“ස්වභාවික සුසංයෝගය වෙනුවෙන් හරිත සේද මාවත” මැයෙන් පැවති ඉහළ පෙළේ සම්මන්ත්‍රණය අමතමින් ජනපති පවසයි. ලෝකයේ ජෛව විවිධත්වය බහුලම ප්‍රදේශය ඝර්ම කලාපීය රටවල් වන බැවින් එම රටවල් කේන්ද්‍රකර ගනිමින් සුවිශේෂි වැඩපිළිවෙළක් දියත් කළයුතු බවත් අනාගත දේශගුණික විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණදීමට එමඟින් දැවැන්ත රුකුලක් ලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. ලෝකයට ආවේණික ශාඛ ප්‍රභේදයන්ගෙන් 80%ක් හා…
ධීවර කර්මාන්තයටම විශේෂිත වූ ආයෝජන කලාපයක් උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම සඳහා මේ වන විට වැඩ පිළිවෙළක් සකස් කෙරෙමින් පවතින බවත් ඒ හරහා ධීවර කර්මාන්තයට අදාළ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීමට මෙන්ම විශාල පිරිසකට රැකියා අවස්ථා ලබාදීමට හැකිවන බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. ධීවර කර්මාන්තයට මෙන්ම පාරිභෝගිකයාට ඉමහත් පාඩුවක් ගෙන දෙමින් අතරමැදියන් පිරිසක්…
2023 ඔක්තෝම්බර් 15වන දින වන විට මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,066,651ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාව මගින් පෙන්වා දෙයි. එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී විදෙස් සංචාරකයින් 50,395 ක් මෙරටට පැමිණ ඇති බවයි. 2023 ඔක්තෝම්බර් මාසයේ මුල් දින 15 තුළ දී පැමිණ…
රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන විසිතුනක් පවත්වාගෙන යනු ලබන…
ශ්‍රී ලාංකේය ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Havelock City Mall සුපිරි සාප්පු සංකීර්ණය හෙට (19) දිනයේ දී විවෘත වීමට නියමිතය. හෙට පෙරවරු 10.00 සිට මෙම සාප්පු සංකීර්ණය මහජනතාව වෙනුවෙන් විවෘත වේ. මහල් 6කින් යුතු මෙම සුපිරි සාප්පු සංකීර්ණය ජාත්‍යන්තර සන්නාම රැසකින් සමන්විත සාප්පු, අවහන්හල් සහ සිනමා ශාලා 6කින් යුතු සුපිරි…
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීඑල්සී හි රජය සතු කොටස් හිමිකාරීත්වය විකිණීම සඳහා අභිලාශ ප්‍රකාශ කිරීමට ආරාධනා කරමින් අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික සහ ජාත්‍යන්තර පුවත්පත් හා සඟරාවල දැන්වීම් පළ කිරීමට පියවර ගෙන ඇති බව එම සමාගම නිවේදනය කර සිටී. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යූහගතකරණ කමිටුව විසින් මෙම දැන්වීම් පළ කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය නියෝජනය…
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩපිළිවෙල (WFP) සමඟ එක්ව ලෝක ආහාර දිනය සනිටුහන් කළේ ශ්‍රී ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන, තිරසාර කෘෂිකර්ම ක්ෂේත්‍රයක් වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවය අවධාරණය කරමිනි. FAO සහ UN Water විසින් 2021 දී නිකුත් කරන ලද වාර්තාවක, ශ්‍රී ලංකාව…
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ නව සභාපතිනි වන මාරියා ෆර්නැන්ඩා ගාර්සා (Maria Fernanda Garza) මහත්මිය, පස් දින නිල සංචාරයක් සඳහා , අද පස්වරුවේ (18) කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ. මෙම සංචාරය අතරතුර ඇය මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සමග සාකච්ඡා පැවැත්වීමටද…
ශ්‍රී ලංකාවේ පාසල් ඩිජිටල්කරණය සඳහා හුවාවි සමාගමේ සහාය ලබාදීම පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබේ. ශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය. තම සමාගම දැනටමත්…
තරගකාරි හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රි ලංකාව ක්‍රමිකව ඉදිරියට යමින් සිටින බැවින් අනාගත ව්‍යාපාරික අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාව වේදිකාවක් කර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන ව්‍යාපාරිකයන්ට ආරාධනා කර සිටියේය. චීනයේ සිව් දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පස්වරුවේ බීජිං නුවර ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ පැවති ආයෝජන, වෙළෙඳ සහ…
Video Story