Top News

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ දායකත්වයෙන් FACETS Sri Lanka 2024 ප්‍රදර්ශනයේ සමාරම්භය උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී

30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක…

(0)Comments | January 8, 2024 8:45 am

Infrastructure Bonds කොටස් වෙළෙඳපොළට

යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ (SEC) අනුමැතිය හිමිව තිබේ. රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් ගෙන ඇති මෙම…

(0)Comments | January 7, 2024 9:55 am

UNICEF සංවිධානය, ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහය ලබා දෙයි

එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 6 වැනිදා දිස්ත්‍රික්ක 9ක පිහිටි 1600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ කෙරෙනු ඇත. මේ වන විට පවතින සරම්ප රෝගය පැතිරීයාම පාලනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව තුළ අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් (Supplementary Immunization Activity – SIA) ක්‍රියාත්මක කිරීම සඳහා UNICEF සංවිධානය සහ WHO (ලෝක සෞඛ්‍ය සංවිධානය) සංවිධානය සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා…

(0)Comments | January 5, 2024 11:46 am

බීඩි කර්මාන්තය ගැන සාකච්ඡාවක්

බීඩි කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (04) පෙරවරුවේ පැවැත්විණි. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක…

(0)Comments | January 4, 2024 4:27 pm

කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමඟ සාමුහික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මගින් අපේක්‍ෂා…

(0)Comments | January 4, 2024 4:21 pm

VAT වදින විදිය ගැන ‘සරසවි’ මෙසේ කියයි

මෙරට ප්‍රමුඛතම පොත්හළක් වන සරසවි බුක්ෂොප් (පුද්) සමාගම විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එකතු කළ අගය මත බදු (VAT) අයකිරීම සම්බන්ධ සිය ගනුදෙනුකරුවන් දැනුවත් කරමින් සරසවි පොත් සමාගම මෙම නිවේදනය නිකුත් කර ඇත. එහිදී ඔවුන් පවසන්නේ මෑතදී රාජ්‍ය බදු ප්‍රතිපත්තියෙහි කරන ලද වෙනස්කිරීම් අනුව අලෙවිකරන සියලුම පොත්පත් සහ ලිපි ද්‍රව්‍ය සඳහා 18% ක එකතු කළ…

(0)Comments | January 4, 2024 2:15 pm

බදු අයකර ගැනීම ගැන අධිකරණ ඇමතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

2023.06.30 දිනට ලැබිය යුතු මුළු බදු ආදායම රුපියල් බිලියන 943ක් බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදු හිමියන් පවා බදු ගෙවා නැහැ පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකියි පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා කලයුතු නෛතික සංශෝධන සඳහා අදහස් ලබා ගැනීමේ විශේෂ රැස්වීමක් අධිකරණ බනධනාගාර…

(0)Comments | January 4, 2024 2:11 pm

මාස 03කින් ජනතාවගේ ජීවන බර 75% කින් අඩු වෙනවා – වෙළෙඳ ඇමතිගෙන් ප්‍රකාශයක්

2024 වර්ෂය ධන ආර්ථික වර්ධන වේගයක් සහිතව ආරම්භ කිරීම නිසා මෙම වසරේ පළමු කාර්තුව අවසන් වන විට ජනතාවගේ ජීවන බර 75% කින් අඩුවන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. පාරිභෝගික අධිකාරිය වෙනුවෙන් මෙම වසර තුළ නව වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් එමඟින් පාරිභෝගික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන…

(0)Comments | January 4, 2024 2:05 pm

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉහළම ආදායම් ලබන ලක්ෂ 50ක් පසුපස

රටේ සමස්ත ආදායමෙන් 60% ක් පමණ බෙදී ගොස් ඇත්තේ සමස්ත ජනතාවගෙන් 20% ක පමණ කොටසකට බවත්, සංඛ්‍යාත්මකව එය ලක්ෂ 50 ක පමණ පිරිසක් වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා පවසයි. ඒ මහතා පවසන්නේ බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකයක් (TIN) නිකුත් කිරීම තුළින් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ එම ලක්ෂ 50ක පිරිස හඳුනාගැනීම බවයි. අද…

(0)Comments | January 4, 2024 1:12 pm

දශ ලක්ෂයක් TIN අරන්

මේ වන විට බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබා ගෙන පිරිස දශ ලක්ෂය ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා, අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන සමඟ අද (04) පෙරවරුවේ එක්වෙමින් මේ බව අනාවරණය කර සිටියේය. “මුලින් කියපු ගැසට් නිවේදනය නිකුත් කරන කොට අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ 437,547…

(0)Comments | January 4, 2024 12:48 pm