Top News

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයෙන් නිවේදනයක්

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රය තුළ පිහිටි Angsana Gym ශරීර සුවතා මධ්‍යස්ථානයේ කණ්ඩායම් සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු එම ශරීර සුවතා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් කළමනාකාරීත්වය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | November 13, 2020 6:49 pm

ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ  පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට පත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය. 2020 අප්‍රේල් මාසයේදී කොවිඩ්…

(0)Comments | November 13, 2020 12:24 pm

මෙය දේපළ සඳහා ආයෝජනය කිරීමට සුදුසු කාලයක්ද?

ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගමේ ව්‍යාපාර ක්ෂේත්‍ර ප්‍රධානී නයන මාවිල්මඩ මහතා විසිනි කොළඹ නගරයේ දේපළ යනු බොහෝ දෙනෙකුට සිතීමට පවා අපහසු වූ ආයෝජනයකි. කෙසේ නමුත්, මේ වනවිට ඒ සඳහා යම් යම් ඉඩප්‍රස්ථා විවෘත වී තිබේ. ස්ථාවර තැන්පතු සඳහා ලැබෙන පොලී අනුපාත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා පහළ ගොස් ඇති නිසා, ආදායම් මාර්ගයක් ලෙස තවදුරටත් එය සැලකිල්ලට ගත…

(0)Comments | November 13, 2020 12:58 am

2020 විසර්ජන පනත් කෙටුම්පත සම්මතයි

2020 විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද (12) පාර්ලිමේන්තුවේදි සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි. විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවන වර කියවීම ඡන්ද විමසීමකින්තොරව සම්මත විය. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන රැසක් එක්වීමෙන් අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර…

(0)Comments | November 12, 2020 9:39 pm

උකස් ණය වැඩිවෙලා තිබෙන්නේ රු. බිලියන 27 කින් පමණයි – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් පැහැදිලි කිරීමක්

ජනතාව උකස් හරහා රු . බිලියන 643 ක් මෙම වසර තුළ දී ලබා ගෙන ඇති බවට විපක්ෂ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය වැරදි ඉලක්කමක් බවත් මෙම වසරේ සැප්තැම්බර් 30 වන විට මෙරට සියලුම බැංකු හා මූල්‍ය ආයතනවලින් උකස් හරහා ලබා දී තිබූ සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 237 ක් පමණක්…

(0)Comments | November 12, 2020 2:11 pm

නිදහසෙන් පසු වැඩිම ණය මේ වසරේ දී ලබා ගෙන. රාජ්‍ය ආදායම අඩුවීමෙන් රු. කෝටි හැටදහසක පාඩුවක් – කබීර් හෂීම්

ශ්‍රී ලංකාව නිදහසෙන් පසු වසර 73 ක් කාලය තුළ මෙතෙක් ලබා ගෙන ඇති වැඩිම ණය ප්‍රමාණය මෙම වසරේ දී ලබා ගෙන ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි. අද (12) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය ඉතා අවිධිමත්එකක් බවයි. එසේම වෘත්තීය ප්‍රමිතියකින් තොර, නොගැළපෙන, ආධුනික, මනෝකල්පිත මූල්‍ය න්‍යයායක්…

(0)Comments | November 12, 2020 2:10 pm

2020 අයවැය කතාව

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම අද (12) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම සම්පූර්ණ අයවැය කතාව පහතින් දැක්වේ. ගරු කතානායකතුමනි, 2020 සඳහා විසර්ජන පනත දෙ වැනි වර කියවීම මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්. මෙම විසර්ජන පනත, මා මුදල් ඇමැතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන…

(0)Comments | November 12, 2020 12:08 pm

2021 අයවැය විවාදය දින 21ක්

2021 වසර සඳහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය දින 21 ක් විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. ඒ අනුව ලබන 18 සිට 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය සිදුවන අතර දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වන දා පස්වරු 5ට සිදුකරන බව පාර්ලිමේන්තුවේ…

(0)Comments | November 12, 2020 12:31 am

CHEC පෝර්ට් සිටි කලම්බු නිල නිවේදනය මෙන්න

නිල නිවේදනය: CHEC පෝර්ට් සිටි කලම්බු සමාගම COVID-19 පැතිරීම වැළැක්වීමට දැඩි පියවර ගනී 2020 නොවැම්බර් 11 දින, චීන වරාය ඉංජිනේරු සමාගම (CHEC ) විසින් සිදු කරන කොළඹ 13 කොටහේන ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘතියක සේවය කරන අතරතුර කොළඹ පොර්ට් සිටි ඉදිකිරීම් පරිශ්‍රයේ පිහිටි නවාතැන් ස්ථාන වලින් එකක තාවකාලිකව නවාතැන් ගෙන සිටි ශ්‍රී ලාංකික සේවකයන් දෙදෙනෙකුට සහ…

(0)Comments | November 11, 2020 9:47 pm

තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන් යකඩ, පිත්තල, චීනච්චට්ටි, අබලි ඇලුමිනියම් කුට්ටි සහ සින්ක් කුට්ටි අපනයනය තහනම්

“කර්මාන්ත හා ව්‍යවසාය පිළිබඳ අන්තර් අමාත්‍යාංශීය කාර්යසාධක බලකාය” හා “ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන කාර්යසාධක බලකාය” විසින් සිය රැස්වීම්වලදී ලෝහ කර්මාන්තයේ පවතින ගැටලු සාකච්ඡාවට ගනු ලැබ ඇති අතර, එම සාකච්ඡාවලදී තීරණය කර ඇති පරිදි දේශීය ලෝහ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමාණවත් අමුද්‍රව්‍ය සැපයීමේ අරමුණින් වහාම ක්‍රියාත්මක වන පරිදි තඹ, ඇලුමිනියම්, සුදු යකඩ, අධි කාබන්…

(0)Comments | November 11, 2020 2:09 pm