Top News

ණය ප්‍රතිව්‍යූහගතකරණයට චීන සහාය. මුදල් අමාත්‍යාංශයෙන් නිල නිවේදනයක්

ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබා ගෙන ඇති ඩොලර් බිලියන 4.2ක පමණ වන හිඟ ණය ආවරණය කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ දිගු කාලීන ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ…

(0)Comments | October 12, 2023 5:35 pm

ශ්‍රී ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ Amul – කාගිල්ස් එක්වෙයි

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (Amul ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට එළඹීම ඊයේ (11) සිදුවිය. ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණි…

(0)Comments | October 12, 2023 9:35 am

ජනපති සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක් – දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවන නව ගිවිසුම් 03ක්

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට…

(0)Comments | October 12, 2023 6:45 am

තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනයට CDB – CodeGen එක්වෙයි

විදුලි වාහන සම්බන්ධ පූර්ණ සේවා පද්ධතියක් සඳහා CodeGen සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කරයි CDB හි තිරසාර ප්‍රවාහන සේවා විසඳුම්වල ඉදිරි පියවරක් වශයෙන් e Shift Concept Center දියත් කෙරේ මෙරට හරිත ආර්ථිකය දියුණු කිරීමට දායක වීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් සමාගම (Citizens Development Business Finance PLC – CDB) පසුගියදා e Shift Concept Center නිල වශයෙන්…

(0)Comments | October 11, 2023 4:01 pm

SLT-MOBITEL ආයතනික යහපාලනය ශක්තිමත් කරමින් නව දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් හඳුන්වා දෙයි

ස්වාධීන මණ්ඩලයක් සමග විනිවිදභාවය සහිත වාර්තා කිරීම් ක්‍රම එකතුවක් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වැඩිදියුණු කළ දුෂ්කෘත නිවේදන ක්‍රියාවලියක් (Whistleblowing Procedure) හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙහි ප්‍රධානතම අංගයක් වශයෙන්, වාර්තා වන සිදුවීම් සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා, SLT-MOBITEL…

(0)Comments | October 11, 2023 3:51 pm

ඔක්තෝබර් මුල් දින 08 තුළ සංචාරකයින් 26,000ක් දිවයිනට

2023 ඔක්තෝබර් 08 වන දා වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,042,528 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම වාර්තාවක සඳහන් කර සිටී. එම වාර්තාවට අනුව 2023 ඔක්තෝබර් මාසයේ මුල් දින අට තුළ දී විදෙස් සංචාරකයින් 26,272 ක් මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. ඔක්තෝබර් මුල් දින අට තුළ මෙරටට…

(0)Comments | October 11, 2023 1:35 pm

තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙළ සමඟ සක්‍රීයව එක්වන ලෙස ජනපති පෞද්ගලික අංශයට ආරාධනා කරයි

ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. තාක්ෂණ හා හරිත ආර්ථිකයක් කරා රට ගෙන යාමේ වැඩපිළිවෙල සමඟ සක්‍රීයව එක්වන ලෙස තමන් පෞද්ගලික අංශයට විවෘත ආරාධනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික ක්‍රියාවලි කළමණාකරන වෘත්තීය ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද…

(0)Comments | October 11, 2023 1:01 pm

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපානය මෙරටට සිදුකළ ප්‍රදානයන් නිල වශයෙන් භාරදෙයි

හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන, පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් භාරදීම පසුගිය (09) දා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ජපනයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති…

(0)Comments | October 11, 2023 12:06 pm

හය කෝටියේ ගොවිසෙත ජයග්‍රාහකයෝ

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව ලොතරැයිපත් නිකුත් කිරීම හා සුපිරි ත්‍යාග ලාභීන්ට චෙක්පත් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ 60 වන සංවත්සරය නිමිත්තෙන් නව ලොතරැයිපත් වන ‘මෙගා මිලියනස්’ හා ‘මෙගා 60’ වෙළඳපළට නිකුත් කිරිම හා සුපිරි ත්‍යාග ලාභීන් වෙත චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහාතගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (10) සිදු කෙරිණි. ගොවිසෙත 3471 සහ 3477…

(0)Comments | October 10, 2023 5:39 pm

විදෙස් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට යෝජනාවක්

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කර ගත යුතු ප්‍රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම පිණිස සහ වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි වෛද්‍ය ආඥාපනතේ විධිවිධාන සංශෝධනය කිරීම පිණිස යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීම පිණිස 2023-05-02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය…

(0)Comments | October 10, 2023 12:22 pm