මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ උපාධිධාරීන් දසදහසක් පමණ වාර්ෂිකව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් පිටවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ සමත් තරුණ තරුණියන්…
ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් විධිවිධාන පිළිබඳ පළමු සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණේ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල…
ජනපති ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වයි චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) චීන සන්නිවේදන ඉදිකිරීම් සංස්ථාව, සයිනොපෙක් සමාගම, BYD සමාගම ඇතුළු ප්‍රධාන පෙළේ චීන සමාගම් කිහිපයක නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වීය. ශ්‍රි ලංකාවේ අනාගත ආයෝජන අවස්ථා සහ අවකාශයන් පිළිබඳව මෙම සාකච්ඡාවලදි පුර්ණ අවධානය යොමු කෙරිණි. වරාය…
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ දෙවන අදියර සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 1.565 ක සහයෝගීතා රාමු ගිවිසුමකට අත්සන් තැබීමට එහි ප්‍රධාන පාර්ශවකරුවන් වන කොළඹ වරාය නගර ආර්ථික කොමිසම, China Harbour Engineering Company, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සහ Hunan Construction Investment Group පසුගිය දා කටයුතු කරන ලදී. මෙම ගිවිසුම අත්සන් තැබීම සඳහා වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති දිනේෂ් වීරක්කොඩි, China…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිනි මාරියා ෆර්නැන්ඩා ගාසා ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඊයේ (18) පස්වරුවේ මෙරටට පැමිණි ඇය අද (19 ) උදෑසන කොළඹ කොටස් වෙළඳපොලේ සාම්ප්‍රදායික සීනුව නාද කිරීමේ අවස්ථාවට එක් වූවාය. මේ වනවිට ලොව පුරා රටවල් 170 ක් නියෝජනය කරන සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වය ඇති දැවැන්ත සංවිධානයක් වන ජාත්‍යන්තර වාණිජ මංඩලය ගෝලීය වශයෙන් දැනට…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දීමට චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං (Liu Kun) මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත…
කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ එකතු කළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මහජනතාව වෙත දැනුම් දී සිටී. 2015 ජනවාරි 01 දින සිට මෙම නියමය බලපැවැත්වෙනු ඇත. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන්නේ, 2015 ජනවාරි 01 දින සිට 2015 ඔක්තෝබර් 29 දින දක්වා කාලසීමාව තුළ කෘෂිකාර්මික ට්‍රැක්ටර් රථ…
“සබන් නූඩ්ල්ස්” ආනයනයට අදාළව සමාගම් අනුගමනය කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අවධානය යොමිවිය. එසේම 1989 අංක 13 දරණ සුරාබදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ඒ සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වීමද මෙහිදී සිදු විය. මේ සඳහා අනුමැතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී…
Havelock City Mall අතිඋත්කර්ෂවත් අයුරින් අද (19) පෙරවරුවේ දී විවෘත විය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් මෙම වෙළඳ සංකීර්ණය හරහා මෙරට ජනතාවට අසමසම සාප්පු සවාරි අත්දැකීමක් සහ විනෝදාස්වාද අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. වර්ග අඩි 200,000කට වඩා වැඩි ඉඩ ප්‍රමාණයක විහිදෙන මෙම වෙළඳ සංකීර්ණය නිසැකවම පාරිභෝගිකයන්ගේ පාරාදීසයක් වනු ඇත. එමෙන්ම ODEL, Cargills…
Video Story