Top News

සාවද්‍ය තොරතුරු සමාජගත වීමේ අභියෝගය ජය ගැනීම – ඉන්දික ද සොයිසා

මැතිවරණවලදී සමාජ මාධ්‍යවල තීරණාත්මක කාර්යභාරය තාක්ෂණික දියුණුව හමුවේ සමාජ මාධ්‍ය වේදිකා අපගේ සාමූහික ඩිජිටල් කතිකාවේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. මෙම වේදිකා අපගේ සන්නිවේදන වපසරිය තුළ විප්ලවීය වෙනසක් කර ඇති අතර දේශපාලන ක්ෂේත‍්‍රයේ, විශේෂයෙන් මැතිවරණ වලදී ප‍්‍රබල බලපෑම්කරුවෙකු ලෙස ඉස්මතු වී ඇත. අපගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාවලීන් කෙරෙහි සමාජ මාධ්‍යවල බලපෑම මම දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කර ඇති අතර,…

(0)Comments | October 23, 2023 12:27 pm

අදානි සිමෙන්ති සමාගම, ඩොලර් බිලියන 3.5ක ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන වසර 3ක කාලසීමාවකින් අවසන් කරයි

අදානි සිමෙන්ති සමාගම , එන්ඩෝවර් ට්‍රේඩ් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් හරහා,  ජාත්‍යන්තර බැංකු 10ක් මගින් ලබා ගත් ඇමරිකානු ඩොලර් මිලියන 3,500ක (ඇමරිකානු ඩොලර් බිලියන 3.5)  මූල්‍ය පැකේජයක් හරහා සිය  අම්බුජා සහ ACC නිෂ්පාදන වෙනුවෙන් සිදු කළ ප්‍රතිමූල්‍යකරණ වැඩසටහන සාර්ථකව නිම කිරීමට සමත් වූ බව සතුටින් නිවේදනය කරයි. මෙම ව්‍යාපෘතිය මගින්  ගෝලීය මූල්‍ය වෙළෙඳපොළ තුළ අදානි සමූහය…

(0)Comments | October 23, 2023 12:20 pm

ශ්‍රී ලංකාව ජාතික අපනයන උපායමාර්ගය යාවත්කාලීන කරයි

ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය සඳහා සැලකිය යුතු පියවරක් ලෙස පවතින අපනයන උපායමාර්ගික සැලැස්ම (ජාතික අපනයන උපායමාර්ගය 2018-2022) යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙහෙයවනු ලබන මෙම වැඩපිළිවෙල සදහා ජිනීවා හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයෙන් (ITC) තාක්ෂණික සහාය ලබාගෙන ඇත. ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC)…

(0)Comments | October 23, 2023 11:16 am

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමේ සැලසුමක්

ඉන්දියාව සහ ලංකාව එක්ව විදුලිබල පද්ධතිය දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සිදුවන්නේ මන්නාරම දිස්ත්‍රික්කය හරහා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ මන්නාරම මුසලි ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති ජාතික මීලාදුන් නබි උත්සවය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අද අපි…

(0)Comments | October 23, 2023 6:18 am

ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

සෙලින්කෝ සමූහයේ හිටපු සභාපතිවරයා හා සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 85 වැනි වියෙහි පසුවිය. ලලිත් කොතලාවල මහතා 2000 දශකය මැද භාගයේ දී මෙරට ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සිටි අයෙක් විය. කෙසේවෙතත් සෙලින්කෝ සමූහයේ අනුබද්ධිත සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ…

(0)Comments | October 21, 2023 10:29 am

ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පන්දු යැවීමේ පුහුණුකාර තනතුරට

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කළ බව නිල වශයෙන් නිවේදනය කර සිටී. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ ෂේන් බොන්ඩ් එම තනතුරට සමුදීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මෙලෙස ලසිත් මාලිංගව පත් කර ඇත.

(0)Comments | October 20, 2023 5:39 pm

ශ්‍රී ලංකාවේ ආයෝජන වැඩි කිරීමට චීනය සැරසෙයි

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමූළුවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ කතාව මඟින් ශ්‍රී…

(0)Comments | October 20, 2023 4:29 pm

කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වර්ධනයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල වාර්තාගත ඉහළ යාමක් අද (20) දිනයේ දී දැක ගත විය. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 260.11 කින් ඉහළ ගොස් ඒකක 10,850.53 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 106.92 කින් ඉහළ ගොස් ඒකක 3,059.00 ක් ලෙසත් සටහන වී තිබුණි. අද දින සමාගම් 153 ක කොටස් මිල…

(0)Comments | October 20, 2023 4:17 pm

“මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ පුහුණු ශ්‍රම බළකායේ හිඟය පියවීමට උසස් පෙළ සමත් තරුණ තරුණියන් පුහුණු කළ යුතුයි” – කනක හේරත්

මෙරට තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා අවස්ථා විසිදහසක් වාර්ෂිකව ඇති වන නමුත්, එම රැකියා පුරප්පාඩු පියවීමට අවශ්‍ය පුහුණු ශ්‍රම බළකායේ හිඟයක් ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය. තොරතුරු තාක්ෂණ කේෂ්ත්‍රයේ උපාධිධාරීන් දසදහසක් පමණ වාර්ෂිකව රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල වෙතින් පිටවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ සමත් තරුණ තරුණියන්…

(0)Comments | October 20, 2023 9:07 am

“ලබන වසරේ ජූනි මාසය වන තුරු රට තුළ ඉන්ධන හිඟයක් ඇති වීමේ අවධානමක් නැහැ” – ඩී.වී චානක 

ලබන වසරේ ජූනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිඳු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසීය. මෙරටට ඉන්ධන සැපයීමේ අවස්ථාව චීනයේ සිනොපෙක් සමාගමට ලබාදීමත් සමග වසරකට ඩොලර් මිලියන 500කට අධික විදෙස් විනිමයක් රට තුළ ඉතිරි කර ගැනීමට…

(0)Comments | October 20, 2023 8:55 am