:30 pm

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනයේ මිලියන 50 ක මූල්‍ය වංචාවක් කෝප් කමිටුවේදී අනාවරණය වෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යලයට අනුබද්ධ පශ්චාත් විද්‍යා උපාධි ආයතනය විසින් පවත්වාගෙන ගිය ස්ථාවර තැන්පතු වලින් රුපියල් මිලියන 50 ක මුදලක් එහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය විසින් මහජන බැංකුව පේරාදෙණිය ශාඛාවේ පවත්වා තිබූණු ස්ථාවර තැන්පතු 14ක්…

(0)Comments | March 31, 2021 1:12 pm

ඉතිහාසයේ පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රු. 202 ඉක්මවා යයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 197.62 ක් සහ විකුණුම් මිල රු. 202.04 ක් ලෙසින් සටහන් විය. මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 202 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව…

(0)Comments | March 31, 2021 12:51 pm

කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 09 කින් ඉඩම් කොටස් 16ක් ආයෝජකයින් වෙත

ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටු සහ කර්මාන්ත අමාත්‍යාංශයේ ව්‍යාපෘති ඇගයීම් කමිටුව විසින් නාලන්ද (මාතලේ), බටඅත, කරන්දෙණිය, උඩුකව, ඇඹිලිපිටිය, කළුතර, මඩකලපුව සහ නවගම්පුර යන කර්මාන්තපුර 09ක ඉඩම් කොටස් 16ක් අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ආයෝජකයින් වෙත වෙන් කර දීම නිර්දේශ කර ඇත. ඒ අනුව, වසර 35ක බදු පදනම මත “වෙනත් පාර්ශ්වයන් සඳහා පැවරීමට නොහැක” යන කොන්දේසිය සහ…

(0)Comments | March 31, 2021 11:25 am

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් සේවා පහසුකම්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා ලබා ගැනීම සඳහා එහි ප්‍රධාන කාර්යාලයට, වේරහැර කාර්යාලයට, දිස්ත්‍රික් මට්ටමේ කාර්යාලයන්ට දිනකට විශාල සේවාලාභීන් සංඛ්‍යාවක් පැමිණේ. ඒ හේතුවෙන් සේවාලාභීන් මෙන්ම දෙපාර්තමේන්තු සේවකයින් ද ඇතැම් අවස්ථාවලදී අපහසුතාවලට ලක් වන බැවින් එම තත්ත්වයට පිළියමක් වශයෙන් කල්වේලා ඇතිව සිය සේවාවන් සඳහා වේලාව වෙන් කර ගැනීම, ඒ සඳහා අංකයක් ලබා ගැනීම,…

(0)Comments | March 31, 2021 11:11 am