Top News

අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වළකින්නැයි මහ බැංකුව බැංකුවලට කියයි

බලපත්‍රලාභී බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම් ඇතුළු අභිමතානුසාරී ගෙවීම් සම්බන්ධයෙන් විවිධ මත පළ වෙමින් පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් ඒ පිළිබඳ පහත පැහැදිලි කිරීම් සිදු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. මීට පෙර, 2020 මැයි 13 වැනි දින නිකුත් කරන ලද විධානයක් මගින්, කොවිඩ්-19 ව්‍යසනයේ ව්‍යාප්තිය සමඟ හටගත් සුවිශේෂී තත්ත්වයන් හමුවේ, බලපත්‍රලාභී බැංකුවල ද්‍රවශීලතා සහ ප්‍රාග්ධන…

(0)Comments | January 25, 2021 11:29 am

ශ්‍රී ලංකාව සංචරණයට විවෘත කිරීමත් සමඟම ජර්මන් ජාතික ආයුර්වේද සංචරණ නියෝජිත පිරිසක් පැමිණෙයි

ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර සංචාරකයන්ට තම සීමාමායිම් විවෘත කිරීමත් සමඟම මුල්වරට ජර්මන් ජාතික සංචාරක ව්‍යාපාර නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ආයුර්වේද සුවතා නිවාඩුවක් ගත කිරීමට, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට  පැමිණ ඇත. මෙසේ පැමිණි සංචාරක ව්‍යාපාරයේ නියුතු ජර්මනියේ සුප්‍රසිද්ධ “ෆිට් රයිසන්” (Fit Raisen) සමාගම් නියෝජිතයන් ජර්මනියේ ආයුර්වේද සංචාර ප්‍රවර්ධනයට මෙන්ම ආයුර්වේද චාරිකා සඳහා ජර්මනියේ ජනප්‍රසාදය දිනා…

(0)Comments | January 25, 2021 11:15 am

කොටස් වෙළෙඳපොළෙන් අද ඓතිහාසික වාර්තාවක්

ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශකය තනි දිනක් තුළ සටහන් කළ ඉහළම අගය අද (22) වාර්තා විය. ඒ පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 332.18 ක වර්ධනයක් වාර්තා කිරීමත් සමඟිනි. මේ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම…

(0)Comments | January 22, 2021 3:05 pm

ඩොලරය 200 පනී

ශ්‍රී ලංකා රුපියල මත එල්ල වී ඇති විනිමය පීඩනය යළිත් වරක් පිළිබිඹු කරමින් එක්සත් ජනපද ඩොලරයක රුපියල් වටිනාකම අද දිනයේ දී තවදුරටත් ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 194.31 ක් ලෙසින් සටහන්ව ඇති අතර විකුණුම් මිල සටහන්ව ඇත්තේ රු….

(0)Comments | January 22, 2021 1:36 pm

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 2020 දෙසැම්බර් මාසයේ දී පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 නොවැම්බර් මාසයේ පැවති සියයට 5.2හි සිට 2020 දෙසැම්බර් මාසයේ දී සියයට 4.6 දක්වා පහළ ගියේ ය. 2019 දෙසැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020…

(0)Comments | January 22, 2021 12:34 pm

ඔන්ලයින් තාක්ෂණයෙන් තවත් කෝප් කමිටු රැස්වීමක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) මාර්ගගත ( ඔන්ලයින්) තාක්ෂණය උපයෝගී කර ගනිමින් තවත් කමිටු රැස්වීමක් ඊයේ (21) පැවැත්විය. පොල් සංවර්ධන අධිකාරියේ මූල්‍ය කටයුතු විමර්ශනය සදහා එම අධිකාරියේ නිලධාරීන් ඊයේ කෝප් කමිටුව හමුවට කැදවා තිබිණි. මෙහිදී ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීහු ඔන්ලයින් තාක්‍ෂණය හරහා රැස්වීමට සහභාගී වූහ. මහාචාර්ය චරිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම රැස්වීමට අමාත්‍ය මහින්ද…

(0)Comments | January 22, 2021 12:21 pm

ශ්‍රී ලංකාව යළි සංචාරකයින්ට විවෘත බව ඉන්දියාවට කියයි

ජාත්‍යන්තර සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව නැවත විවෘත කිරීම නිවේදනය කිරීම සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් අන්තර්ජාලය හරහා ඉකුත් 19 වැනි දින බටහිර ඉන්දියාවේ දී පැවැත්විණ. ඊයේ (21) සිට ශ්‍රී ලංකාව නැවත  සංචාරකයින් සඳහා  විවෘත කිරීම හා සම්බන්ධ “ආරක්ෂිත පිළිවෙත්” පිළිබඳව අගැයීම සඳහා ඉන්දියානු වෙළඳපොළ සඳහා සංවිධානය කරන ලද පළමු දැනුවත් කිරීමේ සැසිය මෙය විය. ශ්‍රී…

(0)Comments | January 22, 2021 11:55 am

මහ බැංකුව අනතුරු අඟවයි

අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන්න ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම් හරහා විවිධ වර්ගයේ මුල්‍ය වංචා සිදු කෙරෙන බව තොරතුරු ලැබී ඇත. මෙම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කර ගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරේ. එවැනි…

(0)Comments | January 22, 2021 9:24 am

ධම්මිකගේ ධනය දවසක දී කෝටි 1,500 කින් ඉහළට

මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහ දෙකක් වන හේලීස් පීඑල්සී සහ වැලිබල් වන් පීඑල්සී හි කොටස් මිල ගණන් අද දිනයේ දී සුවිශේෂී ලෙස ඉහළ යාම හේතුවෙන් එම සමාගම් හි ප්‍රධානතම කොටස් හිමියා වන මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ වත්කම් අද දිනය තුළ දී පමණක් රු. බිලියන 15.33 කින් හෙවත් රු. කෝටි 1,533 කින් ඉහළ ගොස්…

(0)Comments | January 21, 2021 6:01 pm

මෙරටට පැමිණි කෝටිපති ආයෝජකයා ශ්‍රී ලංකාව ගැන මෙසේ කියයි

පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරකය නිරත වූ ලොව සුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රොත්ස්චයිල්ඩ් පවුලේ සාමාජිකයෙකු වන නතෑන්යල් රොත්ස්චයිල්ඩ් මහතා සිය සංචාරය සාර්ථකව අවසන් කළ බව ට්විටර් සටහනක් තබමින් කියා සිටී. ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවේ යෝග්‍යභාවය පිළිබඳව හැදෑරීම මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වූ බව ඔහු එහිදී කියා සිටී. ශ්‍රී ලංකාවේ සංචාරය අතරතුර දී මෙරට ප්‍රමුඛතම රැහැන්…

(0)Comments | January 21, 2021 4:53 pm